ශ්‍රී ලංකා පාසල් බොක්සිං සංගමය සංවිධානය කළ 47 වැනි ‘ටී. බී. ජයා’ අනුස්මරණ කුසලාන සමස්ත ලංකා අන්තර් පාසල් බොක්සිං තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට පිළිමතලාව ධීරානන්ද මහ විදුහල සමත් විය.
රන් පදක්කම් 2 ක්, රිදී පදක්කම් 2 ක් සහ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට පිළිමතලාව ධීරානන්ද සමත් විය.
හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය රන් පදක්කම් 2 ක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 3 ක් දිනාගනිමින් අනු ශූරතාව හිමිකරගත් අතර කඩුගන්නාව ජාතික පාසල රන් පදක්කම් 2 ක් සහ රිදී පදක්කමක් දිනාගනිමින් තෙවැනි ස්ථානයට පත් විය.
සී. ඒකනායක (නායක), එස්. එම්. බණ්ඩාර, එල්. එම්. බී. දිසානායක, එන්. එස්. මුණසිංහ, ආර්. ඩී. ඒ. කුලරත්න, ජේ. ජී. වයි. ජයතිලක, එල්. ආර්. ජී. පැහැසර, එච්. එම්. කේ. ඒකනායක සහ කේ. එම්. බණ්ඩාර, යන ක්‍රීඩකයන් දීරානන්ද විදුහල් කණ්ඩායම නියෝජනය කළහ. කේ. කේ. සුනිල් මහතා ධීරානන්ද විදුහල් කණ්ඩායමේ පුහුණුකරු ලෙසත්, බන්දුල විතානගමගේ මහතා උපදේෂකවරයා ලෙසත් කටයුතු කළහ.
මෙම තරගාවලිය පාසල් (වයස 13 ත් 14 ත් අතර), කනිෂ්ඨ (වයස 15 ත් 16 ත් අතර) සහ යොවුන් (17 ත් 18 ත් අතර) යන කාණ්ඩ 3 යටතේ තරග පැවැත්විණ.
කනිෂ්ඨ (වයස 15 ත් 16 ත් අතර) කණ්ඩයේ බැන්ටම් (කි. ග්‍රෑ. 48-50) බර පංතියෙන් තරග වැදුණ කොළඹ රාජකීය විදුහලේ මොහොමඞ් අසීන් තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයා ලෙස සම්මාන දිනාගත් අතර කනිෂ්ඨ කණ්ඩයේම ලයිට් ෆ්ලයි (කි. ග්‍රෑ. 44-46) බර පංතියෙන් තරග වැදුණ දීරානන්ද මහ විදුහලේ කේ. එම්. බණ්ඩාර තරගාවලියේ දක්ෂතම පරාජිතයා ලෙස සම්මාන ලැබීය.
නාවලපිටිය ජයතිලක ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගාවලිය සඳහා පාසල් 54 ක් නියෝජනය කරමින් ක්‍රීඩකයෝ 220 ක් සහභාගී වූහ.
ප්‍රතිඵල සටහන
පාසල් කාණ්ඩය (වයස 13-14)
ලයිට් ෆ්ලයි (කි. ග්‍රෑ. 33-35) බර පන්තිය
එච්. පී. වල්පොල (හංවැල්ල රාජසිංහ මහ විදුහල) විසින් එම්. ඩී. ජයලත් (හොරණ විද්‍යාරතන විශ්වවිද්‍යාලය) පරාජය කරන ලදි.
ෆ්ලයි (කි. ග්‍රෑ. 35-37) බර පන්තිය
ජී. කේ. මිහිරාන් (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය) විසින් ටී. එම්. එස්. වීරකෝන් (පන්විල රාජසිංහ මහ විදුහල) පරාජය කරන ලදි.
බැන්ටම් (කි. ග්‍රෑ. 37-39) බර පන්තිය
ඒ. එච්. මදුරංග (හොරණ විද්‍යාරතන විශ්ව විද්‍යාලය) විසින් සී. ජී. ටී. මධුෂාන් (කොළඹ නාලන්දා විදුහල) පරාජය කරන ලදි.
ෆෙදර් (කි. ග්‍රෑ. 39-41) බර පන්තිය
ඊ. ජේ. දිල්සර (කඩුගන්නාව ජාතික පාසල) විසින් කේ. එම්. එල්. නවෝද්‍ය (ඉංගිරිය ගාමිණී මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදි.
