Last Update  :  2025-07-26 19:52:00 About Contact
Follow Us -
IMG-LOGO
නිවස්න පිටුව Top story ඕස්ට්‍රේලියාවට ගිය 20 න් 18 ක් ඉන්දියාවට

ඕස්ට්‍රේලියාවට ගිය 20 න් 18 ක් ඉන්දියාවට

editorial - 2022 පෙබ මස 21 {{hitsCtrl.values.hits}} Views 0 Comment
A A A

(දමින්ද විජේසූරිය)
ඉන්දීය කණ්ඩායම හමුවේ පැවැත්වෙන තරග තුනකින් සමන්විත විස්සයි-20 තරගාවලිය සඳහා ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ කණ්ඩායමම රඳවා ගැනීමට ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුව තීරණය කර තිබේ. ඕස්ට්‍රේලියාවේ සංචාරය කළ කණ්ඩායමේ සිටි අවිශ්ක ප්‍රනාන්දු, නුවන් තුෂාර සහ රමේෂ් මෙන්ඩිස් තුවාල ලැබීම හේතුවෙන් එම ක්‍රීඩකයන් ඉන්දීය සංචාරයෙන් ඉවත් කර තිබේ.

ඉන්දීය සංචාරයට ටෙස්ට් තරගාවලියත් ඇතුළත් වන බැවින් රමේෂ් මෙන්ඩිස් වෙනුවට ශ්‍රී ලංකා 19 න් පහළ පිල නියෝජනය කළ පිට දඟ පන්දු යවන්නකු වන අෂීන් ඩැනියෙල් ජාතික කණ්ඩායමට කැඳවා තිබේ. ඒ අනුව ඉන්දීය සංචාරයට ඇතුළත් ක්‍රීඩක සංඛ්‍යාව 18 කි.
 
ඉදිරිපෙළ පිතිකරු අවිශ්ක ප්‍රනාන්දු පසුගියදා දණහිසේ ආබාධයකට ලක්විය. ඔහුගේ දණහිසේ ආබාධය තරමක් බරපතළ එකක් වන බැවින් මාස 3 කට ආසන්න කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්වී සිටීමට සිදුවන බව ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීහු කියති. අවිශ්ක ප්‍රනාන්දු සමග ආබාධයන්ට ලක්ව සිටින නුවන් තුෂාර (ඇලපතේ ආබාධයක්) සහ රමේෂ් මෙන්ඩිස් (ඇඟිල්ලේ අස්ථි පිපිරීමක්) දෙදෙනා නැවතත් ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇත.


ඉන්දීය සංචාරය සඳහා වන විස්සයි-20 සංචිතය
දසුන් ශානක (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිස්සංක, කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, ධනුෂ්ක ගුණතිලක, කමිල් මිෂාර, ජනිත් ලියනගේ, වනිඳු හසරංග, චාමික කරුණාරත්න, දුෂ්මන්ත චමීර, ළහිරු කුමාර, බිනුර ප්‍රනාන්දු, ෂිරාන් ප්‍රනාන්දු, මහීෂ් තීක්‍ෂණ, ජෙෆ්රි වැන්ඩසේ, ප්‍රවීන් ජයවික්‍රම සහ අෂීන් ඩැනියෙල්

 


අදහස් (0)

ඕස්ට්‍රේලියාවට ගිය 20 න් 18 ක් ඉන්දියාවට

ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.