බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ පැවැත්වෙන කැරිබියන් පි‍්‍රමියර් ලීග් තරගාවලියේ ටි්රනිඩෑඞ් සහ ටොබැගෝ පිලට එක්වීම සඳහා ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයකු වන මහේල ජයවර්ධනට ආරාධනා ලැබී තිබේ.
ඒ අනුව ලබන සෙනසුරාදා (17 වැනිදා) ශාන්ත ලූසියා පිලට එරෙහිව කිංග්ස්ටන් නගරයේදී පැවැත්වීමට නියමිත තරගයේදී ටි්රනිඩෑඞ් සහ ටොබැගෝ පිල නියෝජනය කිරීම සඳහා මහේල ඊයේ (14 වැනිදා) සවස දිවයිනෙන් පිටත්වයාමට සූදානමින් සිටියේය.
මහේලට අමතරව ටි්රනිඩෑඞ් සහ ටොබැගෝ පිල නියෝජනය කරන අනිකුත් විදෙස් කී‍්‍රඩකයන් වන්නේ රොස් ටේලර් (නවසීලන්තය), කෙවින් ඕ’ බ්‍රයන් (අයර්ලන්තය) සහ ඬේවිඞ් ජෙකොබ්ස් (අකුණු අප්‍රිකාව) ය.
මහේල මෙම තරගාවලියට සහභාගීවීමට වරම් හිමිකරගත් දෙවැනි ශ්‍රී ලාංකික කී‍්‍රඩකයා වන අතර ඔහුට අමතරව මුත්තයියා මුරලිදරන්ද තරගාවලිය ආරම්භයේ සිටම ඊට එක්ව සිටී. මුරලි නියෝජනය කරන්නේ ජැමෙයිකානු පිලයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.