ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ නිලවරණය අත්හිටුවමින්, එහි කටයුතු පවත්වාගෙන යාමට අතුරු කමිටුවක් පත්කිරීම සම්බන්ධයෙන් නොසතුටට පත්ව සිටින ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සාමාජිකයෝ තමන්ගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතිය ලබාදෙන ලෙෂ ඉල්ලා කී‍්‍රඩා ඇමති නවීන් දිසානායක මහතා මුණගැසීමට බලාපොරොත්තුවෙති.
කොළඹ එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයේදී ඉකුත් සෙනසුරාදා (25 වැනිදා) මුණගැසුණු ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සාමාජිකයෝ එකහඬින් කියා සිටියේ කී‍්‍රඩා ඇමතිවරයා මුණගැසී නිලවරණයක් පැවැත්වීමට අවසර දෙන ලෙස ඉල්ලා සිටිය යුතු බවයි.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සාමාජිකයන් 85 දෙනකුගෙන් 68 දෙනකුම මෙම රැස්වීමට පැමිණි බවත් නිලවරණය පැවැත්වීමට අවසර දෙන මෙන් ඉල්ලා සිටින ලිපියකට ඔවුන් 68 දෙනාම අත්සන් කළ බවත් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු සභාපතිවරයකු වන උපාලි ධර්මදාස මහතා පැවසීය.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ හිටපු ලේකම් නිශාන්ත රණතුංග මහතාත්, හිටපු උප සභාපති මොහාන් ද සිල්වා මහතාත් මෙම රැස්වීමට පැමිණ සිටි නමුත් එහි සභාපතිවරයාව සිටි ජයන්ත ධර්මදාස මහතා එස්. එස්. සී. කී‍්‍රඩා සමාජයේදී පැවැති රැස්වීමට පැමිණ නොසිටියේය.
රැස්වීමෙන් පසුව පැවැති මාධ්‍ය හමුවේදී නිශාන්ත රණතුංග, උපාලි ධර්මදාස සහ මොහාන් ද සිල්වා යන මහත්වරුන්ගෙන් විමසූ ප‍්‍රශ්නවලට ඔවුන් දුන් පිළිතුරු පහත දැක්වේ.
ප‍්‍රශ්නය : මෙවන් රැස්වීමක් කැඳවීමට හේතුව කුමක්ද ?
ඇත්ත වශයෙන්ම අපි ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සාමාජිකයින් හැටියට අද කතා කළේ අන්තර් පාලන කමිටුවක් පත් කිරීම සම්බන්ධයෙන්. මෙතනදි අපිට දේශපාලනමය වශයෙන් කිසිම දෙයක් ඇත්තේ නැහැ.
අපි අද පැහැදිලි කරන්නට ආවේ ක‍්‍රිකට් පාලක මණ්්ඩලයට අපට තිබෙන අයිතිය ලබා ගැනීම ගැන. මමත් (උපාලි ධර්මදාස මහතා) ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ හිටපු සභාපති කෙනෙක්, උප සභාපති කෙනෙක් වගේම අන්තර් පාලන කමිටුවකත් හිටපු සභාපති කෙනෙක්. ඒ උනාට මේ පත් කරපු ක‍්‍රමය හරිද, වැරදිද කියා පැහැදිලි කිරීම සඳහායි අද අපි අපේ සාමාජිකත්වය මෙතනට කැඳවලා කතා කළේ.
මොකක්ද මේ පත් කරපු ක‍්‍රමයේ තියෙන වැරැද්ද ?
පත් කරපු ක‍්‍රමයේ වැරැුද්ද කියන්නේ ඒකට නිශ්චිත හේතුවක් නැතිකමයි. අපේ තියෙන ව්‍යවස්ථාව අනුවත් එහි පැහැදිලි කිරීමත්, ඒ වගේම ක‍්‍රීඩා පනත යටතේ තිබෙන දේ අනුවත් එහි යම් කිසි වරදක් තිබේ නම් කරුණු පැහැදිලි කරගෙන ඊට පස්සේ ඒකට හේතුවක් කීමෙන් පසුවයි මෙවන් අතුරු කමිටුවක් පත් කළ කළ යුත්තේ.
එහෙම නැතුව අපි අප‍්‍රියෙල් මාසේ 30 වෙනිදට නිලවරණයක් කැඳවලා, ක‍්‍රීඩා අමාත්‍යංශයෙන් අපිට ඒකට අවසර දීලා, ගරු ඇමතිතුමත් අවසර දුන්නටත් පස්සේ බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ ඒක පැවැත්වීමට මුදලූත් බැන්දා. ඊට පස්සේ එය නවත්තලා සති තුනකට පෙර අළුත් කමිටුවත් පත් කිරීමට විරෝධතාවය දැක්වීමට තමයි අපේ තිබෙන මුලික කාරණාව.