ලයිට් (කි. ග්‍රෑ. 41-43) බර පන්තිය
අයි. ජී. ගුණතිලක (මහනුවර විද්‍යාර්ථ විදුහල) විසින් ආර්. පී. ආර්. කෞමාල් (ඉංගිරිය ගාමිණී මධ්‍ය මහ විදුහල) පරාජය කරන ලදි.
ලයිට් වෙල්ටර් (කි. ග්‍රෑ. 43-45) බර පන්තිය
ඩී. එම්. කපුකොටුව (පල්ලේබෝවල මහ විදුහල) විසින් එම්. ආර්. එම්. අර්ෂාඞ් (මහනුවර මහානාම විදුහල) පරාජය කරන ලදි.
කනිෂ්ඨ කාණ්ඩය (වයස 15-16)
ලයිට් ෆ්ලයි (කි. ග්‍රෑ. 44-46) බර පන්තිය
ඒ. අල්තාෆ් (කොළඹ රාජකීය විදුහල) විසින් කේ. එම්. බණ්ඩාර (පිළිමතලාව ධීරානන්ද මහ විදුහල) පරාජය කරන ලදි.
ෆ්ලයි (කි. ග්‍රෑ. 46-48) බර පන්තිය
එල්. පී. කේ. විෂ්වජිත් (නාරංදෙණිය ජාතික පාසල) විසින් ජේ. ජී. එන්. ජයතිලක (පිළිමතලාව ධීරානන්ද මහ විදුහල) පරාජය කරන ලදි.
බැන්ටම් (කි. ග්‍රෑ. 48-50) බර පන්තිය
මොහොමඞ් අසීන් (කොළඹ රාජකීය විදුහල) විසින් එස්. එන්. ජී. කුමාර (පේරාදෙණිය මැදි විදුහල) පරාජය කරන ලදි.
ෆෙදර් (කි. ග්‍රෑ. 50-52) බර පන්තිය
එච්. එම්. ඒකනායක (ධීරානන්ද මහ විදුහල) විසින් ටී. ඩබ්ලිව්. එච්. මදුසංක (බියගම යටිහේන මහ විදුහල) පරාජය කරන ලදි.
ලයිට් (කි. ග්‍රෑ. 52-54) බර පන්තිය
ආර්. ඩී. කුලරත්න (පිළිමතලාව ධීරානන්ද මහ විදුහල) විසින් කේ. එම්. එස්. ක්‍රිස්ටියන් (නුගේගොඩ ශාන්ත ජෝන් විදුහල) පරාජය කරන ලදි.
යොවුන් කාණ්ඩය (වයස 17-18)
ලයිට් ෆ්ලයි (කි. ග්‍රෑ. 46-49) බර පන්තිය
එච්. ඒ. සී. මධුරංග (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) විසින් එච්. එල්. එස්. බණ්ඩාර (කඩුගන්නාව ජාතික පාසල) පරාජය කරන ලදි.
ෆ්ලයි (කි. ග්‍රෑ. 49-52) බර පන්තිය
පී. එච්. ආර්. චාමික (ගම්පහ බණ්ඩාරනායක විදුහල) විසින් එන්. එන්. විතාරන (නාරංදෙණිය ජාතික පාසල) පරාජය කරන ලදි.
බැන්ටම් (කි. ග්‍රෑ. 52-56) බර පන්තිය
එම්. ලක්ෂිත (කොළඹ මහානාම විදුහල) විසින් ආර්. රොෂේල් (මහනුවර කිංග්ස්වුඞ් විදුහල) පරාජය කරන ලදි.
ෆෙදර් (කි. ග්‍රෑ. 56-60) බර පන්තිය
ජේ. එම්. ජයසුන්දර (මහනුවර ශාන්ත සිල්වෙස්ටර් විදුහල) විසින් ටී. පී. යූ. අංජන (මහනුවර ත්‍රිත්ව විදුහල) පරාජය කරන ලදි.
ලයිට් (කි. ග්‍රෑ. 60-64) බර පන්තිය
කේ. ජී. මදුසංක (කඩුගන්නාව ජාතික පාසල) විසින් පී. විෂ්ණු (යාපනය හාර්ට්ලි විදුහල) පරාජය කරන ලදි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.