Last Update  :  2025-06-27 21:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story තායිලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් මල්ලක්

තායිලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් මල්ලක්

editorial - 2025 ජුනි මස 24 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

බැංකොක් නුවරදී හෙට (25) නිමාවට පත් වන තායිලන්ත විවෘත මලල ක්‍රීඩා තරගාවලියේදී ශ්‍රී ලංකාව අද (24) සහභාගිත්වය අවසන් කරන විට රන් පදක්කම් හයක් ඇතුළුව රිදී පදක්කම් හතරක් හා එක් ලෝකඩ පදක්කමක් දිනා ගැනීමට සමත් විය.  ඊට ශ්‍රී ලංකාව ක්‍රීඩ්ක ක්‍රීඩිකාවන් අට දෙනෙකු සහභාගී කිරීමේදී ඉන් හත් දෙනෙකුම පදක්කම් දිනා ගැනීමට සමත්වීම කැපී පෙණුනි.

අද දිනයේදී ශ්‍රී ලංකාව රන් පදක්කම් තුනක් සිය පදක්කම් ගොන්නට එකතු කර ගෙන තිබුණි. මීටර 800 (කාන්තා) ඉසව්වෙන් නිමාලි ලියනාආරච්ච් (විනාඩි 2 තත්පර 10.46) එහි පිරිම් ඉසව්වෙන් රුසිරු චතුරංග ගාල්ලගේ (විනාඩි1තත්පර 50.01) හා වක්ෂාන් වික්නරාජ් මීටර 5000 (පිරිමි) ඉසව්වෙන් (විනාඩි 15 තත්පර 04.56) ඊයේ රන් පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ වෙති.

කණ්ඩායම් නායිකාව ලෙස මෙම තරග සංචාරයට එක්ව සිටින ජේය්‍යෂ්ඨ ක්‍රීඩිකා නිමාලි ලියනාආරච්ච් විදෙස් තරග සංචාරයකට සහභාගි වන්නේ වසර 2021 ජූලි මාසයට කල් දමමින් පැවැත්වූ 2020 ටෝකියෝ ඔලිම්පික් උළෙලෙන් පසුවය.

ඒ අනුව රුසිරු චතුරංග හා මධුෂානි හේරත් (දුර පැනීම හා තුන් පිම්ම- කාන්තා) මෙම තරගාවලියේදී ද්විත්ව රන් පදක්කම්ලාභියෝ බවට පත්ව සිටිති.

ඊයේ දිනයේදී මීටර 400 - කඩුලු  (පිරිමි) ඉසව්වේ රිදී පදක්කම තත්පර 50.75 කට හිමි කර ගත්තේ ශ්‍රී ලංකා  ක්‍රීඩක අයෝමාල් අකලංක ලියනගේ විසිනි. තුන් පිම්ම (පිරිමි) ඉසව්වේ ලෝකඩ පදක්කම ඊයේ අත් කර ගත් ශ්‍රී ලංකා ක්‍රීඩකයා වූයේ සෆ්රාන් අහමඩ් නජිමූදීන් විසිනි. ඒ මිටර 15.94 කටය.

නිමාලි ලියනාආරච්ච් මීට පෙර මීටර 1500 (කාන්තා) ඉසව්වේ රිදී පදක්කම  හා වක්ෂාන් වික්නරාජ් මීටර 1500 (පිරිම්) ඉසව්වෙන් රිදී පදක්කම හිමි කර ගැනීමෙන් ඔවුන්ද තරගාවලියේ ශ්‍රී ලංකා ද්විතව පදක්කම්ලාභීන් බවට පත්ව සිටිති.

තායිලන්ත විවෘත තරගාවලියේ ශ්‍රී ලංකාව මෙතෙක් දිනා ගත් වැඩිම පදක්කම් ගණන ඒ අනුව මෙවර තරගාවලියේදී වාර්තාවී තිබේ.

මීටර 5000 (පිරිමි) ඉසව්වේ රන් පදක්කම දිනා ගත් වක්ෂාන් වික්නරාජ්. ඔහු මීටර 1500  (පිරිමි) ඉසව්වේ රිදී පදක්කමද හිමි කර ගත්තේය.


අදහස් (0)

තායිලන්ත තරගාවලියේදී ශ්‍රී ලංකාවට පදක්කම් මල්ලක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.