Last Update  :  2026-03-31 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story චීන - තායිපේ ශ්‍රී ලංකාවට දෙවැනි වතාවටත් පරදී

චීන - තායිපේ ශ්‍රී ලංකාවට දෙවැනි වතාවටත් පරදී

editorial - 2026 මාර් මස 31 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(නාමල් පතිරගේ)

 ශ්‍රී ලංකාව හා චීන - තායිපේ අතර ආසියානු කුසලාන (2027) පාපන්දු නිර්දේශ තෙවැනි වටයේ අද (31) තායිපේ නුවරදී පැවැති තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 3 - 1 ක විශිෂ්ඨ ජයක් ලැබීය.එහිදී ශ්‍රී ලංකා කණ්ඩායම ඉන් ගෝල දෙකක්ම පළමු භාගයේදී වාර්තා කිරීමට සමත්වීම කැපී පෙණුනි.

ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයේ සජීවී නිල නොවන ලෝක පාපන්දු කණ්ඩායම් (පිරිමි) ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව අද තරගයට සහභාගි වන විට 195 වැනි ස්ථානයේත් චීන - තායිපේ 174 වැනි ස්ථානයේත් පසු විය. ඒ අනුව ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම් අනුව තමන්ට වඩාත් ඉදිරියෙන් පසු වන කණ්ඩායමක් දෙවැනි වතාවටත් පරාජය කිරීම එහිදී තවත් කැපී පෙණුනු සිදුවීමකි.

එහිදී මෙම තරග වටයේදී ශ්‍රී ලංකාව ප්‍රතිවාදී චීන - තායිපේට එරෙහිව ජූනි 10 වැනිදා මුහුණ දුන් පළමු තරගයෙන්ද ගෝල 3 -1 ක පහසු ජයග්‍රාහණයක් ලැබීය. එදින කොළඹදී දෙරට මුණ ගැසුණු අවස්ථාවේදීය. ශ්‍රී ලංකාව අවසන් වරට පසුගිය නොවැම්බර් 18 වැනිදා කොළඹදී  මෙම තරග වටයේදීම මුහුණ දුන් තරගයෙන් තුර්ක්මෙනිස්ථානයට ගෝල 2 - 1 කින් පරාජයට පත් විය.

අද තරගයේ පළමු භාගයේ 18 වැනි විනාඩියේදී 21හැවිරිදි රාහුල් සුරේෂ් විසින් ශ්‍රී ලංකාවට පළමු ගෝලය ලැබ දුන්නේය.ඉන් විනාඩි අටක් යාමට මත්තෙන් 26 වැනි විනාඩියේදී නිලෝශාන් සෙන්තූර්වසන් ශ්‍රී ලංකාවට තරගයේ දෙවැනි ගෝලය වාර්තා කර සිටියේය. ඔහු නෝර්වේ රාජ්‍යයේ දිවි ගෙවන එහි ඩ්‍රොබැක් ෆ්‍රොන් කණ්ඩායමට ක්‍රීඩා කරන්නෙකි.

මේ අතර දෙවැනි භාගය ආරම්භවී 56 වැනි විනාඩියේදී තායිපේ ක්‍රීඩක ක්‍රිස්ටෝපර් ටිආවෝ විසින් වැරදීමකින් සිය දැල තුළට පන්දුව (ඕන් ගෝල්) යොමු කිරීමකින් ශ්‍රී ලංකාවට තෙවැනි ගෝලය අත් විය.ඒ අතර 55 වැනි විනාඩියේදී චීන - තායිපේ කණඩායම තරගයට අවතීර්ණ වෙමින් සිය ගෝලය වාර්තා කළේ යූ යාඕ හසින්ග් විසිනි.

අද තායිපේ නුවරදී තරග වැදි මෙම දෙරටම 2027 - ආසියානු කුසලාන පාපන්දු තරගාවලියෙන් ඒ වන විටත් ඉවතට ගොස් තිබු බැවින් එහි ප්‍රතිපලය දෙරටම බලපෑමක් නොකළේය.කෙසේවූවත් අද තරග ජයග්‍රාහණයත් සමග ශ්‍රී ලංකාවට ඉදිරි ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි පියවරක් ඉදිරියට යාමේ අවස්ථාව සැළසී තිබේ.

ඒ අනුව ආසියානු (2027) නිර්දේශ තරග වටයට සහභාගිවීම අද අවසන් කළ ශ්‍රී ලංකාව එහි ඩී කාන්ඩයේ සහභාගි වූ තරග හයෙන් තුනක් ජය ගනිමින් හා සෙසු තරග තුන පරාජයට පත්වීමෙන් ප්‍රසාද ලකුණු සටහනේ තෙවැනි ස්ථානයට පත්වූයේ ලකුණු නවයක් ලබා ගැනීමෙනි.

එහිදී සහභාගි වූ සියළු තරග පරාජය වූ චීන - තායිපේ ප්‍රසාද ලකුණු සටහනේ සිව් වැනි (අවසන්) ස්ථානයට පත් වූයේ කිසිදු ලකුණක් නොලබමිණි. තුර්ක්මෙනිස්ථානය හා තායිලන්තය අතර අද බැංකොක් නුවරදී පැවැත්වීමට නියමිතව තිබූ තරගයේ ජයග්‍රාහකයා ඩී කාන්ඩයේ සමස්ත ජයග්‍රාහකයා වෙමින් 2027 ආසියානු කුසලාන පාපන්දු (රියාද්) අවසන් වටයට එම කාන්ඩයෙන් නිර්දේශ ලබා ගැනීමට නියමිතව තිබුණි.ඒ වන විට මෙම දෙපිලම සම ප්‍රසාද ලකුණු ලබමින් පසුවීම කැපී පෙණුනි.


අදහස් (0)

චීන - තායිපේ ශ්‍රී ලංකාවට දෙවැනි වතාවටත් පරදී

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.