Last Update  :  2024-03-29 16:28:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජොෂ් ටංග් අයර්ලන්තයේ ගෙල සිර කරයි
ලෝඩ්ස් ටෙස්ට් තරගය

ජොෂ් ටංග් අයර්ලන්තයේ ගෙල සිර කරයි

editorial - 2023 ජුනි මස 03 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

අයර්ලන්ත පන්දු යවන්නන්ට රිසි සේ තලමින් තමන්ගේ මංගල ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගත් ඔලී පෝප්ගේ (205) පිතිහරඹය නිසා දින තුනක් ඇතුළත අයර්ලන්තය පරාජය කිරීමේ සීමාවට එංගලන්තය පැමිණ සිටී. සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 524 ක් ලබාගත් එංගලන්තය ලකුණු 352 ක් මුල් ඉනිමේ වාසියක් අත්කර ගත්තේය. තරගයේ දෙවැනි දිනය වූ ඊයේ (02 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරනවිට කඩුලු 3 ක් දැවී ලකුණු 97 ක් ලබා සිටි අයර්ලන්තය, සිය ප්‍රබල අසල්වැසියාට වඩා ලකුණු 255 ක් පසුපසින් සිටියේය. 

අයර්ලන්ත දෙවැනි ඉනිමේදී බිඳවැටුණු කඩුලු තුනම කෝඩුකාර ජොෂ් ටංග් විසින් දවාගන්නා ලදි. ඔහු පසුගියදා ශ්‍රී ලංකාවට පැමිණි එංගලන්ත ලයනස් පිල වෙනුවෙන් සාර්ථක දස්කම් දැක්වූ වේග පන්දු යවන්නෙකි.

අළු බඳුන ටෙස්ට් තරගාවලියට පෙරහුරුවක් ලෙසින් පැවැත්වෙන මෙම ටෙස්ට් තරගය දින 4 කට සීමා වන්නකි. දවාගත යුතුව ඇත්තේ අයර්ලන්ත කඩුලු 7 ක් පමණක් වුවද තරගයේ සම්පූර්ණ දින දෙකක්ම ඉතිරි වී තිබේ. 
අයර්ලන්ත පිලට සිය මුල් ඉනිම වෙනුවෙන් ලබාගත හැකිවූයේ ලකුණු 172 කි. 

පන්දු 207 කින් පැමිණි ඔලී පෝප්ගේ ද්විත්ව ශතකය එංගලන්තය තුළදී ලබාගත් වේගවත්ම ටෙස්ට් ද්විත්ව ශතකය වෙයි. ටෙස්ට් තරගයකදී ද්විත්ව ශතකයක් ලබාගැනීම සඳහා 1982 දී ඉයන් බොතම් පන්දු 220 කට මුහුණ දී තිබූ අතර 1984 දී කොදෙව් පිලේ හිටපු අරම්භක පිතිකරු ගෝර්ඩ්න් ග්‍රිනිජ් පන්දු 232 කට මුහුණ දුන්නේය. 

එංගලන්ත ආරම්භක පිතිකරු සැක් ක්‍රෝලි ලකුණු 56 කට දැවී ගිය පසුව, බෙන් ඩකට් සමගන් එක්වූ පෝප්, දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 252 ක් එක් කළේය. ඒ වෙනුවෙන් දෙදෙනා ගතකළේ ඕවර 43.2 ක් පමණි. හතරේ පහර 24 ක් සහ හයේ පහරකට පසුව ඩකට් දැවී නොගියා නම් ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ වේගවත්ම ද්විත්ව ශතකය ලබාගැනීමේ අවස්ථාවත් ඔහුට තිබිණ. එහෙත් පන්දුව මාරු කළ අවස්ථාවේදී ග්‍රැහැම් හූම්ගේ පන්දුවක් හමුවේ වමත් පිතිකරුවා දැවී ගියේය. 

අයර්ලන්තය තවමත් ක්‍රීඩා කර ඇත්තේ ටෙස්ට් තරග 6 කට පමණි. මේ ඔවුන්ගේ හත් වැනි ටෙස්ට් තරගයයි. මෙම තරගයට පෙර ගාල්ලේදී ටෙස්ට් තරග දෙකකට ක්‍රීඩා කළ අයර්ලන්තය එම තරග දෙකේදීම දරුණු පරාජයන් අත්වින්දේය. 

ටෙස්ට් තරග 36 කට සහභාගි වී සිටින ඔලී පෝප් ටෙස්ට් ශතක 3 ක හිමිකරුවකු වන අතර සිය මංගල ටෙස්ට් ද්විත්ව ශතකයට ලකුණු 03 ක් මෑතින් සිටී. අයර්ලන්තය එක ඉනිමකදී ලබාගත් ලකුණු 172 තනිවම පසුකර යාමට එංගලන්ත පිලේ පිතිකරුවෝ දෙදෙනෙක්ම සමත් වූහ. 

අයර්ලන්තය - පළමු ඉනිම 172 යි
(ජේම්ස් මැකලම් 36, පීටර් මුවර් 10, පෝල් ස්ටර්ලිං 30, ලෝකන් ටකර් 18, කර්ටිස් කැම්පර් 33, ඇන්ඩි මැක්බ්‍රයින් 19, මාක් ඇඩෙයාර් 14, ස්ටුවර්ට් බ්‍රෝඩ් 51/5, මැතිව් පොට්ස් 36/2, ජැක් ලීච් 35/3)

එංගලන්තය - පළමු ඉනිම කඩුලු 4 ක් දැවී 524 යි
(සැක් ක්‍රෝලි 56, බෙන් ඩකට් 182, ඔලී පෝප් 205, ජෝ රූට් 56, ඇන්ඩි මැක්බ්‍රයින් 99/2)

අයර්ලන්තය - දෙවැනි ඉනිම කඩුලු 3 ක් දැවී 97 යි
(පීටර් මුවර් 11, ජේම්ස් මැකලම් 12, හැරී ටෙක්ටර් නොදැවී 33, පෝල් ස්ටර්ලිං 15, ලෝකන් ටකර් නොදැවී 21, ජොෂ් ටංග් 27/3)

- 213


අදහස් (0)

ජොෂ් ටංග් අයර්ලන්තයේ ගෙල සිර කරයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.