දැන් බලාපොරොත්තු වෙන පියවර මොකක්ද ?
මූලික පියවර තමයි ක‍්‍රීඩා ඇමති තුමා දැනුවත් කිරීම සහ රජය දැනුවත් කිරීම. ඒ වගේම ජනාධිපති තුමා දැනුවත් කිරීම. ඒ මගින් සාමාජිකයන්ගේ අයිතිවාසිකම් ලබා ගැනීම.
ශී‍්‍ර ලංකා කි‍්‍රකට් සාමාජිකත්වයේ කී දෙනෙක් ඉන්නවද, අද කී දෙනෙක් ඇවිදින්ද ?
මේක කොටස් පහකට බෙදෙනවා පළාත් අනුව, දිස්ත‍්‍රික් අනුව ආදි වශයෙන්. ඔක්කොම සාමාජිකයන් 85 දෙනෙක්ගෙන් සමන්විතයි. එයින් 68 දෙනෙක් අද පැමිණුනා. 17 දෙනෙක් තමයි පැමිණියේ නැත්තේ. මේ රැස්වීමේදී බහුතරය තීරණය උනේ මේ සම්බන්ධව ක‍්‍රීඩා ඇමතිතුමා දැනුවත් කිරීමත්, ඒ වගේම අගමැතිතුමත්, ජනාධිපතිතුමත් දැනුවත් කිරීම.
ඒකට යම් කිසි සූදානමක් තියෙනවාද ?
අද මේ සභාව රැස් වෙනකොට ඒ පැමිණි සිටි සියලූම දෙනා ඔවුන්ගේ නම් ලියලා අත්සන් කරලා දුන්නා. ඒ ඔක්කෝගෙම ලයිස්තුව අරගෙන ඒ අනුව ලිපියක් පිලයෙළ කර යැවීම තමයි අපේ මුලික බලාපොරොත්තුව
ඒ කියන්නේ අතුරු කමිටුව පත්කිරීමට එරෙහිව පෙත්සමක් වගේ දෙයක්ද ?
පෙත්සමක්ම නෙමෙයි. ඉල්ලීමක් පමණයි. ඇමතිතුමන් සමග සාකච්ඡුාවක් ඉල්ලලා. මෙතන අත්සන් 68 ක් තියෙනවා.
2004 වසරෙදිත් මේ වගේ දෙයක් උනා. එදා සහ අද අතර වෙනස මොකක්ද ?
මම (මොහාන් ප‍්‍රනාන්දු මහතා) තමයි 2004 හිටපු සභාපති. එතකොට අපි නිලවරණය කැඳවලා තිබුණේ (2004) මාර්තු 30 වෙනිදා. මාර්තු 30 වෙනිදා වෙනකොට තිලංග සුමතිපාල මහත්තයා නිතරගයෙන් සභාපති හැටියට පත්වෙන්න තමයි තිබුණේ. නමුත් මාර්තු 28 වෙනිදා ජීවන් කුමාරතුංග ඇමති තුමා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සාමාජිකත්වය අත් හිටෙව්වා.
නමුත් අපි විශ්වාස කරනවා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කියන්නේ ස්වාධීන ආයතනයක්. මොකද අපේ කොටස්කරුවෝ තමයි ඒකේ සාමාජිකයෝ. ඒ වතාවේ තිලංග සුමතිපාල මහත්තයා කළේ කි‍්‍රකට් පාලක මණ්ඩලය අත් හිටෙව්වත් 30 වැනිදා නිලවරණය තිබ්බා. ඔවුන් ඇැත්තටම මාසයක් එක හමාරක් අපේ මුලස්ථානයේ වැඩ කරගෙන ගියා. පස්සේ එස්. ටී. එෆ්. (විශේෂ කාර්ය බලකාය) යොදවලා ඒ ගොල්ලන්ව අයින් කරලා තමයි අන්තර් කමිටුව වැඩ බාරගත්තේ.
චෝදනාවක් තියෙනවා ඔබලා මේ හදන්නේ පහුගිය කාලේ කරපු දේවල් හොයන එක වලක්වන්න කියලා ?
