තමීම් ඉක්බාල් (නොදැවී 138) සහ ඉම්රුල් කායිස් (නොදැවී 132) පැවැත්වූ වාර්තාගත ආරම්භක සම්බන්ධතාව නිසා සංචාරක පාකිස්තානු පිලට එරෙහිව කුල්නාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (01) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම වෙනුවෙන් කිසිවකු නොදැවී ලකුණු 273 ක් රැස්කරමින් ප‍්‍රබල තත්ත්වයක පසුවිය.
බංග්ලාදේශය කඩුලූ 10 ක් අතැතිව තවත් ලකුණු 23 ක් පමණක් පසු පසු පසින් සිටියි.
බංග්ලාදේශ ආරම්භක පිතිකරුවන් වන තමිම් ඉක්බාල් සහ ඉම්රුල් කායිස් මේ වන විට ලකුණු 273 ක සම්බන්ධතාවක් පවත්වා තිබේ. මෙම සම්බන්ධතාව බංග්ලාදේශ ක‍්‍රිකට් ඉතිහාසයේ ටෙස්ට් තරගයක ඕනෑම කඩුල්ලක් වෙනුවෙන් පැවැත්වූ ඉහළතම සම්බන්ධතාව වේ.
මොහොමඞ් අෂ්රාෆුල් සහ මුෂ්ෆිකුර් රහීම් 2013 වසරේ ශ්‍රී ලංකාවට එරෙහිව ගාල්ලේදී පස්වැනි කඩුල්ලට ලකුණු 267 ක සම්බන්ධතාවක් පවත්වමින් පැරණි වාර්තාව පිහිටුවා තිබුණි.
තමීම් ඉක්බාල් සහ ඉම්රුල් කායිස් පසුගිය වසරේ (2014) සිම්බාබ්වේට එරෙහිව චිතගොන්හිදී ලකුණු 224 ක සම්බන්ධතාවක් පවත්වමින් ආරම්භක කඩුල්ලේ පැරණි වාර්තාවට ද හිමිකම් කීහ.
තමිම් ඉක්බාල් පන්දු 183 කදී හතරේ පහර 13 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 138 ක් ද, ඉම්රුල් කායිස් පන්දු 185 කදී හතරේ පහර 15 ක් සහ හයේ පහර 3 ක් සමගින් ලකුණු 132 ක් ද, රැස්කරමින් පස්වැනි දිනයේ පිටියට පැමිණීමට සූදානමින් සිටිති.
තෙවැනි දිනය අවසන් වන විට කඩුලූ 5 ක් දැවී ලකුණු 537 ක් ලබා සිටි පාකිස්තානු පිල ලකුණු 628 ක් රැස්කරමින් ලකුණු 296 ක් ඉදිරියට පැමිණියේය.
බංග්ලාදේශ පිල පළමු ඉනිම ඕවර 120 කදී සියලූ දෙනා දැවී 332
(තමිම් ඉක්බාල් 25, ඉම්රුල් කායිස් 51, මොමිනුල් හක් 80, මහුමුදුල්ලා 49, ශකීබ් අල් හසන් 25, මුෂ්ෆිකුර් රහීම් 32, සෞම්‍ය සර්කර් 33, වහබ් රියාස් 55/3, මොහොමඞ් හෆීෂ් 47/2, ෂුල්ෆිකාර් බාබාරා 99/2, යසීර් ෂා 86/3)
පාකිස්තානු පිල පළමු ඉනිම ඕවර 168.4 කදී සියලූ දෙනා දැවී 628
(මොහොමඞ් හෆීෂ් 224, සමි අස්ලාම් 20, අෂාර් අලී 83, යුනිස් ඛාන් 33, මිස්බා උල් හක් 59, ආසාද් ශාෆික් 83, සෆ්රාෂ් අහ්මඞ් 82, තයිජුල් ඉස්ලාම් 163/6, ෂුවගාට හොම් 120/2)
බංග්ලාදේශ පිල දෙවැනි ඉනිම ඕවර 61 කදී කිසිවකු නොදැවී 273
(තමිම් ඉක්බාල් නොදැවී 138, ඉම්රුල් කායිස් නොදැවී 132)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.