
ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ (2011) ශූරතාව මුදලට පවා දුන් බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් හිටපු සුපිරි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් ප්‍රශ්න කිරීමට විරෝධය දක්වමින් තරුණයෝ පිරිසක් කොළඹ ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානය ඉදිරිපිට ඊයේ (02) පස්වරුවේ විරෝධතාවක් දැක්වූහ.
‘සංගා - මහේල දං ගොඩියට’ සහ ‘ක්‍රීඩක දඩයම වහා නවතනු’ ලෙස විරෝධතා පුවරුව ප්‍රදර්ශනය කරමින් එම පිරිස විරෝධතාව දැක්වූහ. මෙම චෝදනාව සම්බන්ධයෙන් මේ වන විට හිටපු ක්‍රීඩකයන් වන අරවින්ද ද සිල්වා, උපුල් තරංග සහ කුමාර් සංගක්කාර තිදෙනාම ක්‍රීඩා වැරදි පිළිබඳව පොලිස් විශේෂ විමර්ශන ඒකකයට පැමිණ සාක්‍ෂි ලබා දී තිබේ.
(ඡායාරූපය: ගයාන් අමරසේකර)
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.