
( නාමල් පතිරගේ )
කොළඹ නිව් ස්ටාර් කණ්ඩායම විසින් ශ්‍රී ලංගම කණ්ඩායමට එරෙහිව ගෝල 8 - 0 ක දැවැන්ත ජයක් වාර්තා කිරීමට දැන් පැවැත්වෙන අන්තර් සමාජ ශූරයන්ගේ පාපන්දු තරගාවලියේදී (2015 -27) සමත් විය.. තරගාවලියේදී ශ්‍රී ලංගම කණ්ඩායම මීට පෙර මුහුණ දුන් තරගයේදීත් මාවනැල්ල සෙරන්ඩිබ් කණ්ඩායම හමුවේ ගෝල 6 - 0 ක දැවැන්ත පරාජයක් ලබා තිබියදී ඔවුන්ගේ මෙම පරාජයත් වාර්තා විය.
මෙම තරගයේදී ගෝල 4 - 0 ක් ලෙස පෙරමුණ ගනිමින් ඔවුන් සිය පහසු ජය වාර්තා කිරීමේදී මොහොමඩ් සකීර්,විටල් අවුඩ්ජා හා අෆ්රෝ ටොග්නෙබල් ගෝල ද්විත්වයක් බැගින් වාර්තා කර සිටියේය. නිව් ස්ටාර් ක්‍රීඩකයෝ මුහුණ දුන් පළමු තරගයේදීත් මීගමුව යූත් කණ්ඩායමට එරෙහිව ගෝල 3 - 0 ක ජයක් ලැබිය.
මේ වන විට පොලිස් ක්‍රීඩා සමාජයත් තරගාවලියේ ඉදිරියට පැමිණෙමින් ගිය වර ශූරයන් වූ මාතර සිටි කණ්ඩාමට එරෙහිව ගෝල 5 - 0 ක පහසු ජයක් ලබමින් එහි දෙවැනි ජයත් වාර්තා කර සිටියේය.
දිවයිනේ ප්‍රබළතම පාපන්දු කණ්ඩායම් 14 ක් ගැටෙන ශූරයන්ගේ තරගාවලිය පසුගිය නොවැම්බර් අග භාගයේ සිට ආරම්භ වූවත් දිවයිනට බලපෑ දිට්වා සුළි කුනාටුව හේතුවෙන් එක තරග වටයක් පමණක් පවත්වා අත් හිටුවීමට සිදු විය. එයින් පසුව මෙම සති අන්තයේ සිට යළි තරග පවත්වා ගෙන යන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි. සියළු තරග කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී පැවැත්වේ.
තරග ප්‍රතිපල
*පොලිස් පිල විසින් මාතර සිටි පිල පරාජය කරන ලදී (5 - 0)
* නිව් ස්ටාර් පිල විසින් ශ්‍රී ලංගම පිල පරාජය කරන ලදී (8 - 0)
* බේරුවල සුපර් සන් පිල විසින් මොරගස්මුල්ල ක්‍රීඩා සමාජ පිල පරාජය කරන ලදී. (2 - 0)
* සෙරන්ඩිබ් පිල විසින් ජාවාලේන් පිල පරාජය කරන ලදී (1 -0)
*කුරුණෑගල ෆෙලිකන්ස් පිල විසින් අනුරාධපුරය සොලිඩ් පිල පරාජය කරන ලදී (4 -1)
* මිගමුව යූත් පිල හා සෝන්ඩර්ස් පිල අතර තරගය සමයි (2 - 2)
සති අන්තයේදී පැවැත්වීමට නියමිත තරග
(පාපන්දු ආයතනයේ නිල තරග කාල සටහනට අනුවයි - කොළඹ රීඩ් මාවත ක්‍රීඩා සංකීර්ණයේදී තරග පැවැත්වේ)
(දෙසැම්බර් 27)
1 මාතර සිටි පිල හා කෑගල්ල ශාන්ත මේරී පිල අතර
2 ජාවාලේන් පිල හා ගම්පොල ක්‍රිස්ටල් පැලැස් පිල අතර
( දෙසැම්බර් 28)
1අනුරාධපුරය සොලිඩ් පිල හා බේරුවල සුපර් සන් පිල අතර
2 නිව් ස්ටාර් පිල හා සෙරන්ඩිබ් පිල අතර
(දෙසැම්බර් 28)
1මොරගස්මුල්ල ක්‍රී.ස.පිල හා පොලිස් පිල අතර
2 සෝන්ඩර්ස් පිල හා ශ්‍රී ලංගම පිල අතර
(දිනයේ පළමු තරගය පස්වරු 4 ටද හා දෙවැනි තරගය රාත්‍රී 8 ටද ආරම්භ වේ.)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.