Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
තමා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගන්නා බව ඉන්දීය සුපිරි පිතිකරු විරාට් කෝලි අද (12 වැනිදා) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය. ඔහු මෙම තීරණය ගෙන ඇත්තේ නායක රෝහිත් ශර්මා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගෙන දින 5 කට පසුව වීම කැපී පෙනෙන සිදුවීමකි.
ඉන්දීය ටෙස්ට් කණ්ඩායම තරග 5 කින් සමන්විත තරගාවලියකට සහභාගි වීම සඳහා එළබෙන ජූනි සහ ජූලි මාසවල එංගලන්තයේ සංචාරයක නිරත වීමට සූදානමින් සිටියදී කෝලි මෙලෙස සිය සමුගැනීම ප්‍රකාශයට පත්කර ඇත.
වසර 14 කින් සමන්විත සිය ටෙස්ට් ක්‍රිකට් දිවිය තුළ තරග 123 කට ක්‍රීඩා කර ඇති කෝලි, එහිදී ශතක 30 ක් සහ අර්ධ ශතක 31 ක් සමග ලකුණු 9230 ක් රැස්කිරීමට සමත්ව ඇත්තේ 46.85 ක සාමාන්‍යයක් රඳවාගනිමිනි.
ඇමරිකා එක්සත් ජනපදයේදී සහ බටහිර ඉන්දීය කොදෙව්හිදී පැවැති 2024 විස්සයි-20 ලෝක කුසලාන තරගාවලිය ජයගැනීමට ඉන්දියාව සමත්වීමෙන් අනතුරුව විස්සයි-20 තරග බිමට සමුදුන් කෝලි, දිගින් දිගටම ටෙස්ට් සහ එක්දින තරගවලට සහභාගි විය.
කෙසේ වුවත් ටෙස්ට් තරග බිමෙන් සමුගැනීමෙන් අනතුරුව ඔහු තවදුරටත් ඉන්දීය එක්දින කණ්ඩායමට ක්‍රීඩා කිරීමට බලාපොරොත්තුවෙන් සිටින අතර එක්දින තරග බිමෙන් සමුගැනීම පිළිබඳව තවමත් ඔහු නිෂ්චිත යමක් ප්‍රකාශ කර නොමැත.
බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට එරෙහිව 2011 වසරේ ජූනි මාසයේ කිංග්ස්ටන් නුවරදී ඉන්දියාව වෙනුවෙන් ටෙස්ට් වරම් හිමිකරගත් කෝලි, අවසන් වරට ක්‍රීඩා කළේ මෙම වසරේ (2025) ජනවාරි මස ඕස්ටේ්‍රලියාවට එරෙහිව සිඩ්නි නුවරදී පැවැති ටෙස්ට් තරගයටය.
ක්‍රීඩා කළ ටෙස්ට් තරග 123 න් 68 කදීම ඔහු ඉන්දීය කණ්ඩායමේ නායකත්ව දරා ඇති අතර ඉන් තරග 40 කදී සිය කණ්ඩායම ජයග්‍රහණය කරා මෙහෙයවීමටද ඔහු සමත්වී ඇත. කෙසේ වුවත් 2020 වසරේ සිට මේ දක්වා ක්‍රීඩා කළ ටෙස්ට් තරග 39 තුළ කෝලිගේ ලකුණු රැස්කිරීමේ සාමාන්‍යය සටහන් වන්නේ 30.72 ක් ලෙසින් වන අතර එහිදී ඔහු ලබාගෙන ඇත්තේද ශතක 3 ක් පමණි.
“මම ඉන්දියානු ටෙස්ට් කමිසය ඇඳලා දැන්ට වසර 14 ක් ගත වෙලා තියෙනවා. අවංකවම මේ ආකෘතිය මාව මේ තරම දුරක් ගෙනියයි කියලා මම කවදාවත් හිතුවෙ නැහැ. එය මාව පරීක්ෂා කළා, මාව හැඩ ගැස්සුවා වගේම මට ජීවිතය සඳහා හුඟක් පාඩම් ඉගැන්නුවා.” යැයි සිය සමුගැනීම සම්බන්ධයෙන් අදහස් දක්වමින් කෝලි සමාජ මාධ්‍යවල පළ කර තිබිණ.
“මේ ආකෘතියෙන් ඉවත් වෙන එක ලේසි නෑ. ඒත් ඒක හරි කියලා දැනෙනවා. මට තිබුණු හැම දෙයක්ම මම මේ ආකෘතියට දීලා තියෙනවා. ඒ වගේම මම බලාපොරොත්තු වුණාට වඩා ගොඩක් දේවල් ඒකෙන් මට ආපහු ලැබුණා. ඒ නිසා මා සමග ක්‍රීඩා කළ සියලුම දෙනාටත්, පැමිණි ගමන් මගේදී මට ශක්තියක් වුණ සියලුම දෙනාටත් ස්තුතිවන්ත වෙමින් මම ඉවත්ව යනවා.” යැයිද වැඩි දුරටත් ඔහු සඳහන් කර තිබිණ.
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.