Last Update  :  2025-10-02 21:46:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ගෘහස්ථ ක්‍රිකට් ලෝක ශූරතාවලිය හෙට ඇරඹෙයි

ගෘහස්ථ ක්‍රිකට් ලෝක ශූරතාවලිය හෙට ඇරඹෙයි

editorial - 2025 සැප් මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

රටවල් 9 ක් සහභාගි වන ගෘහස්ථ ක්‍රිකට් ලෝක ශූරතාවලිය හෙට (26 වැනිදා) කොළඹදී ආරම්භ වෙයි. තරගාවලියේ සමාරම්භක උත්සවය හෙට පෙරවරු 9.00 ට කොළඹ සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේදී ආරම්භ කෙරේ. පිරිමි (විවෘත), කාන්තා (විවෘත), 22 න් පහළ පිරිමි සහ 22 න් පහළ කාන්තා වශයෙන් කාණ්ඩ 4 කින් මෙම තරගාවලිය සමන්විත වේ. තරගාවලියට සහභාගි වන කණ්ඩායම් සංඛ්‍යාව 31 කි. 

තලවතුගොඩ පිහිටි ‘ඕස්ට්ඒෂියා’ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී සහ ‘යූ-ප්‍රෝ’ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී තරගාවලිය සම්පූර්ණයෙන්ම පැවැත්වෙයි. 

ශ්‍රී ලංකාවෙන් කණ්ඩායම් 6 ක් ඉදිරිපත් වන අතර ඕස්ටේ්‍රලියාව, එංගලන්තය, නවසීලන්තය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය කණ්ඩායම් 4 ක් බැගින් තරගාවලියට ඉදිරිපත් කර තිබේ. ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව නියෝජනය කරමින් කණ්ඩායම් 3 ක් බැගින් ඉදිරිපත්ව සිටින අතර සිංගප්පූරුවෙන් කණ්ඩායම් දෙකක්ද, ඇමරිකා එක්සත් ජනපදයෙන් කණ්ඩායමක් ද මෙම තරගාවලියට ඉදිරිපත්ව සිටිති. 

හෙට පැවැත්වෙන තරගාවලියේ සමාරම්භක උත්සවයෙන් පසුව තලවතුගොඩ පිහිටි ගෘහස්ථ ක්‍රීඩාංගණවලදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පුහුණුවීමේ අවස්ථා ලැබෙනු ඇත. 

27 වැනිදා (සෙනසුරාදා) සිට ඔක්තෝබර් මස 2 වැනිදා දක්වා මූලික වටයේ තරග පැවැත්වේ. ඔක්තෝබර් 3 වැනිදා අවසන් පූර්ව තරග පැවැත්වෙන අතර ඔක්තෝබර් 4 වැනිදා අවසන් මහ තරග පැවැත්වෙයි. 

 


අදහස් (0)

ගෘහස්ථ ක්‍රිකට් ලෝක ශූරතාවලිය හෙට ඇරඹෙයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.