කාල්ටන් කුසලාන පැසිපන්දු තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයේ දෙවැනි සතියේ පැවැති තරග වලදී ජයග‍්‍රහණ 3 බැගින් අත්කර ගැනීමට කොළඹ කී‍්‍රඩා සමාජය සහ හම්බන්තොට බ්ලැක්ස් කී‍්‍රඩා සමාජය සමත්විය. නාවික හමුදාව ජයග‍්‍රහණ 2 කට හිමිකම් කිවේය.
නාවික හමුදාව සහ හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය අතර පැවැති තරගය ඉකුත් සතියේ පැවැති තරග වලින් තියුණුම තරගය ලෙස හැදින්විය හැකි අතර එහිදී හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය පරදවා ලකුණු 64/61 ක තියුණු ජයක් අත්කර ගැනීමට නාවික හමුදාව සමත්විය.
ප‍්‍රධාන පෙළේ පැසිපන්දු කණ්ඩායමක් වන ආදි බෙන්ස් කණ්ඩායම ඉකුත් සතියේ සහභාගී වූ තරග තුනෙන්ම පරාජයට පත්වූ අතර හම්බන්තොට බ්ලූස් කී‍්‍රඩා සමාජය සහ ගුවන් හමුදාව තරග 2 බැගින් පරාජයට පත්විය.
කාන්තා සුපිරි 8 දෙනාගේ වටයේ ඉකුත් සතියේ පැවැති තරග 4 ටම සහභාගී වූ ශ්‍රී ලංකා වසය 18 න් පහළ කණ්ඩායම, ඉන් තරග 2 ක් ජයගෙන ඉතිරි තරග 2 පරාජයට පත්විය.
පිරිමි තරග ප‍්‍රතිඵල
කාන්තා තරග ප‍්‍රතිඵල
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.