ශී‍්‍ර ලංකා ආධුනික ඔරු පැදීමේ සංගමය සංවිධානය කරන 31 වැනි ජාතික ඔරු පැදීමේ තරගාවලිය අද (15) සිට ලබන 17 වැනිදා දක්වා බත්තරමුල්ලේ දියවන්නාව ඔරු පැදීමේ තීරයේදී පැවැත්වේ.
මෙරට පැවැත්වෙන එකම ජාතික මට්ටමේ ඔරු පැදීමේ තරගාවලිය වන මෙම තරගාවලියට දිවයිනේ ප‍්‍රධාන පෙළේ පාසල් 7 ක්, විශ්ව විද්‍යාල 3 ක්, කී‍්‍රඩා සංගම් 2 ක් සහ ති‍්‍රවිධ හමුදාව නියෝජනය කරමින් කී‍්‍රඩක කී‍්‍රඩිකාවෝ 200 ක් පමණ සහභාගි වෙති.
කොළඹ රාජකීය විදුහල, ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහල, කොළඹ ආන්නද විදුහල, කොළඹ කාන්තා විදුහල, කොළඹ මියුසියස් විදුහල, කොළඹ බිෂොප් විදුහල, කොළඹ ඒෂියන් ජාත්‍යන්තර පාසල, කොළඹ විශ්ව විද්‍යාලය, මොරටුව විශ්ව විද්‍යාලය, කොතලාවල ආරක්ෂක විද්‍යා පීඨය, බොල්ගොඩ ලේක් ඔරු පැදීමේ සංගමය, කොළඹ ඔරු පැදීමේ සංගමය, යුද හමුදාව, නාවික හමුදාව සහ ගුවන් හමුදාව නියෝජනය කරමින් ඔරු පැදීමේ කණ්ඩායම් මෙම තරගාවලියට එක්ව සිටිති.
පිරිමි විවෘත, කාන්තා විවෘත, පිරිමි වයස 18 න් ඉහළ, කාන්තා වයස 18 න් ඉහළ, බාලක වයස 18 න් පහළ සහ බාලිකා වයස 18 න් පහළ ලෙස ප‍්‍රධාන වශයෙන් කාණ්ඩ 6 ක් යටතේ මෙහිදී තරග පැවැත්වේ.
තරගාවලියේ පළමු දිනය වන අද (15 වැනිදා) මූලික වටයේ තරග 36 ක් පැවැත්වෙන අතර දෙවැනි දිනය වන හෙට (16 වැනිදා) මූලික වටයේ තරග 32 ක් සහ අවසන් මහ තරග 4 ක් පැවැත්වේ. තවත් අවසන් මහ තරග 22 ක් තරගාවලියේ අවසන් දිනය වන අනිද්දා (17 වැනිදා) පැවැත්වීමට නියමිත අතර සමාප්ති උළෙල සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවය එදිනම පස්වරු 4.30 සිට පැවැත්වේ.
මහනගර සහ බස්නාහිර සංවර්ධන ඇමති පාඨලී චම්පික රණවක මහතා සමාප්ති උළෙලේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වේ. එහිදී කයක් ඔරු (තනි පුද්ගලයකුට හෝ දෙදෙනකුට පමණක් පැද යා හැකි ඔරු විශේෂයකි) භාවිතා කරමින් ප‍්‍රදර්ශන තරගයක් පැවැත්වීමටද සංවිධායකයෝ බලාපොරොත්තු වෙති.
ඔරු පැදීමේ තරග සඳහාම විශේෂයෙන් සකසා ඇති කිලෝ මීටර් 2 ක දිගකින් යුත් දියවන්නාව ඔරු පැදීමේ තීරයේදී ඔරු 4 කට එක පෙළට තරග වැදිය හැකි අතර එක් සේවා තීරුවක් සඳහාද එහි ඉඩකඩ පවතී. එහිදී දේශීය සහ ජාත්‍යන්තර තරග පැවැත්වීම සඳහාද ජාත්‍යන්තර ඔරු පැදීමේ සංගමයේ අනුමැතිය හිමිවී තිබේ.
ඡායාරූපය - ශානුක අරවින්ද
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.