බටහිර ඉන්දීය කොදෙව් පිල සහ එංගලන්ත පිල අතර බාබඩෝස්හි කෙන්සිංටන් ඕවල් කී‍්‍රඩාංගණයේදී පැවැත්වෙන තෙවැනි ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු දිනය නිමා වන විට සිය පළමු ඉනිම වෙනුවෙන් පන්දුවට පහරදෙමින් සිටි එංගලන්ත පිල කඩුලූ 7 ක් දැවී ලකුණු 240 ක් ලබා සිටියේය.
එහිදී සිය ටෙස්ට් කි‍්‍රකට් දිවියේ 26 වැනි ශතකය ලබාගැනීමට නායක ඇලෙස්ටෙයාර් කුක් සමත් වූ අතර ඔහුගේ ඉනිමට හතරේ පහර 12 ක් ඇතුළත් විය.
මුළු ලකුණු සංඛ්‍යාව 91 ක් වන විට එංගලන්ත පිලේ සිව්වැනි කඩුල්ල ලෙස ලකුණු 33 ක් ලබාසිටි ජෝ රූට් දැවීගියේය.
එතැන් සිට ඇලෙස්ටෙයාර් කුක් සහ මොයින් අලී (58) එක්ව පස්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 98 ක සම්බන්ධතාවක් ගොඩනගමින් සිය කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමූහ.
මොයින් අලීගේ අර්ධ ශතකයට හයේ පහරක් සහ හතරේ පහර 8 ක් අන්තර්ගත විය.
කිසියේ වාසිය දිනූ එංගලන්ත පිල පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළේය.
එංගලන්ත පිල පළමු ඉනිම - කඩුලූ 7 ක් දැවී 240
(ඇලෙස්ටෙයාර් කුක් 105, ගැරී බැලන්ස් 18, ජෝ රූට් 33, මොයින් අලී 58, බෙන් ස්ටෝක්ස් 22, ජේසන් හෝල්ඩර් 34/2, ශැනෝන් ගේබි්රයල් 36/2)
- 036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.