Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ වත්මන් පරිපාලනයේ නිල කාලය පසුගිය පෙබරවාරි 20 වැනිදායින් අවසන් වූ බැවින් මීළඟ නිලවරණය දක්වා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙනුවෙන් කළමණාකරන කමිටුවක් පත්කරන ලෙස නීතිපති දෙපාර්තමේන්තුව නිර්දේශ කර තිබේ. ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණය මැයි 20 වැනිදා පැවැත්වීමට නියමිතය.
වසර දෙකකට ඉහතදී පත්වූ ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුවේ නිල කාලය 2021 පෙබරවාරි 20 වන දින අවසන් වී ඇති බැවින් එම නිලධාරීන්ට දිගටම තනතුරුවල රැඳී සිටීමට නීතිමය පදනමක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිගමනය වී තිබේ.
ෂම්මි සිල්වා මහතාගේ සභාපතිත්වයෙන් යුතු වත්මන් ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ගේ නීත්‍යානුකූලභාවය අභියෝගයට ලක්රමින් කෝල්ට්ස් ක්‍රිකට් සමාජය විසින් ක්‍රීඩා අමාත්‍යවරයා වෙත ලිපියක් යෙමු කරන ලදි. එම ලිපිය නිසි උපදෙස් සඳහා නිතිපතිවරයා වෙත යවනු ලැබිණ. ක්‍රීඩා අමාත්‍යංශය නීතිපතිවරයාගෙන් නීති උපදෙස් ඉල්ලා සති තුනකට පසුව නීතිපති දෙපාර්තමේන්තුව විසින් මෙම උපදෙස් දී තිබේ.
වත්මන් නිලධාරී මණ්ඩලයේ වසර දෙකක ධූර කාලය අවසන් වී ඇති බැවින්, මීළඟ ක්‍රිකට් නිලවරණය පැවැත්වෙන තුරු, ක්‍රිකට් ක්‍රීඩාවේ පරිපාලනය සඳහා භාරකරුවෙකු පත් කරන ලෙස කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ සභාපති නිශාන්ත රණතුංග මහතා සහ ලේකම් මේජර් ජෙනරාල් ශිරාන් අබේසේකර යන මහත්වරු ක්‍රීඩා අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටියහ.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සිය අවසන් නිලවරණය පැවැත්වූයේ 2019 පෙබරවාරි 21 වැනිදාය.
“අවුරුදු 2 (2) නොඉක්මවන කාලයක් සඳහා නිලධාරීන් සිය තනතුරු හෙබවිය යුතුය” යනුවෙන් සඳහන් කර ඇති ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාව උපුටා දක්වමින් කෝල්ට්ස් ක්‍රිකට් සමාජයේ සභාපතිවරයා සහ ලේකම්වරයා ක්‍රීඩා ඇමතිවරයාට ලියා තිබුණේ වත්මන් නිලධාරීන්ගේ තනතුරු නීත්‍යානුකූල නොවන බවයි.
“එම නිලධාරීන් දිගින් දිගටම සිය ධූරයන්හි කටයුතු කිරීම සහ කාර්යාලයේ බලතල ක්‍රියාත්මක කිරීම නිර්දය ලෙස ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක් මෙන්ම නීති විරෝධීය. එවන් තත්ත්වයකදී නීතියෙන් කිසිදු ප්‍රයෝජනයක් නොමැත” යයිද ක්‍රීඩා අමාත්‍යංශය වෙත යවන ලද ලිපියේ සඳහන් වී තිබිණ.
මෙම කාරණය පරෙස්සමින් සලකා බැලීමෙන් පසු, වර්තමාන ක්‍රිකට් විධායක කමිටුවේ නිල කාලය පෙබරවාරි 20 වන දින අවසන් වී ඇති බැවින් එය දිගටම කරගෙන යාමට නීතිමය පදනමක් නොමැති බව නීතිපති දෙපාර්තමේන්තුවේ නිගමනය වී තිබේ. එසේ වුවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මෙම තත්ත්වය හා මත ගැටුමක යෙදෙයි.
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තර්ක කරන්නේ ව්‍යවස්ථාව මඟින් වසර දෙකක කාල සීමාවක් පමණක් ලබා දී තිබුණද, ක්‍රීඩා නීතිය සහ පසුව ඇති කරන ලද රෙගුලාසි මඟින් සිව් අවුරුදු කාලයක් සඳහා ඉදිරියට යාමට තමන්ට ඉඩ සැලසෙන බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එදිනෙදා කටයුතු සඳහා නව කළමණාකරණ කමිටුවක් පත්කරන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් තීරණය ඇත්තේ ක්‍රීඩා ඇමතිවරයා අතය.
නීති විශාරදයින් පවසන්නේ 1973 අංක 25 දරණ ක්‍රීඩා නීතියේ 33 වන වගන්තිය යටතේ ක්‍රීඩා ඇමතිවරයාට “ක්‍රිකට් අතුරු කමිටුවක්” පිහිටුවිය හැකි බවත් ඇතැම් විට එය වර්තමාන පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත වුවද ඒ සම්බන්ධයෙන් කිසිවකුට තර්ක කළ නොහැකි බවත්ය.
නීතිපති දෙපාර්තමේන්තුවේ උපදෙස් වලින් අදහස් වන්නේ ශ්‍රී ලංකාවේ ක්‍රිකට් අධ්‍යක්‍ෂවරයා ලෙසින් මැතකදී කැඳවන ලද ටොම් මූඩි මහතාගේ පත්වීම ඇතුළුව, පෙබරවාරි 20 වැනිදාට පසුව ගන්නා ලද තීරණ සහ කරන ලද සියලු කාර්යයන් නීති විරෝධී යැයි හැඟවෙන බවයි.
මේ හා සමාන තත්වයන් යටතේ, 2018 දී එවකට ක්‍රීඩා ඇමතිවරයා ව සිටි ෆයිසර් මුස්තාපා මහතා විසින් ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අධිකාරියක් යටතට පත් කරන ලදී
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.