මම (නිශාන්ත රණතුංග මහතා) හිතන්නේ ක‍්‍රිකට් පාලක මණ්ඩලය ගන්ත සියලූම තීරණ ඒකමතික තීරණ අරන් තියෙන්නේ. එක පුද්ගලයෙක් ගත්ත තීරණ නැහැ. ඉතින් මම හිතන්නේ කිසියම් කෙනෙක් කියනවා නම් පාලක මණ්ඩලය වැරුද්දක් කරලා තියෙනවා කියා ඒ පුද්ගලයාට පුළුවන් පරීක්ෂණයක් කරන්න කියන්න. ඒ සම්බන්ධයෙන් අපි ඕනෑම අවස්ථාවක උත්තර දෙන්න බැඳී සිටිනවා.
මේ තත්වය ගැන එදා කතාකළේ නැත්තේ ඇයි ?
මේක වෙනකොට අපි හිටියේ ඕස්ටේ‍්‍රලියාවේ. ලෝක කුසලන තරගයට ගිහින් හිටියේ. නමුත් මේ සම්බන්ධයෙන් සියලූ දේවල් දැනුම්වත් කිරීම කළා. සභාපතිතුමාටත් මේ හිටිපු කට්ටියවත් දැනුම්වත් කිරීම් කළා. ඒ වගේම ඒ ලැබුණු සියලූම ලියකියවිලි අපි ඇමතිතුමාට ඉදිරිපත් කරලා තියෙනවා.
නිලවරණය සම්බන්ධයෙන් අවුරුදු 4 නීතිය ගැන මොනවද කියන්න තියෙන්නේ ?
මම (උපාලි ධර්මදාස මහතා* ඒක පැහැදිලි කරන්නම්. ඒ අවුරුදු 4 නීතිය ආවේ මම සභාපති ධූරය දරපු කාලයේ. එහි සත්‍ය තත්ත්වය නම් අවුරුදු දෙකක කාලයකට සභාපති කෙනෙක් පත් කරනවා. ඊට පස්සේ ගරු ඇමතිතුමාගේ අවසර ඇතිව තව අවුරුදු 2 ක් ඉදිරියට යන්න පුළුවන්. එහෙමයි ඒක ලෑස්ති කරලා තිබ්බේ. ඒ අනුව ක‍්‍රිකට් පාලක මණ්්ඩලයේ එක දිගටම අවුරුදු 4 ක් තමන් සභාපති වෙලා හිටියා නම් නැවත ඒ ස්ථානයට එන්න බැහැ.
ඒ උනාට උප සභාපති කෙනෙක්හරි, භාණ්ඩාගාරික කෙනෙක් හරි ලේකම් හරි නැත්නම් කමිටු සාමාජිකයින් හැටියට හිටියා නම් සභාපති ලෙස පත්වීමට අවසර තියෙනවා. නමුත් ඒකත් දැන් පෙරලීගෙන තියෙන්නේ අවුරුදු 4 කට පස්සේ තමන්ට මොනම තනතුරකටවත් ඉල්ලන්න බැහැ කියන කාරණාවට.
ක‍්‍රීඩා සමාජයක තනතුරත් දැරුවත් ඒක ඒ විදිහටම බලපානවද ?
නැහැ මම හිතන්නේ ඒක හැම සංගමයකටම පොදුවේ යන දෙයක්.
ඔබ තුමත් සභාපති වෙලා ඉන්න කාලෙක නේද මේ නීතිය හැදුවේ ?
ඔව්
ඒ සම්බන්ධයෙන් ජාතික ක‍්‍රීඩා සභාපතිවරුන් හැටියට ඔබලාගෙන් විමසීමක් කළාද ?
කළා. අපි ඔක්කමෙ ක‍්‍රීඩා අමාත්‍යංශයට කැඳවලා අපි සහභාගී වලා අපි කිව්වේ නීීතිය පටන් ගන්න දවසේ ඉදලා ඉදිරියට ක‍්‍රියාත්මක කරන්න. ඊට පස්සට යන්න බැහැයි කියන කාරණය. ඒකටත් කැමති වෙලා ඒ අනුව තමයි මේ නීතිය දැම්මේ.
එතකෙට ඔබ කියන්නේ එදා දාපු නීතිය වෙනස් කෙරුවා කියලද ?
දැන් ඇත්තටම යන හැටියට ඒ වගේ දෙයක් තමයි පේන්න තියෙන්නේ. මම හිතන්නේ වෙනත් අර්ථ කතනයකුත් දීලා තියෙනවා.
