බටහිර ඉන්දීය කොදෙව් ‘ඒ’ පිල සහ ශ්‍රී ලංකා ‘ඒ’ පිල අතර හම්බන්තොට, සූරියවැව, මහින්ද රාජපක්‍ෂ ක‍්‍රිකට් ක‍්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු සිවුදින තරගයට සහභාගි වී සිටින ශ‍්‍රී ලංකා ‘ඒ’ පිලේ පුහුණුකරු මෙන්ම ශ‍්‍රී ලංකා පිලේ හිටපු ආරම්භක පිතිකරු රොමේෂ් කඵවිතාරණ මහතා ඊයේ (13) රාත‍්‍රීයේ හෘදයාබාධයකට ලක්වීම නිසා ගුවනින් කොළඹට ගෙන ඒමට පියවර ගෙන තිබේ.
ශී‍්‍ර ලංකා ‘ඒ’ කණ්ඩායම සමගින් හම්බන්තොට නගරයේ නවාතැන් ගෙන සිටියදී ඊයේ (13) රාත‍්‍රී හෘදයාබාධය ඇතිවූ අවස්ථාවෙදී කඵවිතාරණ මහතා සෙසු නිලධාරීන් දැනුම්වත් කර තිබේ. අනතුරුව රාත‍්‍රී 12.30 ට පමණ කළුවිතාරණ මහතා හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබේ.
කඵවිතාරණ මහතාට රාත‍්‍රී 11.00 ට පමණ පළමුව රෝගී තත්ත්වය දැනුන ද එය පිිළිබදව අවධානය යොමුකර නොමැති බව වාර්තා වේ.
කඵවිතාරණ මහතා අද පෙරවරුව දක්වා හම්බන්තොට රෝහලේදී වෛද්‍ය පරීක්‍ෂණ රැසකට මුහුණ දුන් අතර තත්ත්වය බරපතල නොවන බව වෛද්‍යවරු පවසති. කෙසේ වෙතත් වැඩි දුර ප‍්‍රතිකාර සදහා විශේෂ හෙලිකොප්ටර් යානයකින් ඔහු කොළඹ පෞද්ගලික රෝහලට ගෙන ඒමට පියවර ගෙන තිබිණ.
කඵවිතාරණ මහතා ඊයේ පස්වරුවේ අධික ලෙස ශාරීරික ව්‍යායාමවල නිරතව ඇති බවත් පසුව හෝටලයේ ශරීර සුවතා මධ්‍යස්ථානයේදීත් ව්‍යායාම කර ඇති බව ද දැනගන්නට තිබේ.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.