Last Update  :  2025-12-13 21:02:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිල ලකුණු 37 ක් ඉදිරියෙන්

කොදෙව් පිල ලකුණු 37 ක් ඉදිරියෙන්

සංජය එරමුදුගොඩ - 2015 අප්‍රේ මස 25 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A


බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්ත පිල අතර ග්‍රෙනඩාහි ශාන්ත ජෝර්ජ් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන දෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ සිව්වැනි දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි කොදෙව් පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 202 ක් ලබා සිටියේය.

සිව්වැනි දිනය සඳහා තරගය නතර කරන විට ක්‍රෙග් බ‍්‍රැත්වයිට් නොදැවී ලකුණු 101 ක්ද, මාලන් සැමුවෙල්ස් නොදැවී ලකුණු 22 ක්ද බැගින් ලබා කඩුල්ලේ රැදී සිටි අතර කොදෙව් පිල කඩුලූ 8 ක් අතැතිව ලකුණු 37 ක් ඉදිරියෙන් සිටියේය.

ක්‍රෙග් බ‍්‍රැත්වයිට් සහ ඩැරන් බ‍්‍රාවෝ (69) කොදෙව් ඉනිමේ දෙවැනි කඩුල්ලේ වෙනුවෙන් ලකුණු 142 ක සම්බන්ධතාවක් ගොඩනැගීමට සමත් වූහ. බ‍්‍රැත්වයිට්ගේ ශතකය හතරේ පහර 11 කින් සමන්විත වූ අතර බ‍්‍රාවෝගේ අර්ධ ශතකය හතරේ පහර 12 කින් සමන්විත විය.

පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදුන් එංගලන්ත පිල සියලූ දෙනා දැවී ලකුණු 464 ක් ලබාගත් අතර එංගලන්ත ඉනිම නිමාවන තෙක්ම කඩුල්ලේ රැදීසිටි ජෝ රූට්, හයේ පහර 4 ක් සහ හතරේ පහර 17 ක් සමගින් ලකුණු 182 ක් ලබා සිටියේය.

සහයට පසුපෙළ පිතිකරුවන් කිසිවකු නොසිටීම නිසා රූට්ට සිය දෙවැනි ටෙස්ට් ද්විත්ව ශතකය ලබාගැනීමට නොහැකි විය. ඉකුත් වසරේ ශී‍්‍ර ලංකා පිලට එරෙහිව ලෝඞ්ස් කී‍්‍රඩාංගණයේදී පැවැති ටෙස්ට් තරගයකදී රූට් සිය පළමු ද්විත්ව ශතකය (නොදැවී 200) ලබාගත්තේය.


කොදෙව්  පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 299
(ඩෙවෝන් ස්මිත් 15, ඩැරන් බ‍්‍රාවෝ 35, මාලන් සැමුවෙල්ස් 103, ජර්මේන් බ්ලැක්වුඕ 26, ඩිනේෂ් රැුම්ඩින් 31, ජේසන් හොල්ඩර් 22, දෙවේන්ද්‍ර බිෂෝ 30, ශැනෝන් ගේබි‍්‍රයල් නොදැවී 20, ස්ටුවර්ට් බ්‍රෝඞ් 61/4, ජේම්ස් ඇන්ඩසන් 47/2, ක‍්‍රිස් ජොර්ඞ්න් 65/2)

එංගලන්ත පිල පළමු ඉනිම - සියලූ දෙනා දැවී 464
(ඇලිස්ටෙයාර් කුක් 76, ජොනතන් ට්‍රොට් 59, ගැරී බැලන්ස් 77, ජෝ රූට් නොදැවී 182, ක‍්‍රිස් ජෝර්ඩාන් 16, දෙවේන්ද්‍ර බිෂෝ 177/4, ශැනෝන් ගේබි‍්‍රයල් 67/2)

කොදෙව්  පිල දෙවැනි ඉනිම - කඩුලූ 2 ක් දැවී 299
(ක්‍රෙග් බ‍්‍රැත්වයිට් නොදැවී 101, ඩැරන් බ‍්‍රාවෝ 69, මාලන් සැමුවෙල්ස් නොදැවී 22)


- 036


අදහස් (0)

කොදෙව් පිල ලකුණු 37 ක් ඉදිරියෙන්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.