Last Update  :  2026-01-01 20:08:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කොදෙව් පිලට ලකුණු 438 ක ඉලක්කයක්

කොදෙව් පිලට ලකුණු 438 ක ඉලක්කයක්

දිලිනි මල්රුක්ෂි - 2015 අප්‍රේ මස 17 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

සංචාරක එංගලන්ත පිල සහ බටහිර ඉන්දීය කොදෙව් පිල අතර තරග තුනකින් සමන්විත ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ ඇන්ගුවාහිදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිවුවැනි දිනය වන අද (17) පස්වරුවේ ක‍්‍රීඩාව නතර කරන විට ජයග‍්‍රහණය සදහා ලකුණු 438 ක ඉලක්කය වෙනුවෙන් දෙවැනි ඉනිමේ පන්දුවට පහර දෙන කොදෙව් පිල කඩුලූ 2 ක් දැවී ලකුණු 98 ක් රැස්කර සිටියේය.

කොදෙව් පිල දිනය අවසන් වන විට කඩුලූ 8 ක් අතැතිව තවත් ලකුණු 340 ක් පසු පසින් සිටියි.

ඩෙවොන් ස්මිත් (නොදැවි 59) සහ මාලන් සැමුවෙල්ස් (නොදැවී 02) පන්දුවට පහර දෙමින් සිටිති.

තෙවැනි දිනය අවසන් වන විට කඩුලූ 3 ක් දැවී ලකුණු 116 ක් රැස්කර සිටි එංගලන්ත පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 333 ක් ලබා දෙවැනි ඉනිම අත්හිටුවීය.

ගැරී බැලන්ස් අගනා ඉනිමක් ක‍්‍රීඩා කරමින් පන්දු 250 කදී හතරේ පහර 11 ක් සහ හයේ පහර 2 ක් සමගින් ලකුණු 122 ක් රැස්කිරීමට සමත් විය. මෙය 25 හැවිරිදි බැගන්ස්ගේ සිවුවැනි ටෙස්ට් ශතකයයි.

එංගලන්ත පිල පළමු ඉනිම  ඕවර 110.4 කදී සියලූ දෙනා දැවී 399
(ඉයන් බෙල් 143, ජෝ රූට් 83, බෙන් ස්ටොකිස් 79, ක‍්‍රිස් ජොර්දන් නොදැවී 21, ජේම්ස් ඇන්ඩසන් 20, ජෙරමි ටේලර් 90/3, කීමර් රෝච් 94/4, ජේසන් හෝල්ඩර් 69/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල පළමු ඉනිම  ඕවර 112.6 කදී සියලූ දෙනා දැවී 295
(ක්‍රෙග් බ‍්‍රැත්වයිට් 39, මාලන් සැමුවෙල්ස් 33, ශිවනරින් චන්ද්‍රපෝල් 46, ජෙරමි බ්ලැක්වුඞ් නොදැවි 112, ජේම්ස් ඇන්ඩසන් 67/2, ස්ටුවට් බ්‍රෝඞ් 67/2, ජේම්ස් ටෙ‍්‍රඞ්වෙල් 47/4)

එංගලන්ත පිල දෙවැනි ඉනිම  ඕවර 86 කදී කඩුලූ 7 ට 333
(ගැරී බැලන්ස් 122, ජෝ රූට් 59, බෙන් ස්ටොකිස් 35, ජෝස් බට්ලර් නොදැවී 59, ජෙරමි ටේලර් 42/2, සුලෙයිමන් බෙන් 115/2)

බටහිර ඉන්දීය කොදෙව් පිල දෙවැනි ඉනිම  ඕවර 40 කදී කඩුලූ 2 ට 98
(ඩෙවොන් ස්මිත් නොදැවි 59, ඩැරන් බ‍්‍රාවෝ 32)

048


අදහස් (0)

කොදෙව් පිලට ලකුණු 438 ක ඉලක්කයක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.