Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
(නාමල් පතිරගේ)
ශ්‍රී ලංකාව හා බෲනායි අතර සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයක් ලබන ජූනි 5 වැනිදා තායිලන්තයේ බැංකොක් නුවරදී පැවැත්වීමට සැලසුම් කර තිබේ.ඒ සදහා ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම මැයි 25 වැනිදා වන විට දිවයිනෙන් පිටත්ව යාමට සූදානමින් සිටින බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවැසීය.
ආසියානු කුසලාන (2027- රියාද්) නිර්දේෂිත තරග වටයේ තවත් තරග කීපයකටම මෙම දෙරට ආසන්නයේදී සූදානම් වන බැවින් එය ඒ සදහා එම දෙරටටම පෙරහුරු තරගයක් වන බව උමාර් මහතා එහිදී පැවැසීය.
ඒ වෙනුවෙන් ශ්‍රී ලංකා ජාතික පාපන්දු සංචිතය නේවාසික පුහුණුවීම් සදහා සංචාරයට සති දෙකකට කලින් කැදවෙන බවත් ඔහු පැවැසීය.
පසුගිය වසරේදී (2024) ශ්‍රී ලංකාව අවසන් වරට බෲනායි රාජ්‍යය සුහද ජාත්‍යන්තර පාපන්දු තරගයකදී මුණ ගැසීමේදී ශ්‍රී ලංකාව ගෝල 1 - 0 ක් ලෙස පරාජයට පත්ව තිබේ. එම තරගය ගිය වසරේ ජූනි 8 වැනිදා බන්දාර් සෙරී බෙගවාන් නුවරදී පවත්වා තිබේ.
බෲනායි රාජ්‍යය පෙර අවස්ථා පහකදී ජාත්‍යන්තර පාපන්දු තරග බිමේ ශ්‍රී ලංකාව මුණ ගැසීමේදී තරග දෙකක් ජය ගැනිමටද ශ්‍රී ලංකාව සමත්ව තිබේ.මේ වන් විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරිම් අනුව ශ්‍රී ලංකාව 200 වැනි ස්ථානයේත් බෲනායි 185 වැනි ස්ථානයේත් පසු වේ.
ඔවුන් අවසන් වරට පසුගිය මාර්තු 25 වැනිදා ඩෝහා - කටාර් නුවරදී පැවැති ආසියානු කුසලාන (2027) නිර්දේෂ වටයේ තරගයකදී ලෙබනනයට ගෝල 5 - 0 කින් පරාජයවී තිබේ.ජූනි 10 වැනිදා ඔවුන් නැවැත එම තරග වටය යටතේ භූතානය සමග තරග වැදීමට නියමිතය.
බ්‍රසීල ජාතික ෆැබියෝ මැකිල් ඔවුන්ගේ නිත්‍ය පුහුණුකරු ලෙස කටයුතු කරයි.ජූනි 10 වැනිදා ශ්‍රී ලංකාව ආසියානු කුසලාන (2027) නිර්දේෂ තරග වටයේ තවත් තරගයකට කොළඹදී සහභාගි වේ.ඒ චීන - තායිපේට එරෙහිවය.
අවසන් වරට පසුගිය මාර්තු 25 වැනිදා බැංකොක් නුවරදී පැවැති එකී නිර්දේෂිත වටයේ තරගයකදී ශ්‍රී ලංකාව තායිලන්තයට ගෝල 1-0 කින් පරාජයවී තිබේ.ශ්‍රී ලංකාවේ ආසන්නතම ජාත්‍යන්තර පාපන්දු ජය පසුගිය මාර්තු 20 වැනිදා ලාඕසයේදී වාර්තා වූයේ ඔවුන් ගෝල 2 - 1 කින් පරාජයට පත් කිරීමෙනි.
මෙම වසරට සැළසුම් කර තිබූ සාෆ් පාපන්දු තරගාවලිය අත්හිටුවීම තුළ ශ්‍රී ලංකාව මෙම වසරට නිල වශයෙන් සහභාගිවීමට සැළසුම් කර තිබූ ජාත්‍යන්තර පාපන්දු තරග සහභාගිත්වය මේ වන විට තරග හතරකට සීමාවී තිබේ.ඒ හේතුවෙන් ශ්‍රී ලංකාව සහභාගි වන තවත් සුහද ජාත්‍යන්තර පාපන්දු තරග කීපයක් සංවිධානය කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය උනන්දුවී සිටින බව එහි සහාපති ජස්වර් උමාර් මහතා පවසයි.
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.