Last Update  :  2025-08-17 19:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තුන්වැනි තරගය කුලේ වෙනුවෙන්

තුන්වැනි තරගය කුලේ වෙනුවෙන්

යොහාන් භාසුර - 2019 ජුලි මස 29 {{hitsCtrl.values.hits}} Views 2 Comment
A A A

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී අනිද්දා (31) පැවැත්වෙන තෙවැනි සහ අවසන් එක්දින ක්‍රිකට් තරගයේදී හිටපු වේග වේග පන්දු යවන ක්‍රීඩක නුවන් කුලසේකර ඇගයීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සැළසුම් කර තිබේ.

මෙම තරගය නුවන් කුලසේකර වෙනුවෙන් නම්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ. තරගය අවසන් වීමෙන් පසුව ත්‍යාග ප්‍රදානය අවස්ථාවේදී කුලසේකර වෙනුවෙන් විශේෂ තිළිණයක් ප්‍රදාන කිරීමට නියමිතය.  

ලෝක එක්දින ක්‍රිකට් පිටියේ පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරිමේ පළමු ස්ථානය හිමිකරගත් එකම ශ්‍රී ලාංකික පන්දු යවන්නා වන කුලසේකර පසුගියදා නිල වශයෙන් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගත්තේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති ශම්මි සිල්වා මහතාගෙන් කළ විමසුමේදී  පැවසුවේ නුවන් කුලසේකර ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවට කළ සේවය ඇගයීම වෙනුවෙන් මෙම තරගය යොදා ගන්නා බවත් එහිදී ඔහුට විශේෂ ඇගයීමකට ලක්කිරීමට නියමිත බවත්ය.

දකුණතින් වේග පන්දු යවන 37 හැවිරිදි කුලසේකර ටෙස්ට් තරග 21 කදී කඩුලු 48 ක් ද, එක්දින ජාත්‍යන්තර තරග 184 කදී කඩුලු 199 ක් ද, විස්සයි20 ජාත්‍යන්තර තරග 58 කදී කඩුලු 66 ක් ද, දවාගෙන තිබේ.

කුලසේකර එක්දින ලෝක කුසලාන තරගාවලි දෙකකට සහ විස්සයි20 ලෝක කුසලාන තරගාවලි තුනකට ක්‍රීඩා කර ඇති අතර කුලසේකර 2014 විස්සයි20 ලෝක ශූර ශ්‍රී ලංකා පිලේ ප්‍රබල සාමාජිකයෙකි.

මෙම තරගය නැරඹීමට හිටපු සහ වර්තමාන ජාත්‍යන්තර මට්ටමේ ක්‍රිකට් ක්‍රීඩකයන් රැසක් සහභාගි වීමට නියමිතව බව ද දැනගන්නට තිබේ.

 


අදහස් (2)

තුන්වැනි තරගය කුලේ වෙනුවෙන්
  • කපිල Tuesday, 30 July 2019 05:24 AM

    තරගාවලිය දිනලා තියෙන එකේ කුලේට ගහන්න දුන්නනම් නේද හොඳ ?

    Reply 0       0

    jayalath Tuesday, 30 July 2019 08:38 AM

    නුවන් කුලසේකරට අවසන් වරට එක්දින තරගයට ක්‍රීඩා කිරීමට අවස්ථාව ලබා දීම මගින් අපේ ක්‍රිකට් කණ්ඩායම හොඳ කාර්යයක් ඉටු කර ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ විශිෂ්ඨ දග පන්දු යවන්නෙකු වන කුලසේකරට සුබ පැතුම් ! ඩුබායි සිට ...

    Reply 0       0


ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.