ඉන්දීය ප‍්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) විස්සයි20 ක‍්‍රිකට් තරගාවලියේ 47 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර චෙන්නායිහිදී අද (10) පැවැති දිනයේ දෙවැනි තරගයෙන් ලකුණු 12 ක ජයක් ලැබූ චෙන්නායි පිල ප‍්‍රසාද ලකණු සටහනේ පළමු ස්ථානයට පැමිණියේය.
චෙන්නායි පිල මේ වන විට තරග 12 කදී ජයග‍්‍රහණ 8 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 16 ක් ලබා සිටියි.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල තරග 12 කදී ජයග‍්‍රහණ 7 ක් සමගින් ප‍්‍රසාද ලකුණු 15 ක් ලබා දෙවැනි ස්ථානයේ ද, රාජස්ථාන් පිල තරග 13 කදී ජයග‍්‍රහණ 6 ක් සමගින් ලකුණු 14 ක් ලබා තෙවැනි ස්ථානයේ ද, රැදී සිටියි.
ජයග‍්‍රහණය සදහා ලකුණු 158 ක ඉලක්කය හඹාගිය රාජස්ථාන් පිල ඕවර 20 අවසානයේ කඩුලූ 9 ක් දැවී ලකුණු 145 ක් රැස් කළේය. පළමුව පන්දුවට පහර දුන් චෙන්නායි පිල ඕවර 20 අවසානයේ කඩුලූ 5 ක් දැවී ලකුණු 157 ක් රැස් කළේය.
බ්‍රෙන්ඩන් මැකලම් පන්දු 61 කදී හතරේ පහර 7 ක් සහ හයේ පහර 4 ක් සමගින් ලකුණු 81 ක් රැස්කළ ද ප‍්‍රවේගකාරී පිතිකරු සුරේෂ් රයිනා ලකුණු 3 කට දැවී යෑමත් සමගින් ලකුණු වේගය අඩාල විය.
ක‍්‍රිස් මොරිස් දක්‍ෂ පන්දු යැවීමක නිරත වෙමින් ලකුණු 19 කට කඩුලූ 3 ක් දවා ගනිමින් චෙන්නායි ඉනිම මන්දගාමී කළේය.
කාසියේ වාසිය ලැබූ චෙන්නායි පිලේ නායක මහේන්ද්‍ර සිං දෝනි පළමුව පන්දුවට පහර දීමට තීරණය කළේය.
චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 කදී කඩුලූ 5 ට 157
(බ්‍රෙන්ඩන් මැකලම් 81, ෆෆ් ඩූ ප්ලීසිස් 29, මහේන්ද්‍ර සිං දෝනි නොදැවී 13, ඞ්වේන් බ‍්‍රාවෝ නොදැවී 15, ක‍්‍රිස් මොරිස් 19/3)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 145
(අජින්‍යා රහනේ 23, ෂේන් වොට්සන් 28, සංජු සැම්සන් 26, ජේම්ස් ෆෝක්නර් 16, ක‍්‍රිස් මොරිස් නොදැවී 16, රවීන්ද්‍ර ජඬේජා 11/4, මොහිට් ශර්මා 25/3)
- 048
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.