Last Update  :  2025-11-08 11:14:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රීඩාවට කෝටි 428.8 ක්

ක්‍රීඩාවට කෝටි 428.8 ක්

editorial - 2025 නොවැ මස 07 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

වත්මන් රජයේ වසර 2026 සඳහා වන අයවැය යෝජනා මගින් ක්‍රීඩාවේ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 4288 ක් හෙවත් රුපියල් කෝටි 428.8 ක් වෙන්කර තිබේ.

අයවැය යෝජනා ලයිස්තුවේ අංක 22 යටතේ ක්‍රීඩා සංස්කෘතිය වර්ධනය කිරීම යටතේ මෙම යෝජනා ඉදිරිපත් කර තිබේ. එහි මෙසේ සටහන් වෙයි.

ක්‍රීඩා සංස්කෘතියක් වර්ධනය කිරීමෙන් සමාජය තුල සෞඛ්‍ය සම්පන්න, නිරෝගිමත්, සහයෝගිමත්,  “ජවසම්පන්න පුරවැසියෙක් - ජයග්‍රාහී ජනතාවක්” බිහි වෙනවා. ඒ් හෙයින්, ක්‍රීඩා පහසුකම් සඳහා අවස්ථාවන් පුළුල් කිරීම මඟින් අපේ ළමා පරපුර මෙන්ම තරුණ ප්‍රජාව අතර ක්‍රීඩා සංස්කෘතිය ප්‍රචලිත කිරීම සඳහා රුපියල් මිලියන 1,800 ක් වෙන් කර තිබෙනවා. ඒ සඳහා තවත් අමතරව රුපියල් මිලියන 800 ක් වෙන් කිරීමට යෝජනා කරනවා. 

ක්‍රීඩකයින්ට ජාත්‍යන්තර ක්‍රීඩා තරග සඳහා පහසුකම් සැළසීමටත්, දෙවන ස්ථරයේ ක්‍රීඩා සංචිත, ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි, ජාතික ක්‍රීඩා තරඟ, උසස් දක්ෂතා සහිත ක්‍රීඩා සංචිත සඳහා සහභාගී වන ක්‍රීඩකයින් 4,000 කට පමණ පහසුකම් සැලසීම සඳහා රුපියල් මිලියන 1,163 ක් වෙන් කර තිබෙනවා.

ක්‍රීඩා යටිතල පහසුකම් සංවර්ධනය යටතේ මන්නාරම හා වවුනියා දිස්ත්‍රික්කවල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 225 ක් ද, කල්මුනේ ක්‍රීඩාගාරය සාදා නිම කිරීම සඳහා රුපියල් මිලියන 150 ක් ද මෙවර අයවැයෙන් වෙන් කර තිබෙනවා. ඒ සමඟම උතුරු සහ නැගෙනහිර පළාත්වල ක්‍රීඩා සංකීර්ණ සංවර්ධනය සඳහා රුපියල් මිලියන 150 ක් ද වෙන් කර තිබෙනවා. 

- 213


අදහස් (0)

ක්‍රීඩාවට කෝටි 428.8 ක්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.