Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
වසර 33 කට පසු එංගලන්තයට එරෙහිව තරග 3-0 ක පූර්ණ තරගාවලි ජයක් ලැබීමේ අරමුණින් බටහිර ඉන්දීය කොදෙව්වෝ අද (9 වැනිදා) ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී තරග බිමට පිවිසෙති. දෙරට පැවැත්වෙන තරග 3 කින් සමන්විත ටෙස්ට් තරගාවලිය මේ වන විටත් 2-0 ක් ලෙස ජයගැනීමට කොදෙව් කණ්ඩායම සමත්ව සිටී.
මීට වසර 33 කට ඉහතදී පැවැති එංගලන්ත පිලේ කොදෙව් සංචාරයේදී තරග 5 ම ජයගැනීමට කොදෙව් පිල සමත් විය. එවර කොදෙව් පිල තරග 5 ම ජයගත්තේ ඊට කලින් තරගාවලිය වූ 1984 දී එංගලන්තයේදී පැවැති ටෙස්ට් තරගාවලියද 5-0 කින් ජයගැනීමෙන් අනතුරුවය.
1984 දී ක්ලයිව් ලොයිඞ් විසින් කොදෙව් පිල මෙහෙයවන ලද අතර 1986 දී විවියන් රිචඞ්ස් විසින් කොදෙව් පිල මෙහෙයවන ලදි.
මුල් තරග දෙකේදී කොදෙව් කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවූ ජේසන් හෝල්ඩර්ට එරෙහිව තරග තහනමක් ක්‍රියාත්මක වීම නිසා ඔහුට අද ආරම්භ වන අවසන් ටෙස්ට් තරගයට සහභාගි වීමේ අවස්ථාව අහිමිවී ඇත. ඒ අනුව අවසන් ටෙස්ට් තරගයේදී කොදෙව් කණ්ඩායම ක්‍රේග් බ්‍රැත්වේට්ගේ නායකත්වය යටතේ තරග වදී.
පළමු සහ දෙවැනි ටෙස්ට් තරග දෙකේ ඉනිම් 4 තුළ තුන් වරක්ම ලකුණු 200 සීමාව පසුකර යෑමට එංගලන්ත කණ්ඩායමට නොහැකි වූ අතර ඒ සම්බන්ධයෙන් අදහස් දක්වමින් නායක ජෝ රූට් කියා සිටියේ ලකුණු 200 කටත් වඩා අඩුවෙන් ලබාගෙන තරගයක් ජයගැනීම ගැන සිතීමට පවා නොහැකි බවයි.
ඒ අනුව වෙනස්කම් රැසක් සමගින් එංගලන්ත කණ්ඩායම මෙම තරගයට සහභාගි වෙයි. එහිදී බෙන් ෆෝක්ස්, ක්‍රිස් වෝක්ස් සහ ජැක් ලීච් යන ක්‍රීඩකයන්ට කණ්ඩායමේ ස්ථාන අහිවි අහිමි වී ඇති අතර ඔවුන් වෙනුවට බෙන් ස්ටෝක්ස්, කීටන් ජෙනින්ස් සහ මාක් වුඞ් නැවතත් කණ්ඩායමට එක්ව සිටිති.
මෙම තරගයේදී කොදෙව් කණ්ඩායමේ සිදුවිය හැකි එකම වෙනස්කම ලෙස හැඳින්විය හැක්කේ නායක හෝල්ඩර්ගේ හිදැස පිරවීම සඳහා තවමත් ටෙස්ට් වරම් දිනා නොමැති ඔෂේන් තෝමස් හෝ තුන් ඉරියව් ක්‍රීඩක කීමෝ පෝල් කණ්ඩායමට ඇතුළත් වීම පමණි.
එංගලන්ත කණ්ඩායමේ බලවත්ම හිසරදය වී ඇත්තේ නායක ජෝ රූට් ලකුණ අතර නොසිටීමයි. පළමු ටෙස්ට් තරග දෙකේ ඉනිම හතරේදී ජෝ රූට් ලකුණ ලබාගෙන ඇත්තේ 4, 22, 7 ක් සහ 7 ක් වන පරිදිය. ශාන්ත ලුසියාහි ඩැරන් සැමී ක්‍රීඩාංගණය සාමාන්‍යයෙන් ප්‍රසිද්ධ වී ඇත්තේ පිතිකරුවන්ට යෝග්‍ය තණතීරුවක් ඇති ක්‍රීඩාංගණයක් ලෙසිනි. එබැවින් මෙම ක්‍රීඩාංගණයේදී පන්දු යවන්නන්ට තරමක් වෙහෙසීමෙන් කටයුතු කරන්නට සිදුවනු ඇත.
මේ දක්වා ඩැරන් සැමී ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ටෙස්ට් තරග 6 කට සහභාගි වී ඇති කොදෙව් කණ්ඩායම ඉන් ජය ලබා ඇත්තේ එක් ටෙස්ට් තරගයක් පමණි. එබැවින් අද ආරම්භවන අවසන් ටෙස්ට් තරගයෙන් ජය ලැබුවහොත් කොදෙව්වන්ට එම ක්‍රීඩාංගණයේදී සිය ජයග්‍රාහී ප්‍රතිශතය ඉහළ නංවාගැනීමටද හැකි වනු ඇත.
1986 තරගාවලියේදී කොදෙව් පිලේ ජයග්‍රහණ වාර්තාවූ ආකාරය
1 වැනි ටෙස්ට් තරගය කිංග්ස්ටන්හිදී - කොදෙව් පිලට කඩුලු 10 ක ජයක් |
එංගලන්ත සංචිතය
ජෝ රූට් (නායක), මුයින් අලී, ජේම්ස් ඇන්ඩසන්, ජොනී බෙයාස්ට්‍රෝ, ස්ටුවට් බ්‍රෝඞ්, රෝරි බර්න්ස්, ජොස් බට්ලර්, සෑම් කරන්, ජෝ ඩෙන්ලි, කීටන් ජෙනිංග්ස්, බෙස් ස්ටොක්ස් සහ මාක් වුඞ්
බටහිර ඉන්දීය කොදෙව් සංචිතය
ක්‍රේග් බ්‍රැත්වේට් (නායක), ඩැරන් බ්‍රාවෝ, ෂෙමාර් බෘක්ස්, ශිම්රන් හෙට්මෙයර්, ශායි හෝප්, ෂේන් ඩොව්රිච්, කීමෝ පෝල්, ජෝන් කැම්බල්, රොස්ටන් චේස්, ෂැනන් ගේබි්‍රයල්, අල්සාරි ජෝෂප්, කේමර් රෝච්, ජෝමෙල් වැරිකන් සහ ඔෂේන් තෝමස්
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.