
(දමින්ද විජේසූරිය)
ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ කණ්ඩායම් අතර අද (19 වැනිදා) කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන ලෝක කුසලාන තරගය වැදගත් වන්නේ රූපවාහිනී සමාගම් වලට පමණි. දැන්වීම් ආදායම හේතුවෙන් මෙම තරගයේ සෑම පන්දුවක්ම, පස්වරු 3.00 සිට සජීවී ලෙසින් විකාශනය කිරීමට රූපවාහිනී සමාගම් වලට සිදුවී තිබේ.
එසේ නොවන්නට මෙම තරගය හැඳින්වෙන්නේ “තේරුමක් නැති” තරගයක් ලෙසිනි.
ශ්‍රී ලංකාව මෙන්ම සිම්බාබ්වේ කණ්ඩායම ද සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබා සිටින බැවින්, අද තරගයේ ප්‍රතිඵලය කිසිවකුට වැදගත් නොවේ. එහි තියෙන සුළු හෝ වැදගත්කමක් ඇත්නම් මේ වන විට විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත ලයිස්තුවේ 8 වැනි ස්ථානයේ සිටින ශ්‍රී ලංකා කණ්ඩායම සංත්‍රාසයට පත්කරමින් ප්‍රසාද ලකුණු පුවරුවේ ඉහළ යාමට 11 වැනි ස්ථානයේ සිටින සිම්බාබ්වේ පිලට අවස්ථාවක් තිබීමයි.
එය සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට තවත් වතාවක් ‘නටන්නට’ අවස්ථාවක් විය හැකි නමුත් ශ්‍රී ලාංකිකයන් පිටියට යන්නේ සිම්බාබ්වේ ක්‍රීඩකයන්ට නටන්නට අවස්ථාවක් දෙන්නට නොව තමන්ගේ දඟ පන්දුවේ හැටියට ඔවුන් නටවන්නටය.
එදා ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ පැවැති ඕස්ටේ්‍රලියානු තරගය දිනාගෙන එමින් තිබියදී සිම්බාබ්වේ ක්‍රීඩකයෝ පිට්ටනියේ කුඩා කුටිය ඉදිරිපිට නටමින් සිටියහ. ඊයේ (17 වැනිදා) අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයට වර්ෂාවෙන් බාධා එල්ල වන විටත් සිම්බාබ්වේ ක්‍රීඩකයන් ක්‍රීඩාගාරයට වී නටමින් සිටියේ සුපිරි 8 දෙනාගේ වටයට සුදුසුකම් ලබාගැනීමට නම් වර්ෂාවෙන් තරගය සේදී යාම ප්‍රමාණවත් වූ බැවිනි.
කෙසේ වෙතත් අද තරගයෙන් ප්‍රතිඵලයෙන් කණ්ඩායම් දෙකට බලපෑමක් නොවන බැවින්, කණ්ඩායම් දෙකම තම තමන්ගේ තුරුම්පු හංගාගෙන ක්‍රීඩා කරනු ඇත. විශේෂයෙන්ම යන්තම් හෝ ආබාධයක් ඇති ක්‍රීඩකයකු අද තරගයේදී පිටියට නොයවනු ඇත.
අද තරගය පිළිබඳ ශ්‍රී ලංකා කණ්ඩායමට නම් ප්‍රශ්නයක් ඇත්තේම නැති තරම්ය. පල්ලෙකැළේදී පාදයේ ආබාධයකට ලක්වූ මතීෂ පතිරණ වෙනුවට ආදේශකයකු ඊයේ සවස වන තුරුත් නම්කර නොසිටි නමුත් අද තරගය සඳහා එය ප්‍රශ්නයක් නොවේ. ප්‍රමෝද් මධුෂාන් කණ්ඩායමේ සිටින බැවින් ප්‍රමෝද් පිටියට යවා ඉදිරි තරග සඳහා ඔහු සූදානම්කර තබා ගැනීම වඩාත් ප්‍රතිඵල දායකය.
ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ තණතීරුව පල්ලෙකැළේ තරම් පිතිකරුවන්ට යෝග්‍ය එකක් නොවේ. එය හැඳින්වෙන්නේම මන්දගාමී තණතීරුවක් ලෙසිනි.
පවන් රත්නායක කණ්ඩායමට එක්වීමත් සමගින් මැද පෙළ පිතිහරඹය පිළිබඳ තිබූ ගැටළුවට විසඳුමක් ලැබී තිබේ. එය කුසල් මෙන්ඩිස් මත තිබූ පීඩනයද සෑහෙන ප්‍රමාණයකින් අඩුකර ඇත. එකම ප්‍රශ්නය වන්නේ කුසල් ජනිත් පෙරේරා සාර්ථක වන්නේ කවදාද යන්නයි. පළපුරුදු පිතිකරුවකු වන කුසල් ජනිත් පෙරේරාට කණ්ඩායම ඇතුළේ මගියකු වීමේ අවස්ථාවක් නැත. ලකුණු ලබාගැනීම ඔහුගේ වගකීමයි.
ශ්‍රී ලංකා කණ්ඩායම ලෝක කුසලාන තරගාවලිය ආරම්භ කළේ එතරම් සිත්ගන්නා සුළු ජයග්‍රහණයකින් නොවේ. එය හුදෙක් ජයග්‍රහණයක් පමණි. එහෙත් පල්ලෙකැළේදී පැවැති තරග දෙකම ශ්‍රී ලාංකික ක්‍රිකට් ලෝලීන් අමන්දානන්දයට පත්කළ තරග විය.
සුපරි 8 දෙනාගේ වටයට පියවරක් මෙපිටින් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමට ඕනෑ කරන්නේ තවත් එවැනිම සිත්ගන්නා සුළු ජයග්‍රහණයකි.
හුදෙක් ක්‍රිකට් ක්‍රීඩාව පමණක් නොවේ. රාජ්‍යයක් හැටියටත් මේ දිනවල සිම්බාබ්වේ මුහුණ දෙන ප්‍රශ්න හමුවේ සිම්බාබ්වේ කණ්ඩායම මෙවර ලෝක කුසලාන තරගාවලියේදී අත්කරගෙන ඇත්තේ සුළුපටු ජයග්‍රහණයක් නොවේ. එබැවින් නටන්නට තවත් අවස්ථාවක් එනතුරු සිම්බාබ්වේ ක්‍රීඩකයෝ බලා සිටිති.
Premalal Cooray Thursday, 19 February 2026 12:59 PM
කුසල් පෙරේරා අසූචි ගොඩක්...
Reply 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.