Last Update  :  2025-05-14 18:22:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොල්කටා පිලට කඩුලු 3 ක ජයක්

කොල්කටා පිලට කඩුලු 3 ක ජයක්

editorial - 2021 සැප් මස 28 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


ඉන්දිය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 41 වැනි තරගය ලෙස දිල්ලි කැපිටල්ස් කණ්ඩායම සහ කොල්කටා නයිට්රයිඩර්ස් කණ්ඩායම අතර අද (28 වැනිදා) සාජා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැති තරගයෙන් කඩුලු 3 ක ජයක් අත්කර ගැනීමට කොල්කටා කණ්ඩායම සමත් විය. ජයග්‍රහණය සඳහා ලකුණු 128 ක ඉලක්කයක් හඹාගිය කොල්කටා ක්‍රීඩකයෝ පන්දු 10 ක් ඉතිරිව තිබියදී කඩුලු 7 ක් දැවී එම ඉලක්කය පසුකර ගියහ.

දක්ෂ පිතිහරඹයක නිරත වූ නිතිෂ් රානා, පන්දු 27 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමග නොදැවී ලකුණු 36 ක් රැස්කරමින් සිය කණ්ඩායම ජයග්‍රහණය කරා ගෙන ගියේය. කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමූ ආරම්භක පිතිකරු ශුබ්මන් ගිල් පන්දු 33 කදී ලකුණු 30 ක් රැස්කළේ හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගිනි.

කොල්කටා කණ්ඩායමේ ජයග්‍රහණය ඉක්මන් කළ සුනිල් නරේන් පන්දු 10 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමග ලකුණු 21 ක් රැස්කළේය. දක්ෂ පන්දු යැවීමක නිරත වූ අවේෂ් ඛාන් ඕවර 3 ක් යවමින් ලකුණු 13 කට කඩුලු 3 ක් දවාගත් නමුත්, ඔහුට දිල්ලි කණ්ඩායම පරාජයෙන් ගළවා ගැනීමට නොහැකි විය.

පළමුවෙන් පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම ඕවර 20 අවසනායේ ලකුණු 127 කට සීමා කිරීමට කොල්කටා පන්දු යවන්නෝ සමත් වූහ. දිල්ලි ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ නායක රිෂාබ් පාන්ට් පන්දු 36 කදී හතරේ පහර 3 ක් සමග ලකුණු 39 ක් රැස්කළ අතර ආරම්භක පිතිකරුවකු ලෙස කටයුතු කළ ස්ටීවන් ස්මිත් පන්දු 34 කදී ලකුණු 39 ක් රැස්කළේ හතරේ පහර 4 ක් සමගිනි.

මේ දක්වා පැවැති තරගවලදී වැඩිම ලකුණු ලාභියා බවට පත්ව සිටින ශිකර් ධවාන් පන්දු 20 කදී හතරේ පහර 5 ක් සමග ලකුණු 24 ක් රැස්කළේය. මෙවර තරගාවලියේදී මේ දක්වා තරග 11 කට ක්‍රීඩා කර ඇති ධවාන් එහිදී ලකුණු 454 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ ලකුණු 45.40 ක සාමාන්‍යයක් සහ 130.46 ක ලකුණු රැස්ක‍ිරීමේ වේගයක් රඳවාගනිමිනි.

දිල්ලි කණ්ඩායමේ පිතිකරුවන් 6 දෙනෙකුම ලකුණු 10 සීමාව ඉක්මවා යෑමට පෙර දවාගැනීමට කොල්කටා පන්දු යවන්නෝ සමත් වූ අතර එහිදී ලොකී ෆර්ගියුසන්, සුනිල් නරේන් සහ වෙන්කටේෂ් අයියර් කඩුලු 2 බැගින් බිඳහෙළමින් දක්ෂ පන්දු යැවීම්වල නිරත වූහ.

 

දිල්ලි කැපිටල්ස් පිල - ඕවර 20 කදී කඩුලු 9 කට‍127
(ස්ටීවන් ස්මිත් 39, ශිකර් ධවාන් 24, රිෂාබ් පාන්ට් 39, ලොකී ෆර්ගියුසන් 10/2, සුනිල් නරේන් 18/2, වෙන්කටේෂ් අයියර් 29/2)

කොල්කටා නයිට්රයිඩර්ස් පිල - ඕවර 18.2 කදී කඩුලු 7 කට 130
(ශුම්බන් ගිල් 30, නිතිෂ් රානා නොදැවී 36, සුනිල් නරේන් 21, අවේෂ් ඛාන් 13/3)

- 036


අදහස් (0)

කොල්කටා පිලට කඩුලු 3 ක ජයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.