Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඩෙවෝන් කොන්වේගේ (87) පිතිහරඹයත්, මොයින් අලීගේ (13/3) පන්දු යැවීමත් හේතුවෙන් දිල්ලි කැපිටල් පිලට එරෙහිව මුම්බායිහිදී අද (8 වැනිදා) පැවැති ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියේ 55 වැනි තරගය ලකුණු 91 කින් ජය ගැනීමට චෙන්නායි පිල සමත්විය.
ජයග්‍රහණය සඳහා ලකුණු 209 ක ඉලක්කයක් හඹාගිය දිල්ලි කැපිටල් පිලට ඕවර 17.4 කදී සියලුදෙනා දැවී රැස්කිරීමට හැකිවූයේ ලකුණු 117 ක් පමණි.
දිල්ලි පිතිකරුවන්ට ඉහළ ලකුණු සංඛ්‍යාවක් කරා යෑමට අවස්ථාවක් චෙන්නායි පන්දු යවන්නන්ගෙන් හිමිනොවූහ. මිචෙල් මාෂ් ලකුණු 25 ක්, ශර්දුල් ඨාකූර් ලකුණු 24 ක් සහ රිෂාබ් පාන්ට් ලකුණු 21 ක් ලබාගැනීමට සමත්වූහ.
පන්දුවෙන් දස්කම් දැක්වූ මොයින් අලී කඩුලු 3 ක් ද, මුකේෂ් චෞද්‍රී, ඩිවයින් බ්‍රාවෝ සහ සිමර්ජීට් සිං කඩුලු 2 බැගින් දවාගනිමින් දිල්ලි පිල අඩු ලකුණු සංඛ්‍යාවකට සීමා කිරීමට සමත්වූහ.
කාසියේ වාසිය දිනූ දිල්ලි කැපිටල් පිලේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් චෙන්නායි සුපර් කිංග්ස් පිල ඕවර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 208 ක් රැස්කිරීමට සමත්විය.
ආරම්භක පිතිකරුවන් වූ ඩෙවෝන් කොන්වේ සහ රුතුරාජ් ගයික්වාඩ් එක්ව පළමු කඩුල්ල සඳහා පන්දු 66 කදී ලකුණු 110 ක සම්බන්ධතාවක් ගොඩනගමින් චෙන්නායි පිලට සාර්ථක ආරම්භයක් ලබාදුන්හ. ඩෙවෝන් කොන්වේ පන්දු 49 කදි හයේ පහර 5 ක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 87 ක් ලබාගත් අතර රුතුරාජ් ගයික්වාඩ් පන්දු 33 කදී හයේ පහරක් සහ හතරේ පහර 4 ක් සමගින් ලකුණු 41 ක් ලබාගත්තේය.
තවත් වේගයත් පිතිහරඹයන්හී නිරත වූ ශිවම් ඩුබේ පන්දු 19 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහර 2 ක් සමගින් ලකුණු 32 ක් ද, නායක මහේන්ද්‍ර සිං දෝනි පන්දු 8 කදී හයේ පහර 2 ක් සහ හතරේ පහරක් සමගින් නොදැවී ලකුණු 21 ක් ලබාගනිමින් චෙන්නායි පිලේ ලකුණු සංඛ්‍යාව 200 සීමාවෙන් ඔබ්බට රැගෙන ගියේය.
ඇන්රිච් නොකියා කඩුලු 3 ක් සහ ඛලීල් අහ්මඩ් කඩුලු 2 ක් දවාගැනීමට සමත්වූහ.
ඩෙවෝන් කෝන්වේ තරගයේ වීරයාට හිමි සම්මානය දිනාගත්තේය.
චෙන්නායි සුපර් කිංග්ස් - ඕවර 20 කදී කඩුලු 6 ක් දැවී 208
(රුතුරාජ් ගයික්වාඩ් 41, ඩෙවෝන් කොන්වේ 87, ශිවම් ඩුබේ 32, මහේන්ද්‍ර සිං දෝනි නොදැවි 21, ඇන්රිච් නොකියා 42/3, ඛලීල් අහ්මඩ් 28/2)
දිල්ලි කැපිටල් - ඕවර 17.4 කදී සියලුදෙනා දැවී 117
(මිචෙල් මාෂ් 25, රිෂාබ් පාන්ට් 21, ශර්දුල් ඨාකූර් 24, මොයින් අලී 13/3, මුකේෂ් චෞද්‍රී 22/2, ඩ්වයින් බ්‍රාවෝ 24/2, සිමර්ජීට් සිං 27/2)
- 2079
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.