දැන් අපි ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ව්‍යවස්ථාව ගත්තත් ඒකේ තියෙනවා නිලධාරියෙක් හැටියට තරග කරන්න නම් කෙනෙක් අඩුම ගානේ අවුරුදු දෙකක් විධායක මණ්ඩලයේ සාමාජිකත්වය දැරිය යුතුයි කියලා. ඒ කරුණු අපි ඉදිරිපත් කරලා තියෙන්නේ ඒ තනතුරු වලට එන්න ඉස්සරවෙලා විධායක මණ්ඩලයේ වැඩ කරන්නේ කියන එක ගැන අවබෝධයක් ලැබිය යුතු නිසා.
ඒ වගේම තමයි දැන් අවුරුදු දෙකේ සීමාව. ඒක අපි හිතන්නේ හිටපු ක‍්‍රීඩා ඇමතිතුමා එක පුද්ගලයෙකුට දිගටම ඉන්න අවස්ථාව නැති කිරීම තමයි අදහස් කළේ. ඒ අදහස හොඳයි. නමුත් ඒක තනතුරක් විතරයි. අපි හිතන හැටියට ලේකම් හැටියට හිටියොත් අවුරුදු දෙකක් ලේකම් වෙලා ඉන්නවා. නමුත් එයාට ආයේ සභාපතිහැටියට තරග කරන්න බැහැ කියන එක මම හිතන්නේ නැහැ සාධාරණයි කියා.
පසුගිය කාලෙත් අතුරු කමිටුවක් තිබ්බා. ඒක අන්තර්ජාතික කි‍්‍රකට් සභාවත් දැනහිටියා. ඊට පස්සේ (2012) තමයි නැවතත් නිලවරණයක් තිබ්බ වෙලාවේ උපාලි ධර්මදාස මහතා සභාපති වුණේ.
අපි අද ඒක දීර්ඝ වශයෙන් සාතච්ඡ කළා. 2011 දි තමයි අතුරු පාලක මණ්ඩල පත්වීම සහ දේශපාලන බලධාරීන් ක‍්‍රීඩාවට ඇතුළත්වීම සම්බන්ධයෙන් නීති ගෙනාවේ.
2011 ඒක ගෙනල්ලා සියළුම රටවල් එක්ක යෝජනාවක් ගෙනල්ලා ඒක අනුමත කළා 2012 දි. ඒක නිසා තමයි 2012 දි නිලවරණයකට යන්න අපිට අවස්ථාව ලැබුනේ. ඉතින් ඒක ආවට පස්සේ ඒකෙදි එම පත් කිරීම් සිදු උනොත් ප‍්‍රශ්න වැලකට ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් පාලක මණ්ඩලයට මුහුණු පාන්න සිදු වෙනවා.
විශේෂයෙන්ම දැන් වෙනකොටත් අපගේ මුදල් එන එක නවත්තලා තියෙනවා. අන්තිම වතාවට තිබුණ අයි. සී. සී. රැස්වීමෙදි අපිට තිබුණ පිළිගැනීමත් නෑ, ඒත් අපි ඒකේ අධ්‍යක්ෂකවරයෙක්. ඒක හොඳ දෙයක් නෙමෙයි. හොඳ ලකුණක් නෙමෙයි. සාකච්ඡ මාර්ගයෙන් මේක විසඳගන්න ඔවුන්ට කතා කරලා කළා නම් හොඳයි.
ක‍්‍රිකට් පාලක මණ්ඩලයේ ප‍්‍රධාන විධායක සහ එහි දැනට ඉන්න පත් කරපු කමිටු වල අය එහි සේවය කරලා තියෙනවා. ඒ ගොල්ලන්ගේ වගකීමක් තියෙනවා මේ සම්බන්ධයෙන් ඇමතිතුමාව හරියට දැනුවත් කිරීම. මේකේ තියෙන භයානකකම තමයි සමහර අවස්ථාවලදී ඔවුන් (අන්තර්ජාතික කි‍්‍රකට් සභාව) මීට එහා ගිහිල්ලා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය ගැන තීරණ ගන්න ඉඩ තිබීම. මම (නිශාන්ත රණතුංග මහතා) හිතන්නේ ක‍්‍රීඩාවට ඒක හොද දෙයක් වෙන එකක් නැහැ. විශේෂයෙන් පාසැල් සහ දිස්ත‍්‍රික් ක‍්‍රීඩකයන්ගේ සහ ක‍්‍රීඩා සාමජ වල සහ ක‍්‍රීඩකයන්ගේ අභිවෘද්ධියට එය ලොකු පාඩුවක් වෙන්න පුලූවන්.
මේ අතුරු කමිටුව පත්කිරීම නිසා ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් මුල්‍යමය අර්බුදයක ගිලේවිද ?
