
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ගාල්ල කණ්ඩායම සහ කොළඹ කණ්ඩායම අතර රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් පළමු ඉනිමේ ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම අද (23 වැනිදා) සමත් විය.
තරගය නිමාවට පත්වන විට ගාල්ල කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 3 ක් දැවී ලකුණු 118 ක් ලබා කොළඹ කණ්ඩායමට වඩා ලකුණු 131 ක් ඉදිරියෙන් සිටියේය. ඒ වන විට නිපුන් ධනංජය හතරේ පහර 9 ක් සමග නොදැවී ලකුණු 73 ක්ද, සන්තුෂ් ගුණතිලක නොදැවී ලකුණු 28 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ.
තෙවැනි දිනය වූ ඊයේ (22 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට කඩුලු 6 ක් දැවී ලකුණු 341 ක් ලබා සිටි කොළඹ කණ්ඩායමට, අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ ලකුණු 81 ක් පමණි. නායක චරිත් අසලංක හයේ පහර 2 ක් සහ හතරේ පහර 17 ක් සමග ලකුණු 151 ක් ලබා සිටියදී දුනිත් වෙල්ලාලගේ පන්දුවක් හමුවේ දැවී ගියේය.
ගාල්ල පළමු ඉනිම - ඕවර 136.2 කදී සියලු දෙනා දැවී 435
(දිනෙෂ් චන්දිමාල් 132, දුනිත් වෙල්ලාලගේ 21, රමේෂ් මෙන්ඩිස් 72, නිසල තරක 76, දිලුම් සුදීර 66, ධනංජය ලක්ෂාන් 99/5)
කොළඹ පළමු ඉනිම - ඕවර 123.3 කදී සියලු දෙනා දැවී 422
(අවිෂ්ක ප්‍රනාන්දු 53, ධනංජය ලක්ෂාන් 60, සනෝජ් දර්ෂික 18, චරිත් අසලංක 151, කවීන් බණ්ඩාර 40, රනේෂ් සිල්වා 19, ප්‍රමෝද් මධුෂාන් 45, නිෂාන් පීරිස් 25, දුනිත් වෙල්ලාලගේ 81/4, නිසල තාරක 79/2, රමේෂ් මෙන්ඩිස් 115/2)
ගාල්ල දෙවැනි ඉනිම - ඕවර 36 කදී කඩුලු 3 ක් දැවී 118
(නිපුන් ධනංජය නොදැවී 73, සන්තුෂ් ගුණතිලක නොදැවී 28, ප්‍රභාත් ජයසූරිය 61/2)
-036



ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.