Last Update  :  2025-07-20 19:44:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ක්‍රිකට් ආයතන පිල ලකුණු 45 ක් පසුපසින්

ක්‍රිකට් ආයතන පිල ලකුණු 45 ක් පසුපසින්

editorial - 2022 ජුලි මස 12 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(ශානුක අරවින්ද) 

සංචාරක පාකිස්තාන කණ්ඩායමට එරෙහිව කොළඹ කෝල්ට්ස් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තෙදින පෙරහුරු තරගයේ දෙවැනි දිනය වූ අද (12 වැනිදා) ක්‍රීඩාව නතර කරන විට පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 5 ක් දැවී ලකුණු 278 ක් ලබා සිටියේය.  

ඒ අනුව ඔවුන් කඩුලු 5 ක් ඇතැතිව පාකිස්තාන කණ්ඩායමට වඩා ලකුණු තවත් ලකුණු 45 ක් පසුපසින් සිටියි. දෙවැනි දිනය සඳහා තරගය නතර කරන විට ආරම්භක පිතිකරු නිෂාන් මධුෂංක හතරේ පහර 6 ක් සමග නොදැවී ලකුණු 39 ක්ද, චාමික කරුණාරත්න හතරේ පහර 3 ක් සමග නොදැවී ලකුණු 14 ක්ද ලබා කඩුල්ලේ රැදී සිටියහ. 

අගනා පිතිහරඹයක නිරත වූ ආරම්භක පිතිකරු සධීර සමරවික්‍රම පන්දු 99 කදී හතරේ පහර 13 ක් සමග ලකුණු 91 ක් රැස්කළේය. කෙසේ වුවත් ශතකය පෙනි පෙනී තිබියදී ආඝා සල්මාන්ගේ පන්දුවක් හමුවේ යසීර් ෂා අතට උඩ පන්දුවක් දෙමින් දැවී යෑම හේතුවෙන් ඔහුට ශතකය සම්පූර්ණ කිරීමට නොහැකි විය. 

ලකුණු 23 ක් ලබා සිටියදී අසනීප තත්ත්වයක් හේතුවෙන් පිටියෙන් ඉවත්ව ගිය නිෂාන් මධුෂංක, සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන ඉනිමේ සිවුවැනි කඩුල්ල ලෙස නුවනිඳු ප්‍රනාන්දු (78) දැවී යෑමෙන් අනතුරුව යළිත් පන්දුවට පහරදීම සඳහා පිටියට පිවිසියේය. පන්දු 176 ක් පුරා සිය කඩුල්ල රැකගත් නුවනිඳු හයේ පහරකින් සහ හතරේ පහර 4 කින් සිය ඉනිම සැරසීය. 

නිෂාන්ගේ නික්ම යෑමෙන් පසුව සධීර සමග එක්ව පළමු කඩුල්ල වෙනුවෙන් ලකුණු 95 ක සම්බන්ධතාවක් ගොඩනැගූ නුවනිඳු, ඉන් නොනැවතී සහන් ආරච්චිගේ (28) සමග එක්ව සිවුවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 58 ක සම්බන්ධතාවක්ද ගොඩනගමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන කණ්ඩායමේ ලකුණු සංඛ්‍යාව ඉහළ දැමුවේය. 

පළමු දිනය වූ ඊයේ (11 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 7 ක් දැවී ලකුණු 277 ක් ලබා සිටි පාකිස්තාන කණ්ඩායම අද දිනයේදී සිය පළමු ඉනිමට තවත් ලකුණු 46 ක් එක්කර ගත්තේය. එහිදී හතරේ පහර 3 ක් සමග ලකුණු 55 ක් රැස්කිරීමට ආඝා සමල්මාන් සමත් විය. පළමු දිනය අවසානයේ නොදැවී සිටි සෞද් ශකීල් (30) දෙවැනි දිනයේදී පන්දුවට පහරදීම සඳහා පිටියට නොපැමිණියේය. 

පාකිස්තාන පළමු ඉනිම - සියලු දෙනා දැවී 323 
(අසාර් අලී 43, බාබර් අසාම් 88, ෆාවඩ් අලාම් 22, මොහොමඩ් රිස්වාන් 31, සෞද් ශකීල් නොදැවී 30, ආඝා සල්මාන් 55, මොහොමඩ් නවාස් 16, ලක්ෂිත මනසිංහ 85/4, ලසිත් ඇඹුල්දෙණිය 83/2, දිල්ෂාන් මධුෂංක 59/2)  

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන පිලේ පළමු ඉනිම - කඩුලු 5 ක් දැවී 278 
(නිෂාන් මධුෂංක නොදැවී 39, සධීර සමරවික්‍රම 91, නුවනිඳු ප්‍රනාන්දු 78, නිපුන් ධනංජය 14, සහන් ආරච්චිගේ 28, චාමික කරුණාරත්න නොදැවී 14, මොහොමඩ් නවාස් 24/2)

 


අදහස් (0)

ක්‍රිකට් ආයතන පිල ලකුණු 45 ක් පසුපසින්

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.