Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඉන්දීය කණ්ඩායමට එරෙහිව චෙන්නායි චිදම්බරම් ක්‍රීඩාංගණයේදී පැවැති පළමු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් තරගයෙන් කඩුලු 8 ක ජයක් අත්කර ගැනීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම ඊයේ (15 වැනිදා) සමත් විය. ඒ අනුව දෙරට අතර පැවැත්වෙන තරග 3 කින් සමන්විත එක්දින තරගාවලිය 1-0 ක් ලෙස පෙරමුණ ගැනීමටද කොදෙව්වෝ සමත් වූහ.
ජයග්‍රහණය සඳහා ලකුණු 288 ක ඉලක්කයක් හඹාගිය කොදෙව් ක්‍රීඩකයෝ කඩුලු 2 ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර ගිය අතර ආරම්භක පිතිකරු ශායි හෝප් (නොදැවී 102) සහ නිකලස් පූරන් (නොදැවී 29) එක්ව තෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 55 කදී ලකුණු 62 ක නොබිඳුණ සම්බන්ධතාවක් ගොඩනගමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය තහවරු කළහ. පන්දු 151 කදී වාර්තා වූ හෝප්ගේ ශතකය හයේ පහරකින් සහ හතරේ පහර 7 කින් සමන්විත විය.
වේගවත් පිතිහරඹයක නිතර වූ ශිම්රන් හැට්මෙයර් පන්දු 106 කදී හයේ පහර 7 ක් සහ හතරේ පහර 11 ක් සමග ලකුණු 139 ක් රැස්කරමින් කොදෙව් කණ්ඩායමේ ජයග්‍රහණය සඳහා මනා අඩිතාලමක් දැමීය. මුලු ලකුණු සංඛ්‍යාව 11 ක්ව තිබියදී කොදෙව් ඉනිමේ පළමු කඩුල්ල බිඳවැටුණ අතර එතැන් පටන් ශායි හෝප් සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 207 කදී ලකුණු 218 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද හැට්මෙයර් සමත් විය.
පළමුවෙන් පන්දුවට පහරදුන් ඉන්දීය කණ්ඩායම ඕවර 50 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 287 ක් රැස්කළ අතර ඉන්දීය ඉනිමේ වැඩිම ලකුණු ලාභියා බවට පත්වූ රාෂාබ් පාන්ට් පන්දු 69 කදී හයේ පහරක් සහ හතරේ පහර 7 ක් සමගින් ලකුණු 71 ක් රැස්කළේය. ශ්‍රෙයාස් අයියර් සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 111 කදී ලකුණු 114 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද පාන්ට් සමත් වූ අතර අයියර්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 5 ක් ඇතුළත් විය.
අල්සාරි ජොෂප්ගේ පන්දුවක් හමුවේ කිරන් පොලාඞ් අතට උඩපන්දුවක් දෙමින් අයියර් දැවීයෑමත් සමග එම සම්බන්ධතාව නිමවට පත් වූ අතර එතැන් පටන් ඉන්දීය ලකුණු පුවරුවට තවත් ලකුණු 16 ක් එක් වන විට පාන්ට්ද දැවී ගියේ කිරන් පොලාඞ්ගේ පන්දුවක් හමුවේ ශිම්රන් හැට්මෙයර් අතට උඩ පන්දුවක් දෙමිනි.
ඉන් අනතුරුව පිටියේ එක්වූ කේදර් ජාදව් (40) සහ රවින්ද්‍ර ජදේජා (21) හයවැනි කඩුල්ල වෙනුවෙන් පන්දු 47 කදී ලකුණු 59 ක සම්බන්ධතාවක් ගොඩනගමින් ඉන්දීය ඉනිමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ. ජාදව්ගේ ඉනිමට හයේ පහරක් සහ හතරේ පහර 3 ක් ඇතුළත් වූ අතර ජදේජාගේ ඉනිම හතරේ පහර 2 කින් සමන්විත විය.
ඉන්දීය පිල - ඕවර 50 කදී කඩුලු 8 කට 287
(රෝහිත් ශර්මා 36, ශ්‍රෙයාස් අයියර් 70, රිෂාබ් පාන්ට් 71, කේදර් ජාදව් 40, රවින්ද්‍ර ජදේජා 21, කීමෝ පෝල් 40/2, අල්සාරි ජෝෂප් 45/2, ෂෙල්ඩරන් කොට්ට්‍රෝල් 46/2)
කොදෙව් පිල - ඕවර 47.5 කදී කඩුලු 2 කට 291
(ශායි හෝප් නොදැවී 102, ශිම්රන් හැට්මෙයර් 139, නිකලස් පූරන් නොදැවී 29)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.