Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා පාසල් රග්බි සංගමය සංවිධානය කරන ඩයලොග් පාසල් රග්බි ලීගයේ පළමු කොටසේ ‘ඒ’ කණ්ඩය යටතේ අද (1 වැනිදා) පැවැති තරගයකදී ලකුණු 25-18 ක් ලෙස මහනුවර ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට මහනුවර ත්‍රිත්ව විදුහල සමත් විය.
මහනුවර, නිත්තවෙල ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගය ආරම්භයේ සිටම ඉතා තියුණු මුහුණුවරක් ගත් අතර එහි පළමු අර්ධය නිමාවට පත්වන විට ලකුණු 11-10 ක් ලෙස ශාන්ත අන්තෝනි ක්‍රීඩකයෝ එක් ලකුණකින් පෙරමුණ ගත්හ.
පළමු අර්ධයේදී උත්සාහක දිනුමක් සහ දඬුවම් පහර 2 ක් සමගින් ලකුණු රැස්කිරීමට ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන් සමත් වෙද්දී, ත්‍රිත්ව ක්‍රීඩකයන් ලකුණු රැස්කළේ ගෝල දිනුමක් සහ දඬුවම් පහරක් සමගිනි.
කෙසේ වුවත් දෙවැනි අර්ධයේදී දැඩි ආක්‍රමණශීලී ක්‍රීඩා විලාශයක නිරත වූ ත්‍රිත්ව ක්‍රීඩකයෝ ගෝල දිනුම් 2 කින් සිය කණ්ඩායමට ලකුණු එක් කිරීමට සමත් වූහ. එහෙත් ශාන්ත අන්තෝනි ක්‍රීඩකයන්ට එහිදී ලකුණු ලබාගත හැකි වූයේ උත්සාහක දිනුමක් සහ දඬුවම් පහරක් මගින් පමණි.
ඒ අනුව තරගයේ නියමිත වේලාව අවසන් වන විට ලකුණු 25-18 ක් ලෙස ශාන්ත අන්තෝනි විදුහල පරාජය කිරීමට ත්‍රිත්ව විදුහල සමත් විය. මෙවර තරගාවලියේදී ත්‍රිත්ව ක්‍රීඩකයන් ලැබූ දෙවැනි ජය මෙය විය.
(ඡායාරූප - ඩයලොග් අනුග්‍රහෙයනි)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.