Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
මේ මස 30 වැනිදා ආරම්භ වන කාන්තා (එක්දින) ලෝක කුසලාන තරගාවලියේ ශූරියන්ට පිරිනැමෙන ලෝක කුසලානය, ප්‍රදර්ශනයක් සඳහා පසුගියදා ශ්‍රී ලංකාවට රැගෙන එන ලදි. ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීම ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ නායිකා චමරි අතපත්තුගේ ප්‍රධානත්වයෙන් කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්විණ.
ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමේ ඉදිරිපෙළ ක්‍රීඩිකාවන් වන හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්‍ෂි ද සිල්වා දෙදෙනාට අමතරව ටෙස්ට් නායක ධනංජය ද සිල්වාත්, ටෙස්ට් ක්‍රීඩකයන් වන දිනේෂ් චන්දිමාල් සහ විශ්ව ප්‍රනාන්දු දෙදෙනාත් මෙම අවස්ථාවට එක්ව සිටියහ. කාන්තා ලෝක කුසලාන තරගාවලියේ සුරතලුන් ලෙසින් තෝරා ගන්නා ලද ‘බ්ලේස්’ සහ ‘ටොන්ක්’ දෙදෙනාත් ලෝක කුසලානය ප්‍රදර්ශනය කිරීමේ අවස්ථාවට එක්ව සිටියහ.
- 213
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.