සුනිල් ගවස්කාර්ගෙන් පසුව ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ප්‍රසාද ලකුණු 900 සිමාව පසුකළ පළමු පිතිකරුවා වීමට විරාට් කෝලී සමත්විය. ප්‍රසාද ලකුණු 880 ක් ලබාසිටි කෝලී සෙන්චූරියන්හිදි දකුණු අප්‍රිකාව සමගින් පැවැති දෙවැනි ටෙස්ට් තරගයේදී ලබාගත් ලකුණු 153 හේතුවෙන් ප්‍රසාද ලකුණු 900 කඩයිම පසුකිරීමට අවස්ථාව හිමිවිය.
1979 දී ලන්ඩන් ඕවල් පිටියේදී පැවැති තම 50 වැනි ටෙස්ට් තරගයට ක්‍රීඩාකළ ගවස්කාර් එහිදි අමතක නොවන ඉනිමක් ක්‍රීඩා කරමින් රැස්කළ ලකුණු 221 හේතුවෙන් ප්‍රසාද ලකුණු 916 දක්වා ඉහළ නැගීමට හැකිවිය. ප්‍රසාද ලකුණු 900 සීමාව පසුකළ ලොව 31 වැනි පිතිකරුවා වන්නට විරාත් කෝලීට හැකිවිය. මේ දක්වා ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉහළම ප්‍රසාද ලකුණු සංඛ්‍යාව වූ ප්‍රසාද ලකුණු 961 ට ඩොනල්ඞ් බ්‍රැඞ්මන් හිමිකම් කියන අතර ඕස්ටේ්‍රලියා කණ්ඩායමේ නායක ස්ටීවන් ස්මිත් ප්‍රසාද ලකුණු 947 ක් රැස්කරමින් බ්‍රැඞ්මන්ගේ වාර්තාවට ලඟා වෙමින් සිටී.
ටෙස්ට් ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය අතින් ස්ටීවන් ස්මිත් දෙවැනි වන්නේ ඩොනල්ඞ් බ්‍රැඞ්මන්ට පමණි. ස්මිත්ගේ ටෙස්ට් ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය 63.76 කි
කෝලීට වඩා ප්‍රසාද ලකුණු 47 ක් ඉදිරියෙන් සිටින ස්මිත් තෙවැනි ස්ථාකයේ පසුවන ජෝ රූට්ට වඩා ප්‍රසාද ලකුණු 66 ක් ඉදිරියෙන් පසුවෙයි. සෙන්චූරියන් හිදි පැවැති තරගයේදී හසීම් අම්ලා ලබාගත් ලකුණු 82 හමුවේ පළමු ඉනිමේදී දකුණු අප්‍රිකානුවන්ට පෙරමුණ ගැනීමට හැකිවූ අතර ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි 10 වැනි ස්ථානයේ සිටි ඔහු 8 වැනි ස්ථානය දක්වා ස්ථාන දෙකක් ඉදිරියට පැමිණියේය.
පන්දු යවන්නන් ශ්‍රේණිගත කිරීම්හි පෙරමුණ ගෙනි සිටි දකුණු අප්‍රිකානු වේගපන්දු යවන ක්‍රීඩක කගිසෝ රබාඩාට සුමානයක්වත් පෙරමුණේ රැඳී සිටීමට අවස්ථාවක් නොදුන් එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් යළි ඔහුව පසු පසට ඇද දමමින් පෙරමුණ ගැනීමට සමත්විය. එහෙත් ඊට හේතු වූයේ ඇන්ඩසන්ගේ දස්කම් වලට වඩා සෙන්චූරියන් ටෙස්ට් තරගයේදී රබාඩා අසාර්ථක වීමයි.
පසුගිය සතියේ 8 වැනි ස්ථානය දක්වා උසස්විමක් ලද දිනේෂ් චන්දිමාල් නවතම ටෙස්ට් ශ්‍රේණිගත කිරීමත් සමගින් එක් ස්ථානයක් පහත වැටී ඇත.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.