Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කැන්ඩි ෆැල්කන්ස් නායකත්වය වනිඳුට
එල්.පී.එල්. - 2022

කැන්ඩි ෆැල්කන්ස් නායකත්වය වනිඳුට

editorial - 2022 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

මෙවර (2022) ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියට ක්‍රීඩා කරන කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම මෙයෙහවීමේ වගකීම තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හරසංගට ලබාදීමට එම කණ්ඩායමේ කලමණාකාරීත්වය පියවර ගෙන තිබේ. වනිඳුට පෙර 2020 වසරේදී කුසල් ජනිත්ද, 2021 වසරේදී ඇන්ජලෝ පෙරේරාද මහනුවර කණ්ඩායමේ නායකත්වය දැරූහ. 

ඉකුත් වසර දෙකේදීම එල්.පී.එල්. තරගාවලියේ ශූරයන් බවට පත්වූ ජැෆ්නා කිංග්ස් කණ්ඩායමේ නිත්‍ය සාමාජිකයකු වූ වනිඳු, මෙවර තරගාවලියේ ක්‍රීඩක කාණ්ඩගත කිරීමට පෙරාතුවම කැන්ඩි ෆැල්කන්ස් කණ්ඩායම සමග එක් විය. එහිදී මහනුවර කණ්ඩායමේ හිමිකරුවන් විසින් වනිඳු සිය කණ්ඩායමට එක්කර ගනු ලැබුවේ ඔහු වෙනුවෙන් ඇමරිකානු ඩොලර් 60,000 ක පිරිවැයක් දරමනි.  

ලංකා ප්‍රීමියර් ලීග් ඉතිහාසයේ වැඩිම කඩුලු ලාභියා බවට පත්ව සිටින වනිඳු, 2020 වසරේ තරග 10 කදී කඩුලු 17 ක්ද, 2021 වසරේ තරග 10 කදී කඩුලු 11 ක්ද සමග මේ දක්වා බිඳහෙළා ඇති මුළු කඩුලු සංඛ්‍යාව 28 කි. 2020 වසරේ පැවැති තරගවෙලියේදී වැඩිම කඩුලු ලාභියා ලෙස සම්මාන දිනාගැනීමටද ඔහු සමත් විය. මේ වන විට ඔහු විස්සයි-20 පන්දු යවන්නන් අතර 6 වැනි ස්ථානයේද, විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයන් අතර 11 වැනි ස්ථානයේද පසුවේ. 

තරගාවලියට සහභාගි වන සෙසු කණ්ඩායම් වන කලම්බු ස්ටාර්ස් කණ්ඩායම ඇන්ජලෝ මැතිව්ස් විසින්ද, ජැෆ්නා කිංග්ස් කණ්ඩායම තිසර පෙරේරා විසින්ද, දඹුල්ල ජයන්ට්ස් කණ්ඩායම දසුන් ශානක විසින්ද මෙහෙයවනු ලබයි. කෙසේ වුවත් මෙවර තරගාවලියේදී ගෝල් ග්ලැඩියේටර්ස් කණ්ඩායමේ නායකයා කවුදැයි යන්න තවමත් නිල වශයෙන් නිවේදනය කර නොමැත. බොහෝ දුරට එම කණ්ඩායමේ නායකත්ව කුසල් මෙන්ඩිස්ට හිමිවනු ඇතැයි වාර්තා වේ. 

(ඡායාරූපය - කැන්ඩි ෆැල්කන්ස් නිල ‍ෆේස්බුක් පිටුවෙනි)

 


අදහස් (0)

කැන්ඩි ෆැල්කන්ස් නායකත්වය වනිඳුට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.