Last Update  :  2025-12-16 18:16:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කි‍්‍රකට් නිලධාරීන්ට වාහන ගන්න ලක්‍ෂ 400 ක්

කි‍්‍රකට් නිලධාරීන්ට වාහන ගන්න ලක්‍ෂ 400 ක්

සංජය එරමුදුගොඩ - 2014 සැප් මස 15 {{hitsCtrl.values.hits}} Views 4 Comment
A A A

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටිය ද එහි ප‍්‍රධාන විධායක නිලධාරී ඇතුළු නිලධාරීන් අට දෙනකුට නවීනතම වාහන මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 40 ක් හෙවත් ලක්‍ෂ 400 ක මුදලක් වෙන්කිරීමට ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුව අද (15) තීරණය කළේය.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනයේ විධායක කමිටුවේ විශේෂ රැස්වීමක් අද (15) පස්වරුවේ ශ්‍රී ලංකා ක‍්‍රිකට් සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවති අතර මෙම රැුස්වීමේදී වාහන මිලදී ගැනීම සඳහා මුදල් වෙන් කිරීමට ගත් තීරණයට විධායක කමිටු අනුමැතිය ලැබිණ.

කෙසේ වෙතත් මෙම විශේෂ විධායක කමිටු රැස්වීම කැඳවා තිබුණේ ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනයේ සභාපතිවරයා සහ ලේකම්වරයා අතර ඇතිව තිබූ විරසකය හේතුවෙන් කි‍්‍රකට් පරිපාලනය බිඳවැටීමේ තත්ත්වයක් නිර්මාණය වී තිබුණ හෙයින් ඒ පිළිබඳව සාකච්ඡ කිරීමටය.

ලේකම් නිශාන්ත රණතුංග මහතාගේ බලතල කපා හරිමින් එම බලතල ප‍්‍රධාන විධායක නිලධාරීයට පැවරීමට ක‍්‍රිකට් ආයතනයේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ යෝජනාව අද විධායක කමිටු රැස්වීමේදී ඉවත් කරගත් බවද දැනගන්නට ඇත. ලේකම්වරයාගේ බලතල කපා හැරීම පිළිබදව විරෝධය දක්වමින් ක‍්‍රිකට් ආයතනයේ උප සභාපතිවරයකු වන මොහාන් ද සිල්වා මහතා සභාපති ජයන්ත ධර්මදාස මහතාට යොමු කර තිබුණි.  

මෙම වාහන මිලදී ගැනීමේදී ක‍්‍රිකට් ප‍්‍රධාන විධායක නිලධාරි ඈෂ්ලි ද සිල්වා මහතා වෙනුවෙන් රුපියල් මිලියන 8 ක හෙවත් ලක්‍ෂ 80 ක වටිනාකමකින් යුත් ‘ලෑන්ඞ් රෝවර්’ වර්ගයේ ෆී‍්‍රීලෑන්ඩර් ජීප් රථයක්ද, පුහුණු අංශයේ සහ මූල්‍ය අංශයේ ප‍්‍රධාන නිලධාරීන් දෙදෙනකුට රුපියල් ලක්‍ෂ 45 බැගින් ලක්‍ෂ 90 ක වාහන දෙකක් සහ කළමණාකරුවන් පස් දෙනකුට රුපියල් ලක්‍ෂ 42 බැගින් ලක්‍ෂ 210 ක වාහන පහක් මිලදී ගැනීමට නියමිතය.

ප‍්‍රධාන විධායක නිලධාරියා හැර සෙසු නිලධාරීන් සඳහා මිට්ෂුබිෂි වර්ගයේ මෝටර් රථ මිලදී ගැනීමට සැළසුම්කර ඇති බව වාර්තා වේ. එම නිලධාරීන් මේ දක්වා පාවිච්චි කළ වාහන අළෙවි කර රුපියල් මිලියන 19 ක් ලබා ගැනීමට නියමිත බවත් වාර්තාවේ.

ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය වසර කීපයක සිට දැඩි මූල්‍ය අර්බුදයකට පත්ව සිටින අතර මේ වන විට රාජ්‍ය වාණිජ බැංකුවකට සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට රුපියල් ලක්‍ෂ 14000 (රුපියල් කෝටි 140 කට) අධික මුදලක් ණය වී ඇති බවත් වාර්තා වේ. ඒ වෙනුවෙන් මාසිකව රුපියල් කෝටි ගණනක වාරිකයක් ගෙවන අතර මේ වසරේ මාර්තු මස 31 වැනිදා වන විට රුපියල් ලක්‍ෂ 3,140 කට අධික පාඩුවක් ලබා තිබුණි.

පළමු මාස තුනේදී පමණක් ශී‍්‍ර ලංකා කි‍්‍රකට් ආයතනය ශ්‍රී ලංකාවේ ප‍්‍රධානතම රාජ්‍ය වාණිජ බැංකුවකට සහ අන්තර්ජාතික ක‍්‍රිකට් සභාවට පොලිය ලෙස පමණක් රුපියල් ලක්‍ෂ 200 කට ආසන්න මුදලක් ගෙවා තිබේ.

 


අදහස් (4)

කි‍්‍රකට් නිලධාරීන්ට වාහන ගන්න ලක්‍ෂ 400 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.