Last Update  :  2025-12-18 18:17:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කි‍්‍රකට් බලවතුන්ට එරෙහිව ටෙස්ට් රටවල් 4 ක්

කි‍්‍රකට් බලවතුන්ට එරෙහිව ටෙස්ට් රටවල් 4 ක්

දිලිනි මල්රුක්ෂි - 2014 ජන මස 28 {{hitsCtrl.values.hits}} Views 1 Comment
A A A

ශී‍්‍ර ලංකාව, දකුණු අපි‍්‍රකාව සහ බංග්ලාදේශයද සමගින් පාකිස්තානයද එක්ව අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ප‍්‍රතිසංස්කරණ සඳහා විරෝධය පළකරන බව පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩලයේ සභාපති සාකා අශ්රෆ් මහතා පවසයි.

එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ (ඩුබායි) හි පිහටි අන්තර්ජාතික කි‍්‍රකට් මූලස්ථානයේදී මෙම ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් අද සහ හෙට (28 සහ 29) සාකච්ඡවට ගැනිණ. මෙම ප‍්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් සකස් කරනු ලැබ ඇති කෙටුම්පත ඩුබායි රැස්වීමේදී අනුමත වුවහොත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ආදායම් බෙදී යාම අසම වන අතර ආදායම් වලින් වැඩි කොටසක් එංගලන්තය,  ඕස්ටේ‍්‍රලියාව සහ ඉන්දියාව යන රටවල් අතරේ බෙදී යනු ඇත. සෙසු සාමාජික රටවලට ලැබෙනුයේ එයින් සුළු කොටසක් පමණි.

එමෙන්ම අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තීන්දු තීරණ ගැනීමේ බලතල රාශියක්ද ඉහත රටවල් සතුවනු ඇත.

මෙම යෝජනා මාලාව වහාම ඉල්ලා අස්කරගන්නා ලෙස දකුණු අපි‍්‍රකාව මෙන්ම ශී‍්‍ර ලංකාවද එක හඩින් ඉල්ලා සිටින අතර පාකිස්තානු කි‍්‍රකට් ප‍්‍රධානියා පවසන්නේ එම රටවල් දෙක තනිවී නැති බවයි.

”ශී‍්‍ර ලංකාව, දකුණු අපි‍්‍රකාව, බංග්ලාදේශය වගේම පාකිස්තානයත් මේ සම්බන්ධයෙන් එක ස්ථාවරයක සිටිනවා. ඇතුළේදී ඡුන්දය දෙන ආකාරය අපි බලමුකෝ. කොහොම වුණත් අපි අපේ ස්ථාවරයේ රැඳී ඉන්නවා” යයි ඊයේ මෙම රැස්වීමට සහභාගි වීමට පෙර පාකිස්තානු කි‍්‍රකට් පාලක මණ්ඩල සභාපතිවරයා පැවසීය.

එංගලන්තය සහ  ඕස්ටේ‍්‍රලියාව සමග එක්ව ගෙන එනු ලබන මෙම යෝජනා මාලාවට සහයෝගය දෙන්නේ නම් පාකිස්තානයට කි‍්‍රකට් තරගාවලි පිරිනැමීමට තමන් සූදානම් බව ඉන්දියාව යෝජනා කර සිටී. මෙම තරග එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිතය.

වසර 2009 පාකිස්තානයේ ලාහෝර් නුවරදී ශී‍්‍ර ලංකා කණ්ඩායම ඉලක්ක කරගනිමින් සිදුවූ ත‍්‍රස්තවාදී ප‍්‍රහාරයක් හේතුවෙන් පාකිස්තානයේ සංචාරය නොකිරීමට අන්තර්ජාතික කි‍්‍රකට් කණ්ඩායම් තීරණය කර තිබේ. එවන් තත්ත්වයක් තිබියදී කි‍්‍රකට් ලෝකයේ පොහොසත්ම රට වන ඉන්දියාවෙන් ලැබෙන තරගාවලි නිසැක වශයෙන්ම පාකිස්තානයේ මූල්‍ය ශක්තිය තර කරවන්නකි.

”ඔවුන් අපට තරගාවලි කිහිපයක් දෙන්න සූදානම්. ඒත් අපි මේ අවස්ථාවේදී බලන්න  ඕනෑ ඒ සම්බන්ධයෙන් ඔවුන්ගේ අවංකභාවයයි.”

”අපි රටක් වශයෙන් අපේ ස්ථාවරයේ ඉන්නවා. දැන් බලමුකෝ මේ සංචාර සම්න්ධයෙන් ඔවුන්ගේ ප‍්‍රතිචාරය කොහොමද කියලා” යයිද සකා අශ්රෆ් මහතා පැවසීය.

වසර 2007 න් පසු ඉන්දියාව සහ පාකිස්තානය අතර ද්විපාර්ශ්වික කි‍්‍රකට් තරගාවලියක් පවත්වා නැත. ඊට හේතුව වූයේ වසර 2008 දී මුම්බායි ප‍්‍රහාරය සම්බන්ධයෙන් ඉන්දියාව පාකිස්තානයට ඇගිල්ල දිගු කිරීමයි.

ටෙස්ට් කි‍්‍රකට් කී‍්‍රඩාවේ ස්ථර දෙකක් නිර්මාණය කිරීමද මෙම ප‍්‍රතිසංස්කරණ මාලාවේ එක් අංගයකි. එවිට තමන්ගේ මූල්‍ය වැදගත්කම හේතුවෙන් ඉන්දියාව,  ඕස්ටේ‍්‍රලියාව සහ එංගලන්තය කෙතරම් දුර්වලව කී‍්‍රඩා කළත් දෙවැනි පෙළට නොවැටෙනු ඇත. ඒ සම්බන්ධයෙන් හිටපු කි‍්‍රකට් පරිපාලන නිලධාරීන් මෙන්ම හිටපු කී‍්‍රඩකයන් බොහෝ දෙනෙක් දැඩි අප‍්‍රසාදය පළකර තිබේ.

කෙසේ වෙතත් බලවන්තයන් තිදෙනා පවසන්නේ තම තමන්ගේ මූල්‍ය ස්ථාවරය ශක්තිමත් කරගැනීම සඳහා අනෙකුත් රටවල් නිදහස් කිරීමට තමන් සූදානම් බවයි. එහෙත් මෙම යෝජනාවලියට අනුමැතිය නොලැබෙන්නේ නම් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ තරගාවලි වලින් ඉවත්වන බවටද ඉන්දියාව තර්ජනය කර සිටියේය.

මෙම තත්ත්වය කි‍්‍රකට් කී‍්‍රඩාවේ වඩාත් කුඩා රටවලට ඉතාමත් දැඩි බලපෑමක් එල්ල කරන්නකි. මක්නිසාද යත් අන්තර්ජාතික කි‍්‍රකට් සභාවේ ආදායම් වලින් 80% ක් දැනටමත් උපයාදෙන්නේ ඉන්දියාව නිසාය.


අදහස් (1)

කි‍්‍රකට් බලවතුන්ට එරෙහිව ටෙස්ට් රටවල් 4 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.