
සංචාරක බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම සහ ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායම අතර තරග තුනකින් සමන්විත නිල නොවන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය මේ මස 11 වැනිදා සිට 14 වැනිදා දක්වා සූරියවැව මහින්ද රාජපක්‍ෂ ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංණයේදී පැවැත්වේ. මෙම තරග සංචාරයට නිල නොවන එක්දින තරග තුනකින් සමන්විත තරගාවලියක් ද ඇතුළත් වේ.
මෙම තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා ‘ඒ’ කණ්ඩායමේ නායකයා ලෙස ටෙස්ට් ක‍්‍රීඩක උපුල් තරංග කටයුතු කරන අතර මේ දක්වා තරගාවලියට සහභාගි වන අවසන් 15 දෙනාගේ කණ්ඩායම ලැබී නොමැති බව ශ්‍රී ලංකා ක‍්‍රිකට් ආයතනය පවසයි.
මෙම තරගාවලිය පිළිබදව දැනුවත් කිරීම වෙනුවෙන් පැවැති මාධ්‍ය හමුවේදී උපුල් තරංග පැවසුවේ ලබන වසර මුල පැවැත්වෙන ලෝක කුසලාන තරගාවලියට ක‍්‍රීඩකයන් තෝරා ගැනීමට මෙම සංචාරය ඉතාමත් වැදගත් එකක් බවට පත්ව ඇති බවයි.
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිලේ නායකයා ලෙස 26 හැවිරිදි තුන් ඉරියව් ක‍්‍රීඩක කාලොස් බ‍්‍රැත්වයිටි කටයුතු කරයි.
කොදෙව් ‘ඒ’ කණ්ඩායමේ තාක්‍ෂණික අධ්‍යක්‍ෂවරයා ලෙස 80 දශකයේ ක‍්‍රිකට් වීරයකු වූ ශ්‍රීමත් විවියන් රිචඞ්ස් පැමිණ සිටී.
බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ කණ්ඩායම:
කාලෝස් බ‍්‍රැත්වයිට් (නායක), අසාද් ෆුඩින්, ක්‍රෙග් බ‍්‍රැත්වයිට්, කර්ක් එඞ්වඞ්ස්, සුනිල් ඇම්බි‍්‍රස්, ජොනතන් කාටර්, ජර්මේන් බ්ලැක්වුඞ්, චැඞ්වික් වෝල්ටන්, ඇන්ඩෲ ෆ්ලෙචර්, නිකීතා මිලර්, දේවේන්ද්‍ර බිෂූ, ෂේන් ෂිලිංෆෝඞ්, මිගෙල් කමින්ස්, ෂෙල්ඩන් කොටි‍්‍ර සහ ශනොන් ගේබි‍්‍රයල්
| ඔක්. 11 - 14 | පළමු සිවුදින තරගය සූරියවැව ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී |
| ඔක්. 18 - 21 | දෙවැනි සිවුදින තරගය මාතර උයන්වත්ත ක‍්‍රීඩාංගණයේදී |
| ඔක්. 25 - 28 | තෙවැනි සිවුදින තරගය මොරටුව ද සොයිසා ක‍්‍රීඩාංගණයේදී |
| නොවැ. 01 | පළමු එක්දින තරගය රංගිරි දඹුල්ල ජාත්‍යන්තර ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී |
| නොවැ. 03 | දෙවැනි එක්දින තරගය කුරුණෑගල වෙළගෙදර ක‍්‍රීඩාංගණයේදී |
| නොවැ. 05 | තෙවැනි එක්දින තරගය එස්.එස්.සී. ක‍්‍රීඩාංගණයේදී |
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.