Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
බටහිර ඉන්දීය කොදෙව් සංචාරයට යන ශ්‍රී ලංකා කණ්ඩායම තෝරා ගැනීම සඳහා වන යෝග්‍යතා පරීක්ෂණය මීට පෙර පැවැති පරිදි ‘යෝ - යෝ’ ක්‍රමයට නොව, කිලෝමීටර දෙකක් එක එල්ලේ දිවයමින් පැවැත්වීමට තීරණය කර තිබේ. ඒ අනුව ක්‍රීඩකයන් සියලු දෙනාම නියමිත කාලයක් තුළදී කිලෝ මීටර දෙකක දුරක් සම්පූර්ණ කළ යුතුව තිබේ.
ක්‍රීඩකයන් කිලෝ මීටර දෙකක දුර සම්පූර්ණ කළයුතු කාලය ආසන්න වශයෙන් විනාඩි 8 යි තත්පර 30 කි.
මෙම යෝග්‍යතා පරීක්ෂණය ලබන බ්‍රහස්පතින්දා සහ සිකුරදා (4 සහ 5 දිනවල) පෙරවරුවේදී පැවැත්වේ. බ්‍රහස්පතින්දා ක්‍රීඩකයන්ගේ ශරීරයේ පවතින මේද සංයුතිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පැවැත්වෙන අතර සිකුරාදා පෙරවරුවේදී එක එල්ලේම කිලෝ මීටර දෙකක් දිවයාමට ක්‍රීඩකයන්ට සිදුවනු ඇත.
ක්‍රීඩකයන් 35 දෙනකුගේ සංචිතයක් සඳහා මෙම පරීක්ෂණය කරනු ලබයි. එහිදී සෞඛ්‍ය නිර්දේශ අනුව, ක්‍රීඩකයන් කණ්ඩායම් වශයෙන් කොටස් 4 කට බෙදා කිලෝ මීටර 2 ක ධාවනයට යොමු කෙරේ.
“නියමිත කාලයක් තුළදී දිවයාම හෘදයේ පැවැත්මත්, රුධිර වාහිනී පද්ධතියත් සම්බන්ධයෙන් බොහෝ දේ ප්‍රකාශයට පත්කරනවා. ඒ වගේම විවිධ ආබාධ සහ ආබාධ ඇතිවිය හැකි තත්ත්වයන් සම්බන්ධයෙන්ද බොහෝ දේ හෙළි කෙරෙනවා. මොකද, කිසියම් ආබාධයක් නිසා ඔබට වේදනාවක් දැනේ නම්, විනාඩි 8 ක් තිස්සේ ඒක හංගාගෙන ඉන්න කොහොමටවත් බෑ. ඒ වගේ වේදනාවක් තියාගෙන උසස් මට්ටමේ දස්කම් පෙන්වන්නත් බෑ....”
“ඒ හින්දා ඒක මාංශ පේෂි, අස්ථිවල යෝග්‍යතාව වගේම හෘදයේ පැවැත්මත්, රුධිර වාහිනී පද්ධතියත් සම්බන්ධයෙන් ඉතාම පැහැදිළි පින්තූරයක් අපට ලැබෙනවා” යයි ඉන්දියාවේ මුම්බායි නුවර, රිලයන්ස් මූලික රෝහලේ ක්‍රීඩා වෛද්‍ය විද්‍යා අංශයේ ප්‍රධානියා වන වෛද්‍ය මැතිව්ස් මහතා ඉන්දියන් එක්ස්ප්‍රස් පුවත්පතට පවසා තිබේ.
“මේ කාල පරාසයේදී නියමිත දුර දුවගන්න ඔහුට පුළුවන් නම්, වෙනත් විදියකින් කියනවා නම් කාලය මැනීමේ පරීෂණයෙන් සමත් වෙන්න ඔවුන්ට පුළුවන් නම්, ඔහු හෝ ඇය ‘නියම ශාරීරික යෝග්‍යතාවෙන් සිටිනවා’ කියලා අපට බය නැතිව කියන්න පුළුවන්. මොකද, ඔවුන් දිගු වේලාවක් අධික වේගයෙන් දුවලා තියෙනවා. ඒ වගේ ක්‍රීඩකයෙක් ‘පරීක්ෂණයෙන් සමත්’ කියලා කියන්න පුළුවන්” යයිද වෛද්‍ය මැතිව්ස් මහතා වැඩිදුරටත් පවසා තිබිණ.
ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් මෙන්ම ක්‍රීඩා අමාත්‍යවරයාත් දිගින් දිගටම කියා සිටින්නේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරය සඳහා මනා ශාරිරික යෝග්‍යතාවකින් යුත් ක්‍රීඩකයන් පමණක් තෝරා ගන්නා බවයි. නව තේරීම් කමිටුව පත්කිරීමෙන් පසුව කොදෙව් සංචාරය සඳහා කණ්ඩායම තෝරා ගැනීමට නියමිය.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.