Last Update  :  2025-12-28 16:48:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජ්‍යෙෂ්ඨයන් ඕස්ට්‍රේලියාවේ තියා පාකිස්තාන පිල ශ්‍රී ලංකාවට එයි

ජ්‍යෙෂ්ඨයන් ඕස්ට්‍රේලියාවේ තියා පාකිස්තාන පිල ශ්‍රී ලංකාවට එයි

editorial - 2025 දෙසැ මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත විස්සයි-20 ක්‍රිකට් තරගාවලිය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනෙකුගෙන් සමන්විත පාකිස්තාන සංචිතයට බාබර් අසාම්, මොහොමඩ් රිස්වාන්, ෂහීන් අෆ්රිඩි සහ හාරිස් රවුෆ් යන ජ්‍යෙෂ්ඨ ක්‍රීඩකයන් ඇතළත් කර නොමැත.

ඊට හේතුව වී ඇත්‍තේ ඔවුන් ‍මේ දිනවල ඕස්‍‍ට්‍රේලියාවේදී පැවැත්වෙන බිග් බෑෂ් විස්සයි-20 ලීගයට සහභාගි වී සිටීමය. එහිදී බාබර් සිඩ්නි සික්සර්ස් කණ්ඩායමටත්, රිස්වාන් රෙ‍ෙනගේඩ්ස් කණ්ඩායමටත්, ෂහීන් බ්‍රිස්බේන් හීට් කණ්ඩායමටත්, රවුෆ් මෙල්බන් ස්ටාර්ස් කණ්ඩායමටත් ක්‍රීඩා කරමින් සිටිති.

කෙසේ වුවත් එම තරගාවලියේ සිඩ්නි තන්ඩර්ස් කණ්ඩායමට ක්‍රී‍ඩා කරමින් සිටි තුන් ඉරියව් ක්‍රීඩක ශදාබ් ඛාන් ශ්‍රී ලංකා සංචාරය සඳහා පාකිස්තාන කණ්ඩායමට කැඳවීමට එරෙට ක්‍රිකට් තේරීම් කමිටුව පියවර ගෙන ‍තිබේ. ඒ එළබෙන ලෝක කුසලාන විස්සයි-20 තරගාවලිය සඳහා ඔහුට අවස්ථාවක් ලබාදීම පිළිබඳව සලකා බැලීමටය.

සල්මාන් අලී අඝා නායකත්වය දරන පාකිස්තාන විස්සයි-20 කණ්ඩායමට තවමත් ජාත්‍යන්තර වරම් දිනා නොමැති 23 හැවිරිදි යොවුන් දකුණත් පිතිකරුවකු වන කවාජා නෆායි කැඳවා සිටියි. මේ වන විට විස්සයි-20 තරග 32 කදී අර්ධ ශතක 7 ක් සමග ලකුණු 688 ක් රැස්කිරීමට සමත්ව ඇති ඔහු 23.72 ක ලකුණු රැස්කිරීමේ සාමාන්‍යයකටත්, 132.81 ක ප්‍රහාරාත්මක වේගයකටත් හිමිකම් කියයි.

ජනවාරි මස පළමු සති අන්තයේදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිත පාකිස්තාන කණ්ඩායම 7, 9, සහ 11 යන දිනවල රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩ‍ාංගණයේදී ශ්‍රී ලංකා කණ්ඩායමට එරෙහිව විස්සයි-20 තරග 3 කට ක්‍රීඩා කිරීමට නියමිතය. මෙම තරගාවලියට සහභාගිවන අවසන් ශ්‍රී ලංකා සංචිතය තවමත් නම් කර නොමැත.

පාකිස්තාන විස්සයි-20 සංචිතය

සල්මාන් අලී අඝා (නායක), අබ්දුල් සමාඩ්, අබ්‍රාර් අහමඩ්, ෆාහීම්  අෂ්රෆ්, ෆකාර් සමාන්, කවාජා නෆායි, මොහොමඩ් නවාස්, මොහොමඩ් සල්මාන්, මොහොමඩ් වසීම්, නසීම් ෂා, සහිබ්සාදා ෆර්හාන්, සයිම් අයුබ්, ශදාබ් ඛාන්, උස්මාන් ඛාන් සහ උස්මාන් තාරික්

-036


අදහස් (0)

ජ්‍යෙෂ්ඨයන් ඕස්ට්‍රේලියාවේ තියා පාකිස්තාන පිල ශ්‍රී ලංකාවට එයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.