
(ශානුක අරවින්ද)
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධානය කරන ජාතික සුපිරි ලීග සිවුදින ක්‍රිකට් තරගාවලියේ කොළඹ කණ්ඩායම සහ ගාල්ල කණ්ඩායම අතර හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති සිවුදින තරගයෙන් කඩුලු 4 ක් ජයක් වාර්තා කිරීමට ගාල්ල කණ්ඩායම ඊයේ (18 වැනිදා) සමත් විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 88 ක පහසු ඉලක්කයක් හඹාගිය ගාල්ල ක්‍රීඩකයෝ කඩුලු 6 ක් දැවී ඉලක්කය සපුරාගත්හ. එහිදී දක්ෂ පන්දු යැවීමක නිරත වූ නලින් ප්‍රියදර්ෂන ලකුණු 41 කට කඩුලු 4 ක් බිඳහෙළුවද කොළඹ කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට තරම් එය ප්‍රමාණවත් නොවීය.
දෙවැනි දිනය නිමාවට පත්වන විට කඩුලු 4 ක් දැවී ලකුණු 110 ක් ලබා සිටි කොළඹ කණ්ඩායමට ඊයේ දිනයේදී සිය දෙවැනි ඉනිම වෙනුවෙන් එක්කර ගත හැකි වූයේ තවත් ලකුණු 87 ක් පමණි. නිෂාන් පීරිස් ලකුණු 47 කට කඩුලු 6 ක්ද, නිමේෂ් විමුක්ති ලකුණු 69 කට කඩුලු 4 ක්ද දවාගනිමින් කොළඹ දෙවැනි ඉනිම සුණුවිසුණු කර දැමූහ.
කොළඹ පළමු ඉනිම - සියලු දෙනා දැවී 145 
(නිපුන් ධනංජය 63, අෂේන් බණ්ඩාර 23, දුනිත් වෙල්ලාලගේ 20, උදිත් මධුෂාන් 45/4, ධනංජය ලක්ෂාන් 20/2, නිෂාන් පීරිස් 36/2) 
ගාල්ල පළමු ඉනිම - සියලු දෙනා දැවී 255
(ලක්ෂාන් එදිරිසිංහ 21, ලක්ෂාන් එදිරිසිංහ 21, විෂාද් රන්දික 96, ධනංජය ලක්ෂාන් 21, මිලාන් රත්නායක 59, නිසල තාරක 67/6, නලින් ප්‍රියදර්ෂන 56/2) 
කොළඹ දෙවැනි ඉනිම - සියලු දෙනා දැවී 197 
(නිපුන් ධනංජය 30, අෂේන් බණ්ඩාර 48, ප්‍රියමාල් පෙරේරා 43, පැතුම් කුමාර 20, නිෂාන් පීරිස් 47/6, නිමේෂ් විමුක්ති 69/4) 
ගාල්ල දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 89 
(ලක්ෂාන් එදිරිසිංහ 28, ධනංජය ලක්ෂාන් නොදැවී 29, නලින් ප්‍රියදර්ෂන 41/4, දුනිත් වෙල්ලාලගේ 41/2) 
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.