Last Update  :  2025-07-04 21:56:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story කමිඳු - ප්‍රභාත් ටෙස්ට් සම්මාන දිනති
ශ්‍රී ලංකා ක්‍රිකට් - හෝම් ලෑන්ඩ්ස් සම්මාන රාත්‍රිය

කමිඳු - ප්‍රභාත් ටෙස්ට් සම්මාන දිනති

editorial - 2025 ජුනි මස 10 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)

වසර 2024 දී දේශීය සහ අන්තර්ජාතික වශයෙන් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වූ සියලුම ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ දස්කම් අගැයීම සඳහා පැවැති ‘හෝම් ලෑන්ඩ්ස්’ - ශ්‍රී ලංකා ක්‍රිකට් සම්මාන රාත්‍රියේදී වසරේ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරුවා වශයෙන් කමිඳු මෙන්ඩිස් ද, වසරේ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා වශයෙන් ප්‍රභාත් ජයසූරිය ද සම්මාන දිනාගත්හ. 

ටෙස්ට් නායක ධනංජය ද සිල්වා ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩාවේ විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා වශයෙන් සම්මාන දිනාගත්තේය. 

ක්‍රිකට් ක්‍රීඩාවේ ආකෘති තුනේදීම දැක්වූ දස්කම් සම්පිණ්ඩනය කිරීමේදී වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙසින් කමිඳු මෙන්ඩිස් සම්මාන දිනාගත්තේය. වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩිකාව ලෙසින් ශ්‍රී ලංකා නයිකා චමරි අතපත්තු සම්මාන දිනාගත්තාය. 

කොළඹ සිනමන් ලයිෆ් හෝටලයේදී සඳුදා (9 වැනිදා) රාත්‍රියේදී පැවැති මෙම සම්මාන ප්‍රදානෝත්සවයේ අතීතයේදී ලංකා කණ්ඩායම නියෝජනය කළ විශිෂ්ට ගණයේ ක්‍රීඩකයන් වූ චන්ද්‍රා ෂාෆ්ටර්, ස්ටැන්ලි ජයසිංහ සහ රංජිත් ප්‍රනාන්දු තිදෙනාත් ජීවිත කාලයටම එක වරක් පමණක් පිරිනැමෙන සම්මානයෙන් පිදුම් ලැබූහ. දශක තුනකට වැඩි කලක් තිස්සේ ක්‍රිකට් පරිපාලනයට සම්බන්ධ වී සිටි මහනුවර දිස්ත්‍රික් ක්‍රිකට් සංගමයේ ලේකම් ජානක පතිරණ මහතාත් ජීව කාලීන සම්මානයට හිමිකම් කීවේය. 

දීර්ඝ කාලයක් පුරා ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ඇප කැප වෙමින් වාර්තාකරණයේ නියැළුණු ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනකු වන ඉරිදා ලංකාදීප පුවත් පතේ නියෝජ්‍ය කර්තෘ, ප්‍රසන්න සංජීව තෙන්නකෝන් මහතාත්, දිනමිණ පුවත් පතේ ක්‍රීඩා සංස්කාරක ප්‍රින්ස් ගුණසේකර මහතාත් ජීව කාලීන සම්මානයෙන් උපහාර ලැබූහ. 

සම්මාන උළෙලේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් ක්‍රීඩා ඇමති සුනිල් කුමාර ගමගේ මහතා සහභාගි විය. නියෝජ්‍ය ක්‍රීඩා ඇමති සුගත් තිලකරත්න සහ වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්‍ෂා සහ සමූපකාර සංවර්ධන ඇමති වසන්ත සමරසිංහ යන මහත්වරු ඇතුළු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ හිටපු ක්‍රීඩකයෝ රැසක් ද මෙම උත්සවයට සහභාගි වූහ. 

2024 ශ්‍රී ලංකා ක්‍රිකට් - හෝම් ලෑන්ඩ්ස් සම්මාන ලාභියෝ 

අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව සඳහා සම්මාන
වසරේ විශිෂ්ටතම ක්‍රිකට් ක්‍රීඩකයා - කමිඳු මෙන්ඩිස්
වසරේ නැඟීඑන ක්‍රිකට් ක්‍රීඩකයා - ජනිත් ලියනගේ
වසරේ විශිෂ්ටතම ටෙස්ට් පිතිකරු - කමිඳු මෙන්ඩිස්
වසරේ විශිෂ්ටතම ටෙස්ට් පන්දු යවන්නා - ප්‍රභාත් ජයසූරිය
වසරේ විශිෂ්ටතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා - ධනංජය ද සිල්වා
වසරේ විශිෂ්ටතම එක්දින පිතිකරු - පැතුම් නිස්සංක
වසරේ විශිෂ්ටතම එක්දින පන්දු යවන්නා - වනිඳු හසරංග
වසරේ විශිෂ්ටතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩකයා - චරිත් අසලංක
වසරේ විශිෂ්ටතම විස්සයි-20 පිතිකරු - කුසල් මෙන්ඩිස්
වසරේ විශිෂ්ටතම විස්සයි-20 පන්දු යවන්නා - වනිඳු හසරංග
වසරේ විශිෂ්ටතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයා - වනිඳු හසරංග
වසරේ විශිෂ්ටතම ක්‍රීඩිකාව - චමරි අතපත්තු
වසරේ විශිෂ්ටතම එක්දින පිතිකාරිණිය - චමරි අතපත්තු
වසරේ විශිෂ්ටතම එක්දින පන්දු යවන්නිය - කවීෂා දිල්හාරි
වසරේ විශිෂ්ටතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව - චමරි අතපත්තු
වසරේ විශිෂ්ටතම විස්සයි-20 පිතිකාරිණිය - චමරි අතපත්තු
වසරේ විශිෂ්ටතම විස්සයි-20 පන්දු යවන්නිය - චමරි අතපත්තු
වසරේ විශිෂ්ටතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාව - චමරි අතපත්තු


