Last Update  :  2026-01-22 18:00:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ත්‍රිත්ව - කේරි විදුහල් දෙකටත් තහංචි

ත්‍රිත්ව - කේරි විදුහල් දෙකටත් තහංචි

සංජය එරමුදුගොඩ - 2016 ජුලි මස 01 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

මහනුවර ත්‍රිත්ව විදුහල සහ බොරැල්ල කේරී විදුහල් රග්බි කණ්ඩායම්වලට ද විනය කඩ කිරීමේ චෝදනාව මත මාස හය බැගින් තහනමක් පැනවීමට අධ්‍යාපන අමාත්‍යංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

කොළඹ රාජකීය විදුහල සහ මහනුවර ත්‍රිත්ව විදුහල අතර පල්ලෙකැලේ රග්බි පිටියේදී පැවැති ‘බ්‍රැඞ්බි පළිහ’ දෙවැනි අදියර තරගය අවසානයේ ඇති වූ ගුටි බැට හුවමාරුව සම්බන්ධයෙන් ත්‍රිත්ව විදුහලට මෙම තහනම පනවා තිබේ.

කේරී විදුහල සහ පාදුක්ක සිරි පියරතන විදුහල අතර පැවැති තරගයේදී කේරී විදුහලේ පිරිසක් සිරි පියරතන විදුහල් ක්‍රීඩකයන්ට පහර දුන්නේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් කේරී විදුහලට තහනමක් පනවා තිබේ.

 

 


අදහස් (0)

ත්‍රිත්ව - කේරි විදුහල් දෙකටත් තහංචි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.