Last Update  :  2025-08-15 15:47:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කසුන් රාජිතගේ මස්පිඬු ඉරීයයි

කසුන් රාජිතගේ මස්පිඬු ඉරීයයි

editorial - 2019 දෙසැ මස 16 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

ශ්‍රී ලංකා කණ්ඩායමේ මේ වන විට සිටි ප්‍රධානතම  වේගපන්දු යවන්නන් තිදෙනාගෙන් අයකු වන කසුන් රාජිත යළිත් වරක් මස්පිඬු ඉරීයාමේ ආබාධයකට මුහුණ දී තිබේ. රාවල්පිණ්ඩි නුවරදී පාකිස්තානයට එරෙහිව පැවැති පළමු ටෙස්ට් තරගගේ පන්දු යවමින් සිටියදී ඔහු මෙම ආබාධයට ලක්ව තිබේ.

ශ්‍රී ලංකා ක්‍රීඩකයන් පන්දු යැවූ එකම දිනය වූ ඊයේ (15 වැනිදා) ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කරමින් ඕවර 6 ක් යැවූ කසුන් රාජිත සිය දෙවැනි ඕවරයේදීම ශාන් මසූඞ් දවාගත්තේය. පසුව පන්දු යැවීම නවතා ආපස ක්‍රීඩාගාරයට ගියේය. පවතින තත්ත්වය අනුව ලබන 19 වැනිදා කරච්චිහිදී ආරම්භ වීමට නියමිත දෙවැනි ටෙස්ට් තරගයට කසුන් රාජිත ක්‍රීඩා කිරීම ස්ථිර කළ නොහැකි තත්ත්වයක පවතී.

ශ්‍රී කණ්ඩායමේ කළමනාකරු අසන්ත ද මැල් මහතා පවසා ඇත්තේද දෙවැනි ටෙස්ට් තරගයට ක්‍රීඩා කිරීමේ අවස්ථාව ඔහුට අහිමි වීමට ඉඩ ඇති බැවින් මෙම දකුණත් වේග පන්දු යවන්නා බොහෝ විට ශ්‍රී ලංකාව බලා පිටත්ව යැවෙනු ඇති බවයි.

කෙසේ වෙතත් කසුන්ගේ ස්ථානය සඳහා ආදේශ කරන්නේ කවුරුන්ද යන්න මේ වන තෙක් තීරණය කර නැත.

ටෙස්ට් තරග 7 කට පමණක් ක්‍රීඩා කර ඇති කසුන් රාජිත ලකුණු 685 කට කඩුලු 24 ක් දවාගෙන ඇත්තේ එකකට 28.54 ක සාමාන්‍යයක් පවත්වා ගනිමිනි. ඔහුගේ හොඳම පන්දු යැවීම වශයෙන් සටහන් වන්නේ කොදෙව් පිලට එරෙහිව බ්‍රිජ්ටවුන්හිදී ලකුණු 20 කට කඩුලු 3 ක් දවාගැනීමයි.

..


අදහස් (0)

කසුන් රාජිතගේ මස්පිඬු ඉරීයයි

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.