Last Update  :  2024-04-26 23:26:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඩිලංකගෙන් ලෝකඩ පදක්කමක්
පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙල

ඩිලංකගෙන් ලෝකඩ පදක්කමක්

editorial - 2022 ජුලි මස 30 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

බර්මින්හැම් නුවරදී පැවැත්වෙන පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පළමු වැනි පදක්කම දිනාගැනීමට බර එසවීමේ ක්‍රීඩක ඩිලංක ඉසුරු කුමාරට හැකිවිය.

කිලෝ ග්‍රෑම් 55 ඉසව්වේදී ලෝකඩ පදක්කම දිනාගත් ඩිලංක, ස්නැච් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 105 ක් ද ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 120 ක් ද එසවීය. ඔහු එසවූ සම්පූර්ණ බර කිලෝ ග්‍රෑම් 225 කි.

ඩිලංක ස්නැච් ක්‍රමයට අනුව කිලෝ ග්‍රෑම් 112 එසවීමටත්, ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමය අනුව කිලෝ ග්‍රෑම් 141 එසවීමටත් උත්සාහ කළද එම උත්සාහයන් අසාර්ථක විය. එහෙත් රන් පදක්කම දිනාගත් මැලේසියාවේ මොහොමඩ් අනීක් ක්ලීන් ඇන්ඩ් ජර්ක් ක්‍රමයට කිලෝ ග්‍රෑම් 142 ක් ඔසවමින් වාසිය අත්කර ගත්තේය.

මොහොමඩ් අනීක් ගේ කිලෝ ග්‍රෑම් 225 එකතුව පොදුරාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේ නව වාර්තාවක් ද වෙයි.

- 213


අදහස් (0)

ඩිලංකගෙන් ලෝකඩ පදක්කමක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.