Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
කිලෝමීටර 824 ක දුරකින් යුත් ‘ටෙලිකොම් ස්පීඞ් අප්’ (පිරිමි) පාපැදි සවාරිය ලබන සැප්තැම්බර් 4 වැනිදා ආරම්භ වේ. ශ්‍රී ලංකාවේ පළමු වතාවට එහි කාන්තා පාපැදි තරගය අදියර තරගයක් ලෙස පැවැත්වීමට කටයුතු යොදා තිබේ. ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ සභාපති එන්. කරුණාරත්න මහතා පවසන්නේ ශ්‍රී ලංකාවේ කාන්තා පාපැදි තරගයක් දිනක් ඉක්මවා අදියර තරගයක් ලෙස පැවැත්වෙන පළමු අවස්ථාව මෙය වන බවයි.
අදියර පහකින් සමන්විත මෙම පාපැදි තරගයට පාපැදි සම්මේලනයේ බලපත්‍රලාභී තරගකරුවන්ට අයැදුම් කළ හැකිය. කණ්ඩායමක් ලෙස අයැදුම් කිරීමේදී එක් කණ්ඩායමකට ඇතුළත් කළ හැකි ක්‍රීඩකයන්ගේ උපරිම ගණන 10කටත්, අවම ගණන හතරකටත් සීමා කර තිබේ.
ශ්‍රී ලංකාවේ දීර්ඝතම (පිරිමි) පාපැදි තරග කිහිපයෙන් එකක් වන ටෙලිකොම් පාපැදි සවාරිය තෙවැනි වරටත් ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයේ අනුග්‍රහයෙන් සංවිධානය කරයි. එහි ජයග්‍රාහකයාට රුපියල් මිලියනයක් ප්‍රදානය කෙරෙන අතර, කාන්තා සවාරියේ ශූරියට රුපියල් 250,000 ක්ද, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා පළමු වතාවට සංවිධානය කෙරෙන පැරා පාපැදි සවාරියේ ජයග්‍රාහකයාට රුපියල් 75,000ක් ද ප්‍රදානය කෙරේ.
මෙවර ටෙලිකොම් පාපැදි සවාරියේ මූලික සංවිධාන කටයුතු තවදුරටත් සිදුවෙමින් පවතින අතර එහි ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරියා ලෙස මෙරට සිටින ප්‍රවීණතම පාපැදි විනිසුරුවරයකු වන උපුල් චන්දන ප්‍රියනාත් මහතා පත් කර තිබේ. ඔහු පාපැදි සම්මේලනයේ තාක්ෂණික කමිටුවේ වත්මන් ලේකම්වරයායි.
තරග අයැදුම්පත් ලේකම්, ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය, 33, ක්‍රීඩා අමත්‍යාංශ පැරණි ගොඩනැගිල්ල, ටොරින්ටන් චතුරඝ්‍රය, කොළඹ 7 යන ලිපිනයට හෝ ිැජරුඒරහිකජf?ටප්සකගජදප යන විද්‍යුත් තැපෑලට යොමු කළ යුතුය.
අදියර 5 කින් සමන්විතව ගියවරත් ටෙලිකොම් පාපැදි සවාරිය පැවැත්වූ අතර, කිලෝමීටර 739 ක් දුරැති එකී සමස්ත තරගයේ ජයග්‍රාහකයා වූයේ ටෙලිකොම් ක්‍රීඩා සමාජයේ සඳුන් කුමාරය. ගුවන් හමුදා ක්‍රීඩක සන්ජු දීමන්ත එහි දෙවැනි ස්ථානයත් වරාය අධිකාරියේ සී.එම්. වීරාන් තෙවැනි ස්ථානයත් ලැබූහ.
කොළඹ, පුත්තලම, වවුනියාව, ත්‍රිකුණාමලය, දඹුල්ල, බදුල්ල, ඇඹිලිපිටිය, රත්නපුර හරහා ඇඹිලිපිටිය දක්වා පැවැති එවර ටෙලිකොම් පාපැදි සවාරියේ ශූරයන්ට බෙදා දුන් ත්‍යාග මුදල රුපියල් මිලියන 3.3 කි. කාන්තා පාපැදි තරගයේ ශූරියන්ට රුපියල් 660,000 ක ත්‍යාග මුදලක් එවර ප්‍රදානය කෙරුණි.
එම ත්‍යාග මුදල් මෙවරත් ඒ ආකාරයෙන්ම ප්‍රදානය කිරීමට අනුග්‍රාහකයෝ සූදානම්ව සිටිති.
මෙවරත් වේගවත්ම (ස්ප්‍රින්ට්) ක්‍රීඩකයා, හොඳම කඳු නැගීමේ ශූරයා, හොඳම යොවුන් ක්‍රීඩකයා, හොඳම කණ්ඩායම සඳහා විශේෂ ත්‍යාග ප්‍රදානය කිරීම හැරෙන්නට දින පහේදීම අදියර තරග ජයග්‍රාහකයන් සඳහා ද මුදල් ත්‍යාග ලබාදීමට නියමිතය.
ටෙලිකොම් (පිරිමි) පාපැදි සවාරිය තරගය (මුළු දුර කිලෝ මීටර 771)
● සැප්තැම්බර් 4 (අදියර - 1) - කොළඹ සිට මාතර දක්වා (කිලෝ මීටර 160)
● සැප්තැම්බර් 5 (අදියර - 2) - මාතර සිට බෙලිඅත්ත, ඇඹිලිපිටිය, පැල්මඩුල්ල හරහා බලන්ගොඩ දක්වා (කිලෝ මීටර 161)
● සැප්තැම්බර් 6 (අදියර - 3) - බලන්ගොඩ සිට හපුතලේ, බදුල්ල හරහා මහියංගනය දක්වා (කිලෝ මීටර 161)
● සැප්තැම්බර් 7 (අදියර - 4) - මහිංයංගනය සිට 18 වංගුව, නුවර, මාතලේ හරහා දඹුල්ල දක්වා (කිලෝ මීටර් 141) විවේකයෙන් පසුව දඹුල්ල සිට මරදන්කඩවල හරහා අනුරාධපුරය දක්වා කිලෝමීටර් 64)
● සැප්තැම්බර් 8 (අදියර - 5) - අනුරාධපුරය, ගල්ගමුව, කුරුණෑගල, නාරම්මල හරහා කුලියාපිටිය දක්වා (කිලෝ මීටර් 137)
ටෙලිකොම් කාන්තා පාපැදි සවාරිය (මුලු දුර කි. මී. 165)
● සැප්තැම්බර් 7 (අදියර - 1) - කොළඹ සිට කටුනායක, මිනුවන්ගොඩ, නිට්ටඹුව හරහා කෑගල්ල දක්වා (කිලෝ මීටර 84)
● සැප්තැම්බර් 8 (අදියර - 2) - කැගල්ලේ සිට පොල්ගහවෙල, කුරුණෑගල, වාරියපොල, හෙට්ටිපොල හරහා කුලියාපිටිය දක්වා (කිලෝ මීටර් 81)
විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන් සඳහා වන තරගය
● සැප්තැම්බර් 8 - කුරුණෑගල සිට කුලියාපිටිය දක්වා (කිලෝ මීටර් 75).
(පුස්තකාල ඡායාරූපයකි : ඡායාරූපය - රොමේෂ් ධනුෂ්ක සිල්වා)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.