Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd
ඕස්ට්‍රේලියාව සහ නවසීලන්තය අතර පර්ත්හිදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය (14 වැනිදා) නිමාවට පත්වන විට පන්දුවට පහර දෙමින් සිටි ඕස්ට්‍රේලියානු කණ්ඩායම සිය දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 6 ක් දැවී ලකුණු 167 ක් ලබා සිටියේය.
ඒ අනුව ඕස්ට්‍රේලියානු කණ්ඩායම තවත් කඩුලු 4 ක් අතැතිව නවසීලන්ත කණ්ඩායමට වඩා ලකුණු 417 ක් ඉදිරියෙන් සිටි අතර තරගය නතර කරන විට මැතිව් වේඞ් ලකුණු 8 ක්ද, පැට් කමින්ස් එක් ලකුණක්ද ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.
මුලු ලකුණු සංඛ්‍යාව 44 ක් වන විට ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස ඩේවිඩ් වෝනර් ලකුණු 19 කට දැවී ගියේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ ටොම් බ්ලන්ඩල් අතට උඩ පන්දුවක් දෙමිනි. වෝනර්ගේ දැවී යෑමෙන් අනතුරුව මානස් ලැබුස්චේන් (50) සමග එක්වූ ජෝ බර්ස් (53) දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 87 ක සම්බන්ධතාවක් ගොඩනැගූවේය.
නීල් වැග්නර්ගේ පන්දුවක් හමුවේ මිචෙල් සෑන්ට්නර් අතට උඩ පන්දුවක් දෙමින් ලැබුස්චේන් දැවී යෑමත් සමග එම සම්බන්ධතාව නිමාවට පත් වූ අතර ඉන් අනතුරුව ලකුණු පුවරුවට තවත් ලකුණු 17 ක් එක්වන විට බර්න්ස්ටද පිටියෙන් ඉවත්ව යෑමට සිදුවූයේ ටිම් සවුතිගේ පන්දුවක් හමුවේ හෙන්රි නිකෝල්ස් අතට උඩ පන්දුවක් දීම හේතුවෙනි.
ලැබුස්චේන්ගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකයට හතරේ පහර 3 ඇතුළත් වූ අතර බර්න්ස්ගේ 6 වැනි ටෙස්ට් අර්ධ ශතකය හතරේ පහර 6 කින් සමන්විත විය. නීල් වැග්නගේ පන්දුවක් හමුවේ ජීත් රාවල් අතට උඩ පන්දුවක් දෙමින් දැවීයන විට හතරේ පහර 3 ක් සමග ස්ටීවන් ස්මිත් ලබා සිටියේ ලකුණු 16 ක් පමණි.
ට්‍රැවීස් හෙඞ්ටද වැඩි වේලාවක් කඩුල්ලේ රැදී සිටීමට සවුති ඉඩක් ලබා නොදුන් අතර කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් අතට උඩ පන්දුවක් දෙමින් හෙඞ් ලකුණු 5 කට දැවී ගියේය. නායක ටිම් පේන් ලකුණු නොලබාම දැවී ගියේද සවුතිගේ පන්දුවක් කඩුල්ලේ වැදීමෙනි.
දෙවැනි දිනය වූ ඊයේ (13 වැනිදා) තරගය නතර කරන විට කඩුලු 5 ක් දැවී ලකුණු 109 ක් ලබා සිටි නවසීලන්ත කණ්ඩායමට අද දිනයේදී සිය පළමු ඉනිමට අලුතින් එක්කරගත හැකි වූයේ තවත් ලකුණු 57 ක් පමණි. දක්ෂ පන්දු යැවීමක නිතර වූ මිචෙල් ස්ටාක් ලකුණු 52 කට කඩුලු 5 ක් දවාගනිමින් නවසීලන්ත ඉනිම අඩ පණ කළේය.
සෙසු පිතිකරුවන් එකා පිට එකා දැවී යද්දී එක් අන්තයක් රැකගෙන පන්දුවට පහරදුන් රොස් ටේලර් හතරේ පහර 9 ක් සමගින් ලකුණු 80 ක් රැස්කළේය. නායක කේන් විලියම්සන් (34) සමග එක්ව දෙවැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 75 ක සම්බන්ධතාවක් ගොඩනැගීමටද ටේලර් සමත් විය. නේදන් ලයන්ගේ පන්දුවක් හමුවේ ස්ටීවන් ස්මිත් අතට උඩ පන්දුවක් දෙමින් ඔහු නවසීලන්ත ඉනිමේ 7 වැනි කඩුල්ල ලෙස දැවී ගියේය.
ඕස්ට්‍රේලියානු පළමු ඉනිම - සියලු දෙනා දැවී 416
(ඩේවිඩ් වෝනර් 43, මානස් ලැබුස්චේන් 143, ස්ටීවන් ස්මිත් 43, ට්‍රැවිස් හෙඞ් 56, ටිම් පේන් 39, පැට් කමින්ස් 20, මිචෙල් ස්ටාර්ක් 30, නීල් වැග්නර් 92/4, ටිම් සවුති 93/4)
නවසීලන්ත පළමු ඉනිම - සියලු දෙනා දැවී 166
(කේන් විලියම්සන් 34, රොස් ටේලර් 80, කොලින් ඩි’ග්‍රෑන්ඞ්හෝම් 23, මිචෙල් ස්ටාර්ක් 52/5, නේදන් ලයන් 48/2)
ඕස්ට්‍රේලියානු දෙවැනි ඉනිම - කඩුලු 6 ක් දැවී 167
(ඩේවිඩ් වෝනර් 19, ජෝ බර්න්ස් 53, මානස් ලැබුස්චේන් 50, ස්ටීවන් ස්මිත් 16, ටිම් සවුති 63/4, නීල් වැග්නර් 40/2)
-036
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.