අන්තර් ක්‍රීඩා සමාජ - ප්‍රධානතම විස්සයි-20 තරගාවලිය 
ශූරයෝ - එන්.සී.සී. ක්‍රිකට් සමාජය
අනුශූරයෝ - බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය
වසරේ විශිෂ්ටතම පිතිකරුවා - පවන්ත වීරසිංහ
වසරේ විශිෂ්ටතම පන්දු යවන්නා - අකිල ධනංජය 
තරගාවලියේ වීරයා - චාමික කරුණාරත්න


අන්තර් ක්‍රීඩා සමාජ - ප්‍රධානතම එක්දින තරගාවලිය 
ශූරයෝ - ඒස් කැපිටල් ක්‍රිකට් සමාජය
අනුශූරයෝ - සී.සී.සී. ක්‍රිකට් සමාජය
විශිෂ්ටතම පිතිකරුවා - ක්‍රිෂාන් සංජුල
විශිෂ්ටතම පන්දු යවන්නා - ඩිල්ෂාන් මුණවීර
විශිෂ්ටතම තුන් ඉරියව් ක්‍රීඩකයා - තනුක දාබරේ


අන්තර් ක්‍රීඩා සමාජ - ප්‍රධානතම පළමු පෙළ තරගාවලිය 
ශූරයෝ - බ්ලූම්ෆීල්ඩ් ක්‍රිකට් සමාජය
අනුශූරයෝ - එන්.සී.සී. ක්‍රිකට් සමාජය
විශිෂ්ටතම පිතිකරුවා - සහන් කෝසල
විශිෂ්ටතම පන්දු යවන්නා - දිලුම් සුධීර
තරගාවලියේ වීරයා - රවිඳු ප්‍රනාන්දු


අන්තර් ක්‍රීඩා සමාජ - ප්‍රධානතම ආරාධිත තරගාවලිය 
ශූරියෝ - හලාවත මේරියන්ස් ක්‍රීඩා සමාජය
අනුශූරියෝ - යුද හමුදා ක්‍රිකට් සමාජය
විශිෂ්ටතම පිතිකාරිණිය - හර්ෂිතා සමරවික්‍රම
විශිෂ්ටතම පන්දු යවන්නිය - රශ්මි සිල්වා
තරගාවලියේ දක්‍ෂතම ක්‍රීඩිකාව - නිලක්‍ෂි ද සිල්වා


විශිෂ්ටතම තරග නිලධාරීන් 
වසරේ විශිෂ්ටතම විනිසුරුවරයා - චාමර ද සොයිසා
වසරේ විශිෂ්ටතම තරග තීරක - ප්‍රදීප් ජයප්‍රකාශ්

 

 

වසරේ දක්ෂතම විස්සයි-20 පිතිකාරිණිය චමරි අතපත්තු

 

වසරේ දක්ෂතම විස්සයි-20 පන්දු යවන්නිය චමරි අතපත්තු

 

වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩිකාව චමරි අතපත්තු

 

වසරේ දක්ෂතම එක්දින පිතිකාරිණිය ක්‍රීඩිකාව චමරි අතපත්තු

 

වසරේ දක්ෂතම එක්දින පන්දු යවන්නිය කවීෂා දිල්හාරි

 

වසරේ දක්ෂතම එක්දින තුන් ඉරියව් ක්‍රීඩිකාව චමරි අතපත්තු

 

වසරේ දක්ෂතම විස්සයි-20 පිතිකරුවා කුසල් මෙන්ඩිස්

 

වසරේ දක්ෂතම විස්සයි-20 පන්දු යවන්නා වනිඳු හසරංග

 

වසරේ දක්ෂතම විස්සයි-20 තුන් ඉරියව් ක්‍රීඩකයා වනිදු හසරංග

 

වසරේ දක්ෂතම ටෙස්ට් පිතිකරුවා කමිඳු මෙන්ඩිස්

 

වසරේ දක්ෂතම ටෙස්ට් පන්දු යවන්නා ප්‍රභාත් ජයසූරිය

 

වසරේ දක්ෂතම ටෙස්ට් තුන් ඉරියව් ක්‍රීඩකයා ධනංජය ද සිල්වා

 

වසරේ නැගී එන ක්‍රීඩකයා ජනිත් ලියනගේ

 

වසරේ ක්‍රිකට් ක්‍රීඩිකාව චමරි අතපත්තු

 

වසරේ ක්‍රිකට් ක්‍රීඩකයා කමිඳු මෙන්ඩිස්

 

(ඡායාරූප - ළහිරු හර්ෂණ)


අදහස් (0)

කමිඳු - ප්‍රභාත් ටෙස්ට් සම්මාන දිනති

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.