Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටා පිල අවසන් වටයට සුදුසුකම් ලබයි

කොල්කටා පිල අවසන් වටයට සුදුසුකම් ලබයි

සංජය එරමුදුගොඩ - 2018 මැයි මස 19 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 54 වැනි තරගය ලෙස සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර හයිද්‍රාබාද්හිදී අද (19 වැනිදා) පැවැති තරගයෙන් කඩුලු 5 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම සමත් විය. මෙම ජයග්‍රහණයත් සමග තරගාවලියේ අවසන් වටයට සුදුසුකම් ලබාගැනීමටද කොල්කටා කණ්ඩායමට හැකිවිය.

ජයග්‍රහණය සඳහා ලකුණු 173 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ ඕවර 19.4 ක් අවසානයේ කඩුලු 5 ක් දැවී එම ඉලක්කය සපුරාගත්හ. එහිදී පන්දු 22 කින් හයේ පහරක් සහ හතරේ පහරක් සමග නොදැවී ලකුණු 26 ක් රැස්කළ නායක දිනේෂ් කාර්තික් කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය තහවුරු කළේය.

කොල්කටා කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලාබාදුන් ක්‍රිස් ලයන් පන්දු 43 කදී ලකුණු 55 ක් රැස්කළ අතර ඔහුගේ අර්ධ ශතකයට හයේ පහර 3 ක් සහ හතරේ පහර 3 ක් අන්තර්ගත විය. සුනිල් නරේන් (29) සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 22 කදී ලකුණු 52 ක සම්බන්ධතාවක් ගොඩනැගූ ලයන්, ඉන් නොනැවතී රොබ්න් උතප්පා (45) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 57 කදී ලකුණු 67 ක සම්බන්ධතාවක්ද ගොඩනැගුවේය. පන්දු 10 කදී වාර්තා වූ නරේන්ගේ ඉනිම හයේ පහර 2 කින් සහ හතරේ පහර 4 කින් සමන්විත වූ අතර පන්දු 34 කදී වාර්තා වූ උතප්පාගේ ඉනිමට හයේ පහර 2 ක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් විය.

කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහරදුන් සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම ඕවර 20 අවසානයේ කඩුලු 9 ක් දැවී ලකුණු 172 ක් ලබාගත් අතර හයිද්‍රාබාද් කණ්ඩායමේ වැඩිම ලකුණු ලාභියා බවට පත් වූ ශකර් ධවාන් පන්දු 39 කදී ලකුණු 50 ක් රැස්කළේ හයේ හරක් සහ හතරේ පහර 5 ක් සමගිනි.

ශ්‍රීවාට්ස් ගෝස්වාමි හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමග ලකුණු 35 ක්ද, කේන් විලියම්සන් හයේ පහර 3 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 36 ක්ද, මනීෂ් පාණ්ඬේ හයේ පහරක් සහ හතරේ පහරක් සමග ලකුණු 25 ක්ද රැස්කරමින් සන්රයිසස් ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.

කොල්කටා කණ්ඩායාම වෙනුවෙන් දක්ෂ පන්දු යැවීමක නිරත වූ ප්‍රසිද් ක්‍රිෂ්ණා ලකුණු 30 කට කඩුලු 4 ක් දවාගනිමින් හයිද්‍රාබාද් පන්දු යවන්නෝ අසරණ තත්ත්වයට ඇද දැමුවේය.  

සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායම - ඕවර 20 කදී කඩුලු 9 කට 172
(ශිකර් ධවාන් 50, ශ්‍රීවාට්ස් ගෝස්වාමි 35, කේන් විලියම්සන් 36, මණිෂ් පාණ්ඬේ 25, ප්‍රසිද් ක්‍රිෂ්ණා 26/2)

කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම - ඕවර 19.4 කදී කඩුලු 5 කට 173
(ක්‍රිස් ලයන් 50, සුනිල් නරේන් 29, රොබ්න් උතප්පා 45, දිනේෂ් කාර්තික් නොදැවී 26, කාර්ලෝස් බ්‍රැත්වේට් 21/2, සිද්ධාර්ත් කෞල් 26/2)  

-036

 


අදහස් (0)

කොල්කටා පිල අවසන් වටයට සුදුසුකම් ලබයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.