අතුරු කමිටුව පත් කිරීම නිසා වෙන බොහෝ දේවල් වලින් මුල්‍යමය ප‍්‍රශ්නයක් ඇතිවෙන්න පුලූවන්. විශේෂයෙන් මේ වෙනකොට අයි.සී.සී එකෙන් මුදල් දීම ඒ ගොල්ලෝ ප‍්‍රතික්ෂේප කරලා තියෙනවා.
මගේ (උපාලි ධර්මදාස මහතා) හැගීම නම් දැන් ක‍්‍රිකට් පාලක මණ්ඩලය මුදල් පැත්තෙන් හුගක් හොඳ තත්වයකට ඇවිත් තියෙනවා. ඒ උනාට තාමත් අපි බැංකුවෙන් පොළිියට මුදල් අරගෙනයි ක‍්‍රිකට් පාලක මණ්්ඩලය දුවන්නේ. ඉතින් ඒ අනුව දැන් ජාත්‍යන්තර ක‍්‍රිකට් සභාවේ මුදල් එන්නේ නැතිව තවත් ඉදිරියට ගියොත් මාසයකට බැංකු පොලිය හැටියට, මම ගනන් හදපු හැටියට, මිලියන හතක් හත හමාරක් විතර ගෙවන්න වෙනවා. ඒ මාසයකට විතරක්.
ඔබ දැන් කිවුවා ‘තාමත් අපි බැංකුවෙන් පොළියට මුදල් අරගෙනයි කි‍්‍රකට් පාලක මණ්ඩලය දුවන්නේ’ කියලා. මේක කොයිතරම් වගේ කාලයක් සිදුවුණ දෙයක්ද ?
මේක සෑහෙන කාලයක සිදු උන දෙයක්. ඒක කවුරුත් නොදන්න කාරණාවක් නෙමෙයි. මම හිතන්නේ සෑහෙන කාලයක් තිස්සේ ඕනෙම ආයතනයක් දුවද්දී බැංකුවෙන් හුගක් වෙලාවට මුදල් අරගෙන තමයි ඒ ආයතනය දුවන්නේ.
ඒ කාලයට මාසයකට කොච්චරක් විතර පොලියක් ගෙව්වද ?
මිලියන හය හමාරක්, හතක් විතර ගෙවෙනවා. ඒ ඔක්කොම පියවගන්න පුලූවන්. ජාත්‍යන්තර ක‍්‍රිකට් කවුන්සිලයෙන් මුදල් ලැබුනොත්. එහෙම ලෑස්ති කරගෙන තමයි හිටියේ. විස්සයි:20 ලෝක කුෂලාන තරගාවලියේ මුදල් කොටසක් එන්න තියෙනවා. 2015 ලෝක කුසලානයේ මුදල් එන්න තියෙනවා.
2011 දි ලෝක කුසලාන තරගාවලියේ සහ 2012 විස්සයි:20 ලෝක කුෂලාන තරගාවලියේ සල්ලි වලට මොකද උනේ ?
ඒ සල්ලි ආවා. ගෙවන්න තියෙන සියළු දේ ගෙවලා අපි මේ අන්තිම කාල පරිච්ෙඡ්දයට ඇවිත් තියෙන්නේ. ඉතිරි මුදලූත් ගෙවලා ඉවරයක් කරන්න. ක‍්‍රිකට් පාලක මණ්ඩලය හරි පැත්තට හැරෙන්න. ඇත්තටම අපි බලාපොරොත්තු උනා මේ අවුරුද්ද අන්තිම වෙනකොට ණය සම්පුර්ණයෙන්ම ගෙවලා දාන්න බැංකුවලට.
ඒ විතරක් නෙමෙයි අපි ක‍්‍රිකට් ක‍්‍රීඩාවට ඉතාමත් අත්‍යඅවශ්‍ය දේවල් ගොඩකට වැඩකටයුතු කළා. විශේෂයෙන්ම අපිට එකක් අවශ්‍ය කම තිබුනා. ඛෙත්තාරමේ අපි ඒකට සියලූම දේවල් ලැහැස්ති කරලා තිබ්බා. අපි මේ අවුරුද්දේ පිහිනුම් තටාකයත ඛෙත්තාරාමේ හදන්න අවශ්‍ය කටයුතු කරලා තිබ්බා මැයි මාසය වෙනකොට. දැන් ඒ සියළු දෙවල් අත් හිටුවන්න වෙයි. ඒක ක‍්‍රීඩාවට බලවත් ප‍්‍රශ්ණයක්.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.