Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
දකුණු කොරියාවේ ‘ඉංචියොන්’ නුවරදී පැවැත්වෙන XVII වැනි ආසියානු ක‍්‍රීඩා උළෙලේ 10 වැනි දිනය වූ අද (28) ශ‍්‍රී ලංකා මීටර 400 ශූරී චන්ද්‍රිකා සුභාෂිණි රස්නායක කාන්තා මීටර 400 ඉසව්වේ සිවුවැනි ස්ථානයට වූවාය.
ශ‍්‍රී ලංකාව මෙවර ක‍්‍රීඩා උළෙලේ තබා තිබූ පදක්කම් බලාපොරොත්තුවක් මෙම ප‍්‍රතිඵලයත් සමග බොද වී ගියේය.
ඉංචියොන් ප‍්‍රධාන ක‍්‍රීඩාංගණයේදී අද (28) කොරියානු වේලාවෙන් රාත‍්‍රී 7.35 ට පමණ පැවැති මීටර 400 කාන්තා අවසන් තරගය චන්ද්‍රිකා තත්පර 52.47 කින් තරගය නිම කළාය.
මීටර 400 ඉසව්වේ චන්ද්‍රිකා මීට පෙර හොදම තරග නිමි කාලය තත්පර 52.36 ක් වන අතර මෙහිදී ඇය හොදම තරග නිම කාලය ළගා වීමට නොහැකි වූවාය. ඇය එම කාලයට ළගා වූවේ නම් ලෝකඩ පදක්කම දිනා ගැනීමේ අවස්ථාව තිබුණි.
මූලික තරගයේදී වසර 12 ක් පැරණි ආසියානු ක‍්‍රීඩා වාර්තාව අලූත් කළ බහරේන් ක‍්‍රීඩිකා ඔලූවාමි මුජිදාත් තත්පර 51.59 ක කාලයක් වාර්තා කරමින් රන් පදක්කම දිනා ගැනීමට සමත් වූවාය.
වියට්නාම් ක‍්‍රීඩිකා තිම් ලාන් තත්පර 52.06 කින් තරගය අවසන් කරමින් රිදී පදක්කම ද, ඉන්දීය ක‍්‍රීඩිකා ජුටම්මා රාජු තත්පර 52.36 කින් තරගය අවසන් කරමින් ලෝකඩ පදක්කම ද හිමිකර ගත්හ.
මලල ක‍්‍රීඩා තරග ආරම්භ කරමින් ඊයේ (27) පැවැති කාන්තා මීටර 400 ඉසව්වේ පළමු මූලික තරගය තත්පර 52.78 කින් අවසන් කරමින් චන්ද්‍රිකා පළමු ස්ථානය දිනා ගනිමින් අවසන් තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වූවාය.
චන්ද්‍රිකා අවසන් මහ තරගයට සුදුසුකම් ලැබූ ක‍්‍රීඩිකාවන් අට දෙනා අතරින් තරග නිමි කාලය අනුව සිවුවැනි ස්ථානයේ පසු වූ අතර මූලික තරග ප‍්‍රතිඵල අනුව අවසන් තරගයට සහභාගි වූ බහරේන් ක‍්‍රීඩිකා ඔලූවාමි මුජිදාත් (51.11), ඉන්දීය ක‍්‍රීඩිකා ජුටම්මා රාජු (52.17) සහ වියට්නාම් ක‍්‍රීඩිකා තිම් ලාන් (52.57) චන්ද්‍රිකාට ඉදිරියෙන් සිටියහ.
පළමු මූලික වටයේ දෙවැනි ස්ථානයට කසකස්තානු ක‍්‍රීඩිකා ආර්. යූලියා (54.21) ද, තෙවැනි ස්ථානයට මැලේසියානු ක‍්‍රීඩිකා බින්ටු (54.47) පත්වූහ.
මීටර 400 කාන්තා ඉසව්වේ මුලික තරග තුනක් පැවැති අතර ඉන් පළමු ස්ථාන දෙක බැගින් හය දෙනා සමග හොදම තරග නිම කාලය වාර්තා කළ ක‍්‍රීඩිකාවන් දෙදෙනා ඇතුඵ ක‍්‍රීඩිකාවන් අට දෙනකු අවසන් තරගයට සහභාගි වූහ.
ශ‍්‍රී ලංකා හිටපු කෙටි දුර ධාවන ශූරී දමයන්ති දර්ශා 2002 බූසාන් ආසියානු ක‍්‍රීඩා උළෙලේදී තත්පර 51.13 කින් තබා තිබූ මීටර 400 කාන්තා ඉසව්වේ ආසියානු ක‍්‍රීඩා වාර්තාව ඊයේ (27) තෙවැනි මූලික වටයේදී බහරේන් ක‍්‍රීඩිකා ඔලූවාමි මුජිදාත් තත්පර 51.11 ක් වාර්තා කරමින් බිද දැමීමට සමත් වූවාය.
චන්ද්‍රිකා තරගයෙන් පසුව පැවසුවේ ඇය තරගය නිම කළ කාලය පිළිබදව සතුටු වන බවත් පදක්කමක් නැති වීම පිළිබදව කණගාටු වන බවත්ය.
”මම මේ ක‍්‍රීඩා උළෙලට සහභාගි වුණේ පුහුණුකරුවකු නැතුවයි. පුහුණුකරුවකු සිටියා නම් ඇති වූ පොඩි පොඩි වැරදි නිවැරදි කරගෙන මීට වඩා හොද තත්ත්වයකට එන්න තිබුණා” යැයි ඇය වැඩි දුරටත් පැවසුවාය.
චන්ද්‍රිකා මීටර 200 කාන්තා මූලික වටයේ තරගයට අනිද්දා (30) පස්වරුවේ සහභාගි වීමට නියමිතය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.