Last Update  :  2025-10-18 13:04:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ජනාධිපති රන් කුසලාන ලීග් වොලිබෝල් අවසන් වටය 11 - 12

ජනාධිපති රන් කුසලාන ලීග් වොලිබෝල් අවසන් වටය 11 - 12

editorial - 2025 ඔක් මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

ජනාධිපති රන් කුසලාන ලීග් වොලිබෝල්  තරග මාලාවේ අවසන් වටය ඔක්තෝබර් 11 -12 යන දිනවල නිට්ටඹුව මහජන ක්‍රීඩාංගණයේදී පැවැත්වේ.   ඒ සදහා පළාත් තරග වටය ජය ගත් කාන්තා හා පිරිමි කණ්ඩායම් 18 ක් බැගින් නිර්දේශ ලබා සිටියි.

ඔවුන් එම තරග වටයේ කාන්තා හා පිරිමි (පළාත්) ශූරතා හා අනු ශූරතා දිනූ කණ්ඩායම් වෙති. මෙවරත් තරගාවලියට අනුග්‍රහය දක්වන්නේ ඩයලොග් - ආසියාටා සමාගම විසිනි. නිට්ටඹුවේදි පැවැත්වෙන ජාතික තරග වටයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ඩයලොග් ආසියාටා සමාගමේ සාමාන්‍යාධිකාරී (අලෙවි) ලසන්ත තෙවරප්පෙරුම මහතා සහභාගිවීමට නියමිතය.

තරගාවලියේ අවසන් මහ තරග පැවැත්වීමට නියමිතව ඇත්තේ නොවැම්බර් 2 වැනිදා කොළඹ සුගතදාස ගෘහස්ථ පිටියේදීය.

මේ අතර ජාතික ශූරතා මංචි කුසලාන වොලිබෝල් තරගාවලියද (2025) අදියර දෙකකින් පැවැත්වීමට ඒ සමග කටයුතු යොදා ඇතැයි ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ උප සභාපති මහින්ද සෙනරත් බන්ඩාර මහතා පවසයි.

ඒ සදහා කණ්ඩායම් වෙතින් ඇයැදුම්පත් පත් කැඳවීම ඔක්තෝබර් 25 වැනිදා අවසන් කෙරේ.ජාතික තරගාවලිය ආධුනික හා සුපර් ලීග් යන කාන්තා හා පිරිමි කාන්ඩ දෙකකින් සමන්විතය.

ජනාධිපති රන් කුසලාන වොලිබෝල් තරගාවලියේ ජාතික තරග වටයට නිර්දේශ ලබා ගත් පළාත් ශූරතාව හා අනුශූරතාව ලබා ගත් කණ්ඩායම් මෙසේය.

 

පිරිමි තරගාවලිය : -

රදාවාන ගෝල්ඩන් බර්ඩ්ස්, සිදූව සිරිදූව ක්‍රී.ස, මාතලේ වෑවල ක්‍රී.ස, ගොරකදෙණිය සුහද, ගාල්ල දිලෙන තරු, හබුරුගල ක්‍රී.ස, රුවන්වැල්ල රාජසිංහ, දෙහිඕවිට රන් තරු, මැදවච්චිය සිංහ, පුනෑව ඉසිපතන, නාත්තන්ඩිය යුනයිටඩ්, මහ උස්වැව රතනපාල, බදුල්ල විවේගානන්ද, ඇටම්පිටිය කෝකිල ස්ටාර්, කන්තලේ ත්‍රී ස්ටාර්, මඩකලපුව ගෝල්ඩන් ස්ටාර්, යාපනය ඇව්රන්ගල් හින්දු යොවුන් හා අල් අර්ෆා.

 

කාන්තා තරගාවලිය

 කිරිදිවැල සංඝමිත්තා, හෝමාගම ක්‍රී.ස, වටගොඩ යාඩ්ලී, පේරාදෙණිය සීනියර්, හුංගම විජයබා, තංගල්ල බාලිකා ක්‍රී.ස., කෑගල්ල ශ්‍රී සේන, ඇහැලියගොඩ නෙත්සර, තලාව මුදුණේගම ක්‍රි.ස., හොරොව්පතාන හොට්ලයින්, මහ උස්වැව රතනපාල, මහව විජය, වැලිමඩ ක්‍රී.ස. ඇල්ල ජොසපියන්ස්, සේරුනුවර රන්තරු, යාපනය වලර්මතී හා තිරුනාගර් ක්‍රී.ස. (නැගෙනහිර පළාතේ කාන්තා අනුශූරතාව හිමි කර ගත් කණ්ඩායමක් දක්වා නැත)

 


අදහස් (0)

ජනාධිපති රන් කුසලාන ලීග් වොලිබෝල් අවසන් වටය 11 - 12

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.