Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(දමින්ද විජේසූරිය)
ඉන්දියාවේදී සහ ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන කාන්තා ලෝක කුසලාන තරගාවලිය මේ මස 30 වැනිදා ආරම්භ වුවද, තරගාවලියේ පෙරහුරු තරග හෙට (25 වැනිදා) සිට ආරම්භ වෙයි. 28 වැනිදා දක්වා පැවැත්වෙන පෙරහුරු තරග 8 කින් තරග 2 ක් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීත්, තවත් තරග2 ක් කොළඹ සී.සී.සී. පිටියේදීත් පැවැත්වේ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ පළමු පෙරහුරු තරගය පාකිස්තානු කාන්තා පිලට එරෙහිව හෙට කොළඹ සී.සී.සී. පිටියේදී පැවැත්වෙයි. ශ්‍රී ලංකා කාන්තා පිලේ දෙවැනි පෙරහුරු තරගය සෙනසුරාදා (27 වැනිදා) බංග්ලාදේශ කාන්තා පිලට එරෙහිව සී.සී.සී. පිටියේදීම පැවැත්වෙයි.
මෙම තරග දෙකම පස්වරු 3.00 ට ආරම්භ කෙරෙන දිවා/රාත්‍රී තරග වේ.
පුහුණු තරග දෙකට පසුව ලෝක කුසලාන තරගාවලියේ සමාරම්භක තරගයට සහභාගි වීම සඳහා ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යනු ඇත. තරගාවලියේ සමාරම්භක තරගය, 30 වැනිදා, ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවහටි නුවරදී පැවැත්වේ.
ශ්‍රී ලංකාවේදී පැවැත්වෙන පෙරහුරු තරග
25 වැනිදා
■ ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර කොළඹ සී.සී.සී. ක්‍රීඩාංගණයේදී
■ බංග්ලාදේශය සහ දකුණු අප්‍රිකාව අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
27 වැනිදා
■ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර කොළඹ සී.සී.සී. පිටියේදී
28 වැනිදා
■ දකුණු අප්‍රිකාව සහ පාකිස්තානය අතර කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.